"භාවනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බෞද්ධ භාවනා
1 පේළිය:
{{දියුණු කරන්න}}
[[ගොනුව:Der ehrwuerdige sayadaw.jpg|alt=භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්|thumb|භාවනා ආසනයේ වැඩ සිටින සුප්‍රසිද්ධ මහාසී සයාඩෝ හිමියන්]]
සිත පුහුණුකිරීම '''භාවනාකිරීම''' නම්වේ. විවිධ ආගම් සහ දර්ශණවල විවිධ භාවනා ක්‍රම පිළිබඳව විස්තර දක්නට ලැබේ. භාවනාව කෙරෙහි වැඩි  අවධාරණයක් දැක්වන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා භාවනා පුහුණුවට වැඩි ක්‍රියාකාරී සහභාගිත්වයක් දක්වනු ලබන්නේ බෞද්ධ ප්‍රජාවයි. <ref>[https://www.vipassana.com/ Vipassana]</ref> <ref>[[wikipedia:Vipassanā|Vipassana in English Wikipedia]]</ref> <ref>[https://www.lionsroar.com/how-to-practice-vipassana-insight-meditation/ How to Practice Vipassana]</ref>
 
== බෞද්ධ භාවනා ==
සිත පුහුණුකිරීම '''භාවනාකිරීම''' නම්වේ.
 
==විවිධ ආගම් සහ දර්ශණවල==
===බුද්ධාගම===
{{main|බෞද්ධ භාවනා}}
 
Line 11 ⟶ 10:
බෞද්ධ භාවනා යනු තථාගත ධර්මය ඉගෙනගෙන, මතකයේ ඇති ධර්ම කොටස් තමන්ගේ උදාහරණ සහිතව මෙනෙහි කර අවබෝධ කරගැනීමටය. එසේ සමුදය වය දැකීමෙන් ලැබෙන සමාධියට ආර්ය සමාධිය කියනු ලැබේ. භාවනා වඩන විට මුල් කාලයේ දී විනාඩි කිහිපයක් වුව ද භාවනා කිරීම ප්ර මාණවත් වන අතර ඉන්ද්රි්ය වැඩිම නිසා කලක් යන විට ප්රීණතිය සුඛය සහිත සමාධීන් ලැබීමෙන් වැඩි වේලාවක් භාවනා වැඩිය හැක. භාවනාව හිඳින සිටින සක්මන් කරන නිදන ඕනෑම ඉරියව්වක කළ හැකිය. කලක් භාවනා කරණ විට ප්රීසතිය සුඛය ගලන සමාධීන් (ධ්යාදනයන්) ඇති වී ඇති වී අනිත්යල දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය අවබෝධයෙන් ධර්මාවබෝධය ලැබිය හැක.
 
=== '''පංච උපාදානස්කන්ධය යනු කුමක් ද?''' ===
 
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියලා උපාදානයට බඳුන් වෙන ස්කන්ධයන් පහක් තියෙනවා. සත්වයා කියලා හඳුන්වන්නේ මේ ස්කන්ධ පහට. උපාදාන කියන්නේ දැඩිව ගැනීම කියන අර්ථයෙන්. සංඛිත්තේන පංචූපාදානස්කන්ධා දුක්ඛා. මේ ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ දුක් කඳු පහක පහළ වීමට යි.
 
Line 29 ⟶ 27:
මගේ කය, මගේ දුව පුතා ආදී වශයෙන් රෑපය මමය මගේය කියලා දැඩිව අල්ලාගෙන ඉන්නවා නම් රෑප උපාදානස්කන්ධයක් වෙනවා. ඒවාගේම මගේ සැපය, මගේ දුක ආදී වශයෙන් වේදනාව උපාදාන කරන විට වේදනා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ හැඳිනීම, මගේ මතකය, මගේ උගත් කම ආදී වශයෙන් සංඥාව උපාදාන කරන විට සංඥා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ පින, මගේ පව, මගේ රැකියාව, මගේ ලෝභය, මගේ ද්වේෂය, මගේ ප්ර්ඥාව, මගේ සතිය ආදී වශයෙන් සංස්කාර උපාදාන කරන විට සංස්කාර උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මට පේනවා, මට ඇසෙනවා, මම රස විදිනවා, මට දැනෙනවා ආදී වශයෙන් උපාදාන කරන විට විඤ්ඤාණ උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මේ ආකාරයට අපි ධර්මයක් මෙනෙහි නොකරන, භාවනාවක් නොකරන සෑම අවස්ථාවකම අවිද්යාාවත් තෘෂ්ණාවත් නිසා පංච උපාදානස්කන්ධයන් සකස් කරගන්නවා. ඒ ඒ ස්කන්ධයන් මොනවා දැයි මතකයේ තබාගෙන කාලයක් මෙනෙහි කරන විට පංච උපාදානස්කන්ධයන් පිලිබදව මනා අවබෝධයක් ලැබෙනවා. රාග ද්වේෂ මෝහ වැනි ක්ලේෂයන් අඩු විමක් ද අත්දැකිය හැකියි. විදර්ශනාව යනු පංච උපාදානස්කන්ධයන් අනිත්යව දුක්ඛ අනාත්ම අශුභ අසාර වශයෙන් යෝනිසෝ මනසිකාරය කිරීමයි, නුවනින් විමසීමයි. එය කළ යුතු අන්දම කෙටියෙන් විමසා බලමු,
 
=== '''1. අනිච්චානුපස්සනාව''' ===
 
1). දුක්ඛාර්ය සත්ය ය පිලිබද අවබෝධයක් ඇති වීමට, සිතේ සමාධියක් ඇති වීමට, ජාති ජරා ව්යා ධි මරණ දුක්ඛය කෙටියෙන් හෝ මෙනෙහි කරන්න. අපායේ ඉපදීම දුකක්. තමන් අපායේ ඉපිද ඇති බව ඇති පිළිගෙන තියුණු හුල් වලින් ඇනීම, අත්පා කැපීම, මස් ගැලවීම, ලෝදිය පෙවීම වැනි දුක් වලට තමා පත් වී ඇති බව මෙනෙහි කරන්න. ප්රේ්ත ලෝකයේ ඉපිද ගින්නෙන් පිච්චෙමින් අසූචි මළමුත්රා ආදිය අනුභව කරමින් අවුරුදු දහස් ගනන් දුක් වින්ද බව මෙනෙහි කරන්න. තිරිසන් අපායේ ඉපිද ගවයින් වැනි සතුන් වෙලා ජීවිත කාලයම බර වැඩ අරගෙන මැරූ අවස්තා වල ගලා ගිය ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩි බව මෙනෙහි කරන්න. මිනිසෙකු වශයෙන් ඉපිද කුඩා කල හෙලවෙන්නට වත් කථා කරන්නටවත් බැරිව දුක් වින්ද හැටි, ඉගෙනගන්න, රැකියාවල් කරන්න දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. අකීකරු දරුවන් ස්වාමි භාර්යාවන් නිසා දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. නොයෙක් රෝග වැළදී දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. පිළිකා අපස්මාර මොලේ ගෙඩි වකුගඩු රෝග වැනි දරැණු ලෙඩ තමාටත් ඕනෑම වෙලාවක හැදෙන්න පුළුවන් බව සිතන්න. වයසට ගිහින් ඉන්ද්රිබයයන් දුබලව එක්තැන්ව අවුරුදු ගණන් දුක් විදින්නට සිදු විය හැකි බව සිතන්න. දෙවියන්ට බොහෝ කල් ආයුෂ ඇති නමුත් දෙව්ලොව ද දුක් ඇත. දෙවියන් ද රාග ද්වේෂ මෝහ ගිණි වලින් දැවේ. දෙවියන්ට ද නොයෙක් රාජකාරීන් පැවරේ ඒවායින් වෙහෙසට පත් වූ විට දෙවියන් සුවදක් ආඝාණය කර මත් වේ. මත් වෙන්නේ දුක නිසාය. බඹලොව ද දුකකි. බ්රිහ්මයින්ට ද සෑම විටම ධ්යාසනයෙන් සිටීමට බැරි නිසා දෝමනස්සය ඇති වේ. බ්රයහ්මයින් ද චුත වී අපායට තිරිසන් ලෝකයට වැටේ. මෙසේ කෙටියෙන් දුක්ඛය මෙනෙහි කරන්න. (සතර අපායෙන් මිදීමට නම් චතුරාර්ය සත්යෙ අවබෝධ කර සෝවාන් ඵලයකට හෝ පත් විය යුතුය.)
 
Line 51 ⟶ 48:
ජාති ජරා ව්යානධි දුක්ඛය කෙටියෙන් මෙනෙහි කරන්න. මරණ සතිය වඩන්න. සමුදය හෙවත් මනවඩනා රූපයන්ගේ සතුට සෙවීම නිසා මළ මිණියක් වැනි කුණු කයක් හටගන්නා හැටි මෙනෙහි කරන්න. අස්ථංගමය හෙවත් මනවඩනා රෑපයන්ගේ සතුට නොසෙවීම නිසා කුණ කය කවදා හෝ නිරෝධ වෙන හැටි මෙනෙහි කරන්න. අවසානයේ දී මේ දුක්ඛය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසූ විට තණ්හාව භවය වැනි පිළිතුරු ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වේ.
 
=== '''2. ධාතු මනසිකාර භාවනාව''' ===
 
ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්රකව්ය් කියන අර්ථයෙන්. ධාතු මනසිකාරය වැඩිමෙන් අනත්ත හෙවත් තමාගේයයි කිසිවක් ගත නොහැකි බව අවබෝධ වෙනවා. අනත්තානුපස්සනාව වැඩේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියා ධාතු සයක් තිබෙනවා. පඨවි කියන්නේ තද ගතියට. ආපෝ කියන්නේ ඇලෙන වැගිරෙන ස්වභාවයට. තේජෝ කියන්නේ උෂ්ණත්වයට. වායෝ කියන්නේ සෙලවෙන ස්වභාවයට. හැම වස්තුවකම ධාතු සතරම තිබෙනවා. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි බව අනුව විවිධාකාර වස්තූන් ඇති වෙලා තියෙනවා.
Line 87 ⟶ 83:
තමන් කළ දානමය පුණ්‍යක්‍රියා මෙනෙහි කරන්න. ඊලගට, ධාතු මනසිකාරය වඩන්න. කයේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතූන් බාහිර අසූචි වැනි පිළිකුල් දෙයක් සමග සංසංන්දනාත්මකව මෙනෙහි කර තමා නොවන බව අවබෝධ කරගන්න. සුභයි සුඛයි මගේ කියා ගැනීම නිසා ඇති වෙන මුසාවට ලැජ්ජා වෙනවා පිළිකුල් කරනවා යයි එය පහ කරන්න. නිවන පමණයි සත්යක යනුවෙන් සච්චාදිට්ඨානය මෙනෙහි කරන්න. අප්රකමාණව මෙත්තාව පතුරවන්න.
 
=== '''3. ආහාර සතර සහ දුක්ඛය''' ===
 
කබලිංකාරාහාර, ඵස්සාහාර, මනෝසංචේතනාහාර, විඤ්ඤාණාහාර කියා තණ්හාව නිසා හටගන්නා ආහාර වර්ග සතරක් තියෙනවා. ඵලයක් හෙවත් සසර පැවැත්මක් ඇති කරන නිසා ආහාර කියනවා.
කබලිංකාරාහාර කියන්නේ මනවඩනා රූපයන්ට. අප ගන්නා ආහාර, ස්ත්රීප පුරුෂ රූප, ලස්සන බබාලා, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගස් වැල්, මනවඩනා ශබ්ද, ස්ඵර්ශ ආදී සියල්ල කබලිංකාරාහාර යි.
Line 152 ⟶ 147:
(කෙනෙක් සමග අමනාප වූ විට, දොස් අහන්නට ලැබුණු විට, කායික පීඩාවක් ඇති විට නැවත නැවත ඒ අරමුණටම සිත යන්නේ ද්වේෂ සල්ලය නිසාය.)
 
=== '''4. දුක්ඛ පටිපදා දන්දාභිඥාව''' ===
 
ඉහත කාරණා දහය, එනම් කබලිංකාරාහාරය නිසා ඇති වෙන ගැටලුවට පිළියම් වශයෙන් දුක්ඛ පටිපදා දන්ධාභිඥාව තථාගතයන් වහන්සේ විසින් තෙවෙනි පටිපදා සූත්රථයේ වදාළ සේක. තෙවෙනි පටිපදා සූත්රතයේ වදාළ ආකාරය ආහාරයේ පටික්කූලතා සංඥාව, අසුභ සංඥාව, මරණ සංඥාව ආදී භාවනාවන් පළමුව වැඩිය යුතු ය.
 
Line 211 ⟶ 205:
 
කාමයන්හි ගිජු බව නසා අසූචි මළ මුත්රාස පිරුණු මවු කුසකට නැවත නොපැමිණෙන්නට අධිෂ්ඨාන කරගන්න.
 
== ප්‍රසිද්ධ භාවනා ගුරුවරු ==
 
====== ශ්‍රී ලංකාව ======
* මාතර ඥානාරාම හිමි <ref>[https://en.wikipedia.org/wiki/Matara_Sri_Nanarama_Mahathera]</ref> <ref>[http://www.nissarana.lk/monastery-monks/]</ref>
* [[මීතිරිගල ධම්මාවාස මහ තෙරුන් වහන්සේ|මීතිරිගල ධම්මාවාස හිමි]]
* කටුකුරුන්දේ ඤාණනන්ද හිමි <ref>[https://en.wikipedia.org/wiki/Katukurunde_Nyanananda_Thera]</ref> <ref>[https://seeingthroughthenet.net]</ref>
* උඩඊරියගම ධම්මජීව හිමි <ref>[http://www.nissarana.lk/most-venerable-udaeriyagama-dhammajiva-maha-thero/]</ref>
 
====== ඉන්දියාව ======
* [['දීපා මා' සිසුන්ට දුන් අවවාද|දීපා මා]] <ref>[https://dipama.com]</ref>
* එස්. එන්. ගොයෙන්කා තුමා <ref>[https://en.wikipedia.org/wiki/S._N._Goenka]</ref>
 
====== තායි ලන්තය ======
* අජාන් මන් <ref>[https://www.accesstoinsight.org/lib/thai/mun/released.html]</ref> <ref>[https://www.buddhanet.net/pdf_file/acariya-mun.pdf]</ref>
* අජාන් චා <ref>[https://www.ajahnchah.org]</ref> <ref>[https://forestsangha.org/ajahn-chah/biography]</ref>
* අජාන් ලී ධම්මධරෝ <ref>[https://www.accesstoinsight.org/lib/thai/lee/inmind.html]</ref> <ref>[https://en.wikipedia.org/wiki/Ajahn_Lee]</ref>
 
====== බුරුමය ======
* මහාසී සයාඩෝ
* පණ්ඩිත සයාඩෝ
* චන්මායි සයාඩෝ
"https://si.wikipedia.org/wiki/භාවනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි