"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මහාවීරතුමාගේ ඉගැන්වීම්
12 පේළිය:
 
වර්ධමාන මහාවීරතුමා තම ජිවිතයේ ඉතිරි කාලය තුළ [[අංග වැසියන්|අංග]], [[මගධ]], [[මිථිලා]] සහ [[කෝසල]] වැනි ප්‍රදේශ වල [[මහජනතාව|ජනතාව]]ට සිය ධර්මය දේශනා කිරීමේ නිරත විය. විශාල පිරිසකගේ සිත් ඇද ගැනීමට සමත් වූ එතුමාගේ ධර්මය වැළඳගත අය අතර රජවරු, බලවත් ප්‍රභූවරු, ධනවත් වෙළෙන්දෝ, සහ ගෘහපතියෝ ද වූහ. මහාවීරතුමා වසර 72 ක් ආයු වළඳා [[පැට්නා]] නුවර පාවා නමැති ස්ථානයේ දී පරලෝ සැපත් විය. මහාවීරතුමා [[ගෞතම බුදුන් වහන්සේ]]ගේ සමකාලීනයෙකු වූ නමුත් ඒ දෙදෙනා කිසි දිනක ඔවුනොවුන් මුණ ගැසී නොමැත.
 
===මහාවීරතුමාගේ ඉගැන්වීම්===
මහාවීරතුමාගේ අනුගාමිකයෝ නිග්‍රන්ථ නම් වූහ. මහාවීරතුමා සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීරතුමා පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.
 
ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ [[ආත්මය]] සහ [[කර්මය]] පිළිබඳ [[විශ්වාසය]] යි. සෑම මූල ධාතුවක් ම '''භූත''' සහ '''ආත්ම''' යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි