"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත.
සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්‍රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය. ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු Codex on the Flight of Birds (1502) හී දක්වා ඇත.
 
1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි.
1856 දී ප්‍රංශ ජාතික ජින්-මාරී ලේ බ්‍රිස් විසින් "L'Albatros artificiel" නැමැති පළමු බලගන්වන ලද එන්ජිමක් රහිත ගුවන්යානය නිපදවු අතර එහි බල ප්‍රභවය වූයේ වෙරළ් යානය ඇඳගෙන ගිය අශ්වයෙකි.
ඇලෙක්සැන්ඩර් මෝසැසිකි විසින් පසුව ආකර්ශණීය ගුවන්යානා සැළැසුම් නිර්මාණය කර ඇති අතර 1883 දී ඇමෙරිකානූ ජාතික ජෝන් මොන්ට්ගොමෙරි පළමු එන්ජිමක් රහිත පාලනය කළ හැකි ගුවන්යානය නිපදවීමට සමත් විය. එහෙම සමකාළීන ගුවන් තාක්ෂණවේදීන් වූ ඔටෝ ලිලියන්තල්, පර්සි පිල්චර් හා ඔක්ටේව් චානුටේ ද සමාන තාක්ෂණයන් ගෙන් යූත් ගුවන්යානා නිපදවීමට සමත් වීය.

ශ්‍රීමත් හීරාම් මැක්සිම් බර ටොන් 3.5 හා තටු සමග පළල අඩි 110 (මීටර් 34) වූ අශ්ව බල 360 (කිලෝ වොට් 270) ක එන්ජින් දෙකක් මගින් හා ඒ දෙක මගින් බල ගැන්වෙන අවර පෙති දෙකක් සහිත ගුවන්යනයක් නිපදවීය. 1894 දී මෙය පළමු වරට රේල් පීලී මත තබා අත්හදා බලා ඇත. ඒ යානය ඉහළට එසවීම වැළැක්වීමටයී.මෙම පර්යෙෂණය මගින් ගුවන්යානයට ගුවන් ගත වීමට අවශ්‍ය බලය ඇති බව තහවුරු විය. නමුත් මෙම යානය පාලනය කල නොහැකි බව තේරුම් ගත් මැක්සිම් මේ පිළිබඳ ඔහුගේ පර්යෙෂණ අත්හැර දැමුවේය.
 
1890 දශකයේ දී ලෝරන්ස් හාග්‍රෙව් තටු ආකෘති පිළිබඳ අධ්‍යනය කර පෙට්ටියක හැඩය ගත් සරුන්ගලයක් නිර්මාණය කලේය. මෙයට මිනිසෙකු එසවීමට හැකිවිය.ඔහුගේ මෙම ආකෘතිය බොහෝ දෙනෙක් භාවිතා කර ඇත.මොහු භ්‍රමණ ගුවන් යානා එන්ජිමක් නිපදවා ඇති වුවත් තටු සහ එන්ජිමක් සහිත ගුවන්යානා නිපදවා නැත.
 
1867 ත් 1896 අතර ගුවන් තාක්ශණයේ පුරෝගාමීයෙකු වූ ජර්මන් ජාතික ඔටෝ ලිලියන්තල් එන්ජිමක් රහිත ගුවන්යානා දියුණු කර ඇති අතර සාර්ථකම එන්ජිමක් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම් හා වාර්තා කිරීම් කර ඇත්තේ මොහු විසිනි.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි