"පත්තිනි දේව පූජා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Images should better be thumbneils to load the article faster. Anyone interested on a heigher resolution can click to enlarge ne!
සුළුNo edit summary
1 පේළිය:
== '''හැඳින්වීම''' ==
[[රූපය:Paththini.jpg|thumb|right]]
 
== '''හැඳින්වීම''' ==
පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජා වලින් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.
 
16 පේළිය:
සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්
 
  එර්දි වෙලා උඩු ගුවනේ වඩින්නේ
  එර්දි සලුව ගෙන පවන් සලන්නේ
  සුද්ද ඇතිව දෙන දන් පිලිගන්නේ
  සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ
 
== '''අං කෙළිය''' ==
31 පේළිය:
පත්තිනි දේවියගේ කතාවක එන සිද්ධියක් මෙම ක්‍රීඩාවට මුල් වූ සේ සලකනු ලැබේ. ඇය තම සැමියා වන පාලගයාර් සමඟ මල් නෙලන්නට ගියාය. පාලගයාර් ගසට නැග මල් කඩද්දී පත්තිනි බිම සිට මල් නෙළුවාය. ඒ අතර ඔවුන් මල් නෙළු කෙකි එකට පැටළිණි. එය ගලවා ගන්නට දෙදෙනාම නොකැමති වූහ. දෙදෙනා දෙපසට අදිද්දී පාලගයාර්ගේ කෙක්ක කැඩී ගියේය. අං කෙළිය පවත්වනු ලබන්නේ එම සිද්ධිය අනුස්මරණය කරන්නටය.
 
  පා ලඟ ගස උඩ ඉඳ මල් ඉත්තට කෙකි ලා
 
  ඊ ළඟ පත්තිනි මදවියගේ රන් කෙකි අවු ලා
 
  මෙ ලක්දිවේ හැම දෙවියෝ අදිති එක් වෙ ලා
 
  එදා පටන් මේ අං කෙළිය උපත ඇති වෙ ලා
 
මුළු ක්‍රීඩාව තුළම ඇත්තේ ආගමික මුහුණුවරකි. මල්පැල ඉදිකිරීම, පහන් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, කෙම්මර කිරීම ආදියෙන් ඒ වග පැහැදිලි වෙයි. එක් පිලක අඟ බිඳියාමෙන් ක්‍රීඩාව අවසන් වෙයි. එහෙත් ක්‍රීඩා වාරයක් අවසන් වීමට එක් අඟක් පිට පිට වාර තුනක් දිනිය යුතුය.
49 පේළිය:
පහරදීම සඳහා පොල් එවන්නාද පහර දෙන්නාද යන දෙදෙනාම හොඳ පලපුරුදුකාරයන් වීම මෙහිදී අත්‍යවශ්‍යවෙයි. එමෙන්ම මෙම ක්‍රීඩාවද සිදු කරනු ලබන්නේ කෙම්මර දවස්වල පමණකි.
 
  සෙල්ලම් සිරිපද මෙ අප රකිනවා
 
  පුල්වන් දෙවිරජ වරම් ලැබෙනවා
 
  පුල් පියුමක් දෙවි සුරත දරනවා
 
  පොල් පූජාවට වරම් ලැබෙනවා
 
 
 
  පද කර කවි කීව්වේ ඔබෙ නාමෙට
 
  ලෙඩ රෝ දුක් දුරුවෙයි ඔබෙ නාමෙට
 
  සියළු රෝග දුරුවෙයි තෙද හළඹට
 
  තෙද වරමක් ලැබුණා පොල් කෙළියට
 
 
"https://si.wikipedia.org/wiki/පත්තිනි_දේව_පූජා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි