"රොඩී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
 
මේ රොඩී කුලය කවදා කෙසේ ආරම්භ වුයේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ගෙරි මස් කෑම එහි මුල පිරීමට හේතු වූ බව සමහරු පවසති. තවත් අයගේ මතයක් වන්නේ අතීතයේදී නීච නින්දිත අපරාධ කළවුන් රොඩී රැහැට දැමු වගය. සර් ජෝන් ඩොයිලිගේ ග්‍රන්ථ වලින්ද ඒ බව මොනවට පැහැදිලි වේ. දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි.
 
අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ. මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක.
 
==උප ගෝත්‍ර==
"https://si.wikipedia.org/wiki/රොඩී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි