"සත්තු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
 
පොසිල සාක්ෂි වලට අමතරව මීට වසර මිලියන 542 කට ප්‍රථම කේම්බ්‍රීය පිපිරුම සිදුවු අවස්ථා වේදි සිදු වු ක්‍රියාවලීන් හේතු වෙන් මුල්ම සාගර ජීවි විශේෂය මගින් සත්ත්ව වංශය ඇතිවු බවට සාක්ෂි ඇත.
== සතුන්ගේ ලක්‍ෂණ ==
 
== සතුන්ගේ= ව්‍යුහය ===
ඉස්පන්ජියන් වැනි (පොරිෆේරා වංශිකයන්) සුළු ‍ෙවනස්කම් කිහිපයක් හැරුණු කොට සත්ත්වයින්හට වෙන්වෙන් වශයෙන් පටකවලට විශේෂණය වී පවතින දේහ ඇත. මේවා සංකෝචනය සහ සංචරණය පාලනය කරන මාංශ පේෂි සහ ස්නායු සංඥා පරිවහණය කරන ස්නායු පටක වලින් ද සමන්විත වේ. මීට අමතරව විවිර එකක් හෝ දෙකක් සහිත අභ්‍යන්තර ආහාර ජීර්ණ පද්ධතියක් ද අන්තර්ගත වේ. මෙලෙස සංවිධානාත්මක දේහ සහිත ජිවීන් හට මෙටාසොවාවන් යයි හැදින්වේ. මෙටාසෝවාවන් යන වදන සත්වයන් සඳහා පොදුවේ භාවිතා වන අවස්ථාවන්හිදී ඉයුමෙටාසෝවාවන් ලෙස හැඳින්වේ.
 
සියළුම සතුන්හට සුන්‍යෂ්ඨික සෛල අන්තර්ගත වේ. ඒවා කොලජන් සහ ප්‍රත්‍යස්ථ ග්ලයිකෝ ප්‍රෝටීනවලින් වටවු බහිස්සෛලීය කොටසකින් වටවී ඇත. මේවා අස්ථි, බහිස්සැකිලි, ආවරණය කටු වැනි ආකාති සැදීමට කැල්සිනීත වී ඇත. ජීවීන්ගේ වර්ධනයේදී ඒවා සාපේක්ෂ වශයෙන් සුනම්‍ය ආකෘතියක් සාදන අතර එමගින් සෛලවලට එකිනෙක චලනය වීමේ හැකියාවක් ලබාදෙන අතර එමගින් සංකිර්ණ ආකෘතියක් සාදනු ලබයි. මීට අමතරව වෙනත් ශාක සහ දිලීර වර්ග වැනි බහු සෛලික ජීවි විශේෂවලට සෛල බිත්ති මඟින් එකිනෙක බැඳ පවත්වා ගන්නා සෛල අන්තර්ගත වේ. ඒවා දිගින් දිගටම සිදුවන වර්ධනය මගින් තව දුරටත් වැඩි දියුණු වේ. සත්ත්ව සෛල වලට ආවේනික වන පරිදි ඒවාට අන්තර් සෛලීය බන්ධන පිහිටා ඇත. ඒවා තද සන්ධි, හිදැස් සන්ධි සහ ඩෙස්ම සෝම නම් වේ.
 
== සත්ත්වයින්ගේ= ප්‍රජනනය සහ වර්ධනය ===
ආසන්න වශයෙන් සියළුම සත්වයින් යම්කිසි ආකාරයක ලිංගික ප්‍රජනනයකට භාජනය වේ. පරිණත ජීවින් දුවිගුණ හෝ බහු ගුණ වේ. ඔවුන් සතුව යම් විශේෂණය වු ප්‍රජනක සෛල පිහිටා ඇති අතර ඒවා ඌණන විභාජනයට ලක්වී කුඩා චලනය විය හැකි ශුක්‍රාණු හෝ විශාල චලනය විය නොහැකි ඩිම්භ නිෂ්පාදනය කරයි. ඒවා එකිනෙක පෑහි යුක්තානුවක් සාදන අතර එය නව ජීවියෙකු බවට පරිවර්ථනය වේ.
 
"https://si.wikipedia.org/wiki/සත්තු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි