"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
 
අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ [[සතුන්]]ට පමණක් නොව [[ගස්]] වැල්, ලෝහ වර්ග, [[ජලය]] සහ [[දැව]] යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද [[ජීවය]]ක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන [[අත්තකිලමථානුයෝගය|අත්තකිලමථානුයෝගී]] වූ ජීවිතයක් ගත කළ යුතු ය. [[විශ්වය]] [[දෙවියෝ|දෙවියන්]] විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම [[ස්වභාව ධර්මය]] අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය.
 
වෛදික ඉගැන්වීම් නොවැදගත් ලෙස සලකා බැහැර කල මහාවීරතුමා බ්‍රාහ්මණයන් විසින් සිදු කරන ලද බිලිපූජා හෙළා දැක්කේ ය. කාන්තාවන්ගේ නිදහස පිළිබඳ ව විශ්වාස කල එතුමා ශ්‍රාවිකාවන් ලෙස මෙන් ම දායිකාවන් ලෙසත් ශාසනය?ට ඇතුළු වීමට ඔවුන්ට අවසර දුන්නේ ය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි