"සුන්වොන් අගබිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''සුන්වොන් අගබිසව''' (순원왕후 김씨, 8 ජූනි 1789 – 21 සැප්තැම්බර් 1857) යනු [[කොරියාව|කොරියාවේ]] [[ජෝසුන්හි සුන්ජෝ රජ|ජොසොන්හි සුන්ජෝ රජුගේ]] [[අගබිසව]]යි. ඇය 1834–1841 සහ 1849–1852 යන කාලසීමාවන්හි උපරාජයකුඋප රාජයකු ලෙස කටයුතු කොට ඇත.
 
ඇය අන්දොං කිම් වංශයේ කිම් ජෝ-සුන් (김조순, 1765–1832)ගේ දියණියයි. ඇගේ මව සිම් වංශයේ (심씨) ආර්යාවකි.
 
1802දී, ඇයව [[ජෝසුන්හි සුන්ජෝ රජ|ජොසොන්හි සුන්ජෝ රජුට]] විවාහ කොට දෙන ලදී. ඇය ඔහුගේ පළමු සහ එකම අගබිසව වූවා ය. 1834දී ඇගේ සැමියා මියගිය හෙයින්, ඇය අට වියැති සිය මුණුපුරා වූ [[ජෝසුන්හි හොන්ජොං රජ|හොන්ජොං රජු]] වෙනුවෙන් උපරාජයාඋප රාජයා ලෙස කටයුතු කළා ය. රාජධානියේ දේශපාලන බලය ඇගේ පවුල වූ අන්දොං කිම් වංශය අත රැඳිණි. නමුත් 1840දී, එම බලය රජුගේ මවගේ පවුල වූ පුංග්යැං ජෝ වංශයට පත් වූයේ [[1839 කතෝලික හිංසා කිරීම|1839 කතෝලික හිංසා කිරීමෙන්]] පසුවයි.<ref>{{cite web|last=|first=|title=::: කල්චරල් හෙරිටේජ්, ද සෝස් ෆෝ කොරියන්ස්’ ‍ස්ට්‍රෙංත් ඇන්ඩ් ඩ්‍රීම් :::|url=http://jikimi.cha.go.kr/english/royal_palaces_new/Heonilleung.jsp?mc=EN_05_02_05|work=කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය|accessdate=2 සැප්තැම්බර් 2013|date=}}</ref> නමුත් ඇගේ මුණුපුරා 1849දී මිය යාමත් සමග, ඇය නැවත වරක් උපරාජයා (regent) බවට පත් විය.
 
1857 සැප්තැම්බර් 21වන දින කොරියාවේ, සෝල් හි, ජොංනෝ ගු පෙදෙසේ පිහිටි පංච මහා මාලිගාවලින් එකක් වූ [[චංදොක්ගුං|චංදොක් මාලිගය]] තුළ දී ඇය අවසන් හුස්ම හෙළුවා ය.
 
ඇයව මරණින් පසු "සුන්වොන් සුක් අධිරාජිනිය" (순원숙황후) යන ගෞරව නාමයෙන් හැඳින්විණිහඳුන්වනු ලැබිණි.
 
==දරුවන්==
[[ජෝසුන්හි සුන්ජොං රජ|ජොසොන්හි සුන්ජොං රජුට]] දාව සුන්වොන් අගබිසව දරුවන් පස්දෙනකුපස් දෙනකු බිහිකළා ය. ඇගේ වැඩිමහල් (සහ ජීවත් වූ එකම) පුත්‍රයා ඇතුළු ඔවුන් පස් දෙනා මෙසේ ය:
*[[කිරුළහිමි හ්යෝම්යොං කුමරු]] (효명세자, 1809–1830)<ref>ඔහුට "ඉක්ජොං" (익종) යන නාමය ලබාදෙන ලදී</ref>
*ම්යොංගොන් කුමරිය (명온공주, 1810–1832)
16 පේළිය:
*නොහඳුනන කුමරෙක් (1820–?)
*දොකොන් කුමරිය (덕온공주, 1828–1844)
 
===කිරුළහිමි හ්යෝම්යොං කුමරු===
 
සුන්වොන් අගබිසවගේ පුත් කිරුළහිමි හ්යෝම්යොං කුමරු උපත ලැබූයේ යි යොං යන උපන් නාමයෙන් යුතුවයි. ඔහුගේ මරණින් පසු ඔහුව මුන්ජෝ රජු යන මරණාපර නාමයෙන් හැඳින්විණි. ඔහු ජොසොන්හි සුන්ජෝ රජුගේ වැඩිමහල්ම පුත්‍රයා විය. ඔහුගේ බිසව පසුව සෙන්ජොං රැජින යන නාමයෙන් හැඳින්විණි. ඔහුගේ පුත්‍රයා පසුකලෙක හොන්ජොං රජ යන නාමයෙන් රජු බවට පත් විය. 1817දී, හ්යෝම්යොං කුමරුන්ව සුංක්‍යුන්ක්වාන් විශ්වවිද්‍යාලය වෙත ඇතුළත් කර ගැණිනි. 1819දී, ඔහුට ජොසොන් රාජ්‍යයේ කිරුළහිමි කුමරු යන පදවිය පිරිනැමිණි. සාහිත්‍යය සහ කලාව යන ක්ෂේත්‍ර කෙරෙහි විශිෂ්ඨ ප්‍රවීණයකත්වයක් දැක් වූ ඔහු, මාලිගයේ ඇතැම් නර්තන අංග කිහිපයක්ම නිර්මාණය කළ අතර, රජය පුරා රජුගේ ආධිපත්‍යය පැතිරවීම සහ බලාත්මක කිරීම සඳහා මාලිග සම්ප්‍රදායයන් සහ කලාවන් උපයෝගී කොට ගත්තේ ය. දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවකින් පසුව 1827දී කුමරු රාජ්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළේ ය. නමුත් ඉන් වසර තුනකට පසුව, එනම් 20 වන වියේ දී ඔහු මියගියේ ය. කුමරුන්ව අනුස්මරණය කිරීම සඳහා ඔහුගේ සොංග්‍යුංග්වාන්හි අධ්‍යයන කාලය නිරූපණය කිරීමට දර්ශන සයකින් යුක්ත වූ ඇල්බමයක් නිර්මාණය කෙරිණි. මෙය ජොසොන් රාජවංශයේ වාර්තා සිතුවම් අතුරින් එකක් ලෙස සැලකේ.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/සුන්වොන්_අගබිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි