"කාල් මාක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්‍රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.මෙම කෘතිය මගින් ඉතිහාසය නිර්මාණය කරන්නේ තෝරාගත් පුද්ගලයන් විසිනි යන බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප නිශේදනයට ලක් කරමින් ඉතිහාසයේ සැබෑ නිර්මාපකයන් වන්නේ එක් එක් පුද්ගල වීරයන් නොව පොදු ජනතාව බව මාක්ස් හා එංගල්ස් පෙන්වාදෙයි.1845 පෙබරවාරි මාසයේදී මාක්ස් බ්‍රසීලය බලා පිටත්වන අතර එහිදී පොත් කිහිපයක් ලියාපළකරයි.විද්‍යාත්මක සමාජවාදයේ උප්පැන්න සහතිකය ලෙස සැළකෙන කොමියුනිස්ට් ප්‍රකාශනය මෙහිදී එළිදක්වයි.මෙම කම්යුනිස්ට් ප්‍රකාශනය තුල සමාජ ඉතිහාසය හා පංති අරගලවල ඉතිහාසය අවධාරණය කරයි.මාක්ස් නැවත 1849 ජූලි මාසයේදී එංගලංතය බලා පිටත්වේ.ඔහු මියයන තුරුම රැදී සිටියේ එංගලංතයේ ලන්ඩන් නගරයේය.එන්ගලන්තයේ ගතකරන කාලයේදී ඔහුට දැඩි ආර්ථික අපහසුතාවන්ට ලක්වීමට සිදුවිය.1846 දී කාණ්ඩ දෙකකින් යුක්තව ලියා අවසන්කළ ජර්මන් සංකල්ප විද්‍යාව කෘතිය පළකර ගැනීමට ප්‍රකාශකයෙකු සොයාගැනීමටවත් වත්කමක් නොවූයෙන් ඔහු එය මීයන්ගේ සපාකෑමට ඉඩහැරි බව තම හොදම මිතුරාවූ එංගල්ට ලියා යැවීය.සුප්‍රකට ප්‍රාග්ධනය කෘතිය රචනා කරන අවධියේද මාක්ස් දැඩි ආර්ථික දුශ්කරතාවලින් පීඩාවීසිටි බව එංගල්ස් වෙත ලියූ ලිපිවලින් පෙනීයයි.
 
== පවුල ==
== පෞද්ගලික ජීවිතය ==
කාල් මාක්ස් හා ඔහුගේ බිරිඳ ජෙනි වොන් වෙස්ට්පාලන්ට දරුවන් හත් දෙනකුවිය.එයින් තුන් දෙනකු පමණක් වැඩිවියට පැමිණෙනතුරු ජීවත්විය අනෙත් හතර දෙනාම කුඩා අවධියේම මියගියේය.එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට ඇතිවූ දැඩි ආර්ථික දුශ්කරතායි.ජෙනී කැරොලින් (1844-1883),ජෙනී ලවුරා (1845-1911),එඩ්ගා (1847-1855),හෙන්රි එඩ්වට් (1849-1850),ජෙනී එවෙලිනා (1851-1852),ජෙනී ජූලියා (1855-1898) යන දරුවන් හය දෙනකු හා තවත් එක් දරුවකු නම් තැබීමට පෙරම මියගියේය.මීට අමතරව මාක්ස් ගේ මෙහෙකාරියකවූ හෙ ලේනා දෙමුත් ගේ ප්‍රෙඩී නම් දරුවා ගේ පියා මාක්ස් බව සඳහන්වේ.
 
මාක්ස් නිතර ව්‍යාජ නාමයන් ගෙන් පිනීසිටිමින් නිවෙස්වල කුලියට සිට ඇත.වරක් මාක්ස් තම මිතුරෙකුට මෙසේ ලියා යැවීය.˘පිස්කල් නිරධාරින් දෙදෙනකු සමග පැමිණි ගෙවල් අයිතිකාරිය අැඳ පුටු යනාදිය හා යට ඇඳුම් ගවුම් ද මගේ අත දරුවාගේ තොටිල්ලද දූවරුන් දෙදෙනා හඬවමින් හොඳ සෙල්ලම් බඩුද ලේඛනගත කළාය.˘පසුදින අපට ඒම නිවස අතහැර යාමට සිදුවිය යනුවෙන් මාක්ස් ලියා යැවීය.මෙයින් ඔවුන් පත්ව සිටි අසරණ බව හා දර්ද්‍රතාවය පැහැදිළි වෙයි.
 
1880 දී මාක්ස්ගේ බිරිඳට අක්මාවේ පිළිකාවක් වැළඳී තිබුන බව සොයා ගැනුණි.පසුව ඇය 1881 දෙසැම්බර් 2 වන දින මියගියාය.මාක්ස්ගේ වැඩිමහල් දියණියද 1883දී මියගියාය.මියයනවිට ඇගේ වයස අවුරුදු 38ක් විය.
== සෙෘඛ්‍ය ==
මාක්ස් නිරන්තරයෙන් විවිධ රෝගාබාධවලින් පෙළුනබව සඳහන්වේ.දැඩි ලෙස මනස වෙහෙසා වැඩකිරීම නිදිමැරීම පොත්පත් කියවීම හා පොත්පත් ලිපි ලිවීම ආදිය හා දැඩි දරිද්‍රතාවය නිසා හරිහැටි අහරක් නොගැනීම ආදී පිඩාකාරී දිවියක් ගෙවීම නිසා ඔහුට නිතර හිසේ කැක්කුම,ඇස් දැවිල්ල,වමනය,අැඟපත වේදනාව ආදියෙන් පිඩාවිඳ ඇත.
 
== මරණය==
"https://si.wikipedia.org/wiki/කාල්_මාක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි