"අපරාධය හා දඬුවම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නවකතා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
25 පේළිය:
 
'''අපරාධය හා දඬුවම''' ({{lang-rus|Преступлéние и наказáние|Prestupleniye i nakazaniye|prʲɪstʊˈplʲenʲɪɪ ɪ nəkɐˈzanʲɪɪ}}, {{lang-en|Crime and Punishment}}) යනු රුසියානු ලේඛක [[ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි]] විසින් රචිත [[නවකතාව]]කි. එය පළමුවරට 1866 දී [[W:en:The Russian Messenger|ද රෂියන් මැසෙන්ජර්]] නමැති සාහිත්‍ය සංග්‍රහයේ පළවූ අතර පසුව පොතක් ලෙස මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එය, දොස්තෙයෙව්ස්කිව [[සයිබීරියාව]]ට පිටුවහල් කරන ලදුව, එහි ගතකළ දස වසරකට පසු, නැවත පැමිණීමෙන් අනතුරුව ඔහු විසින් සම්පූර්ණ කරනු ලැබූ දෙවන නවකතාව විය. අපරාධය හා දඬුවම ලෝක සාහිත්‍යය තුළ අග්‍රගණ්‍ය ස්ථානයක ලා සළකනු ලබයි.
 
==කතා සාරාංශය==
රැස්කොල්නිකොව්, [[පීටර්ස්බර්ග්]] නුවර [[විශ්වවිද්‍යාලය]]ක [[අධ්‍යාපනය]] ලබන සිසුවෙකි. නමුත් [[මුදල්]] අගහිඟකම් නිසා කතාව ආරම්භ වන විට ඔහුගේ විශ්වවිද්‍යාල ගමන නතර වී තිබෙයි. මේ නිසා තමා සතු යම් යම් වටිනා වස්තු, ඇලියෝනා අයිවනොව්නා නම් මුදල් පොලියට දෙන මහළු ගැහැණියක ළඟ උකසට තබා මුදල් ලබා ගැනීමටත්, තම මව සහ සොහොයුරිය ගමෙහි සිට මුදල් එවන තුරු බලා සිටීමටත් ඔහුට සිදුවෙයි. මේ අතරතුරදී යම් භයානක සැලැස්මක් ඔහුගේ සිත තුළ දිවයමින් පවතී.
 
ඇලියෝනා අයිවනොව්නා ඉතා ලෝභී, සටකපට සහ දැඩි කාන්තාවක වන අතර, රැස්කොල්නිකොව් ඇය හමුවී ඔරලෝසුවක් උකසට තබා මුදල් රැගෙන එන අතරතුර දී බිර වීදුරුවක් බිමට තැබෑරුමකට ගිය අවස්ථාවේ මාමිලාඩොව් නම් මිනිසෙකු ඔහුට හමුවේ. දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටින මාමිලාඩොව්, රැස්කොල්නිකොව්ට තමා සහ තම පවුල පිලිබඳ විස්තර පවසයි. ඔහුගේ සෝනියා නම් දියණිය පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව රැස්කොල්නිකොව් විශේෂයෙන් කම්පා වෙයි.
 
[[ප්‍රවර්ගය:නවකතා]]
"https://si.wikipedia.org/wiki/අපරාධය_හා_දඬුවම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි