"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වර්ධමාන මහාවීරතුමා
7 පේළිය:
 
==වර්ධමාන මහාවීරතුමා==
ජෛන සම්ප්‍රදායට අනුව මහාවීරතුමා 24 වන හෙවත් අවසාන තිර්තංකර විය. එතුමා ක්‍රි.පූ. 540 දී පමණ වේදේහ ජනපදයේ [[අගනුවර]] වූ වෛශාලියේ කුණ්ඩග්‍රාම නම් ප්‍රදේශයේ [[උපත]] ලැබී ය. ඔහුගේ දෙමව්පියන් වූයේ සිද්ධාර්ථ සහ ත්‍රිශලා ය. [[ප්‍රභූත්වය|ප්‍රභූ]] [[පවුල]]ක උපත ලැබූ මහාවීර හැදී වැඩුනේ මහත් [[සැප]] සම්පත් මධ්‍යයේ ය. ඔහු යසෝධා කුමරිය සමඟ විවාහ වීමෙන් දියණියක ලැබූ අතර ඇය අනෝජා හෙවත් ප්‍රියදර්ශන නම් වූවා ය. සිය දෙමවුපියන්ගේ [[මරණය|අභාවය]]ත් සමඟ ගිහිගෙය හැර යාම සඳහා සිය සොහොයුරාගෙන් අවසර ලබා ගත් වර්ධමාන වයස අවුරුදු 32 දී ලෞකික සැප සම්පත් අත්හැර ශ්‍රමණයෙකු බවට පත් විය.
 
සිය වස්ත්‍ර අත්හැර දිගම්බර (දිශාවන්ට හැඳිවත) තත්ත්වයට පත් ඔහු ඊළඟ වසර 22 තුළ පරම සත්‍යය අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව දුෂ්කර ජීවිතයකට එළඹ භාවනානුයෝගී ව [[කාලය]] ගත කළේ ය. එම කාලය අවසානයේ දී ඔහු '''කේවල''' හෙවත් සර්වඥ තත්ත්වයට පත් විය. ඉන් අනතුරුව වර්ධමාන, කෙලෙස් දිනූ තැනැත්තා යන අර්ථයෙන් '''ජින''' සහ '''මහාවීර''' යන නම් වලින් හැඳින්විණි.
 
වර්ධමාන මහාවීරතුමා තම ජිවිතයේ ඉතිරි කාලය තුළ [[අංග වැසියන්|අංග]], [[මගධ]], [[මිථිලා]] සහ [[කෝසල]] වැනි ප්‍රදේශ වල [[මහජනතාව|ජනතාව]]ට සිය ධර්මය දේශනා කිරීමේ නිරත විය. විශාල පිරිසකගේ සිත් ඇද ගැනීමට සමත් වූ එතුමාගේ ධර්මය වැළඳගත අය අතර රජවරු, බලවත් ප්‍රභූවරු, ධනවත් වෙළෙන්දෝ, සහ ගෘහපතියෝ ද වූහ. මහාවීරතුමා වසර 72 ක් ආයු වළඳා [[පැට්නා]] නුවර පාවා නමැති ස්ථානයේ දී පරලෝ සැපත් විය. මහාවීරතුමා [[ගෞතම බුදුන් වහන්සේ]]ගේ සමකාලීනයෙකු වූ නමුත් ඒ දෙදෙනා කිසි දිනක ඔවුනොවුන් මුණ ගැසී නොමැත.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි