"හිරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing The_sun1.jpg, it has been deleted from Commons by Jcb because: Missing permission as of 11 February 2017 - Using VisualFileChange..
276 පේළිය:
== නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය ==
 
[[ගොනුව:The_sun1.jpgගොනු|thumb|පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කළ කැමරා කාචය තුලින් සුර්යයා දිස්වන අන්දම]]
සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ‍ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා ‍නොවේ. සූර්යයා දෙස ‍බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත ‍වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.
 
"https://si.wikipedia.org/wiki/හිරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි