"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
 
===මුද්දර පනත (1765) සහ එය අවලංගු කිරීම===
1763න් පසුව බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දෙන ලද නව අණ පනත් හා බදු වර්ගවලට එරෙහිව ඇතිවු විරෝධතා වලින් ජනපදවාසින් තුළ නිදහස් සටන සඳහා පෙළඹිමක් ඇතිවු බව පෙනේ. නව පනත් අතුරින් ප්‍රබල විරෝධයක් මතු වුයේ මුද්දර පනත සම්බන්ධයෙනි. එහි දි මුද්දර පමණක් නොව බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම දක්වා විරෝතා මතු විය. එවකට බ්‍රිතාන්‍යෙයේ පැවැති සම්ප්‍රදාය අනුව බදු පැනවීමේ බලය හිමිවුයේ මහජක නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වෙතටය. එහෙත් ඇමෙරිකානු ජනපද වෙනුවෙන් කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවු බැවින් තම ජනපද වෙනුවෙන් බදු පැනවීමේ කිසිදු බලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව නොමැති ජනපදවාසින් අතර මතයක් ඇතිවිය. එම මතය ඇමෙරිකාව පුරා ප්‍රචලිත වු අතර නියෝජිතයන් නැතිනම් බදුත් නැත යන සටන් පාඨයක් බිහිවිය. එය ඇමෙරිකානු නිදහස් සටනේ තේමා පාඨය බවට පත්විය. මුද්දර පනතට ඇතිවු ප්‍රබල විරෝධය නිසා බ්‍රිතාන්‍ය රජය විසින් එය අවලංගු කරන ලදී
 
===ටවුන්සෙන්ඩ් පනත් (1767)===
===බොස්ටන් තේ සාදය (1773 දෙසැ. 16 දින)===
1773දී බ්‍රිතාන්‍ය පැනවු පනතකින් ඇමෙරිකානු ජනපද වලට තේ සැපයීම පිළිබඳ අයිතිය එක් සමාගමකට පැවරිණ. මේ නිසා ඇමෙරිකානු වෙළෙදුන්ගේ සම්ප්‍රදායික තේ වෙළඳාමට පහර වැදුණි. මෙමගින් කුපිත වු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගමේ තේ ගොඩබෑම සඳහා අවහිර කළහ. 1773 දෙසැම්බර් 16 වන දින බොස්ටන් වරායේ නවතා තිබු තේ නැවකට වෙස්වළාගෙන ඇතුළු වු බොස්ටන් වැසියෝ එහි තිබු තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළහ. බොස්ටන් තේ සාදය නමින් ප්‍රසිද්ධ මෙම සිදුවීම ඇමෙරිකානු විප්ලවයේ ආරම්භය ලෙස සැළකේ. මෙයට ප්‍රතිචාර වශයෙන් තේවල වන්දිය ගෙවන තෙක් බොස්ටන් වරාය වසාදැමීමට බ්‍රිතාන්‍යයෝ කටයුතු කළහ.
 
===ප්‍රථම මහද්වීපික සම්මේලනය (1774)===
විවිධ නිතීරිතී පනවමින් ජනපදවාසීන්ගේ අදහස් නොතකමින් ජොර්ජියා මැසචුසෙට්ස් වැනි ජනපද වල පාලන ප්‍රතිසංවිධානය කිරීමටද පියවර ගැනුණි. බ්‍රිතාන්‍ය අනුගමනය කළ මර්දනකාරි පිළිවෙත නිසා කෝපයට පත් ජනපදවාසින් 1774 දී පිලඩෙල්පියා නගරයට රැස්ව සම්මේලනයක් පැවැත්වුහ. ඇමෙරිකානු විප්ලවීය ඉතිහාසයේ ප්‍රථම මහද්වීපික සම්මේලනය ලෙස සැළකේ.
 
===නිදහස ප්‍රකාශ කිරීම (1776 ජුලි 4 දින)===
බ්‍රිතාන්‍ය හමුදා වලට මුහුණ දීමට පසුබිම සකස් කරගත් පසුව ජනපදවල ඒකාබද්ධ නියෝජිත සභාව 1776 ජුලි 04 වැනි දින ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනය ප්‍රකාශයට පත්කළේය. එම ලියවිල්ලෙන් උපතින්ම මිනිසා සතු  අහිමිකළ නොහැකි අයිතිවාසිකම් රැසක් ඇති බවත්, ඒවා ආරක්ෂා කර ගැනීමට මිනිසා ආණ්ඩු පිහිටුවන බවත්, ඇමෙරිකාව යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වු නිදහස් රටක් බව ප්‍රකාශයට පත්විය. මීට එකඟ නොවු බ්‍රිතාන්‍යයෝ ඊට එරෙහිව සටන් ආරම්භ කළ අතර ගැටුම් වසර කිහිපයක් යනතුරු පැවතිණ
 
===යුද්ධය===
මුල් වසර දෙක තුළ බ්‍රිතාන්‍ය හමුදා ජයග්‍රහණය ලැබුවත් පසුව සිදුකළ සටන් වලදී අසාර්ථක විය. දෙපක්ෂය අතර සටන් වලදී ඇමෙරිකාවේ සහයට ප්‍රංශය එකතු වු අතර පසුව ස්පාඤ්ඤය සහ ඕලන්දය එකතු වු අතර සටන බ්‍රිතාන්‍යයට අවාසිදායක තත්වයට පත්විය. ඇමෙරිකාවේ සිදුවු සටන් වලින් පරාජයට පත්වීම නිසා බ්‍රිතාන්‍ය විසින් 1783දී  සාම සාකච්ඡා වලට යොමු විය.  ඒ අනුව 1783 දී අත්සන් කළ පැරිස් සාම ගිවිසුමෙන් ඇමෙරිකාව නිදහස් ස්වාධින රටක් ලෙස පිළිගන්නා ලදී. පසුව 1789දී නව ව්‍යවස්ථාවක් ඇමෙරිකානු ජනපදවාසීන් විසින් සම්මත කරගත් අතර එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් වොෂීන්ටන් පත්විය. මෙම ව්‍යවස්ථාව ලොව ප්‍රථම ලිඛිත සංධිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැළකේ.
 
===යුද්ධයේ ප්‍රතිඵල===
ඇමෙරිකා එක්සත් ජනපදය නමින් ස්වාධින රාජ්‍යයක් බිහිවිය. එමෙන්ම සමස්ත මානව සංහතියට නිදහස පෙන්වා දුන් අවස්ථාවක් වීම, ලොව පුරා මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් ඇතිවීම, ලෝකයේ ප්‍රථම ලිඛිත සංධිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීම වැනි ප්‍රථිපල මෙම යුද්දය මගින් ඇතිවිය.
 
===මුලාශ්‍ර===
ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (සිංහල පරිවර්තනය - මහාචාර්ය මාලනී ඇඳගම)
 
11 ශ්‍රේණියේ ඉතිහාස පොත (ගයාන් කුමාර මධුෂංක)
[[ප්‍රවර්ගය:ඇමරිකාව]]
[[ප්‍රවර්ගය:ඇමරිකානු ඉතිහාසය]]
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි