"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
ඇමෙරිකානු මහාද්වීපය සොයා ගැනීමෙන් පසුව ස්පාඥ්ඥය, එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය ආදී වූ විවිධ යුරෝපීය බලවතුන්ට අයත් යටත්විජිත ඒ පුරාම ගොඩ නැගුණි. යුරෝපීය ජාතීහු මෙසේ නව ලෝකය කරා සංක්‍රමණය වීමට තුඩු දුන් සාධක අතර ආර්ථික ලාභ ප්‍රයෝජන ඉපයීම සහ ආගමික නිදහස ලබා ගැනීම වැදගත් විය. එංගලන්තයේදී මුහුණ පෑමට සිදු වූ ආගමික වධ හිංසා වලින් බේරීම සඳහා පලා ගිය '''වන්දනාකාර පියවරුන්'''ගේ ආගමික උද්යෝගය ජනපද කීපයක්ම ආරම්භ කිරීමට හේතු සාධක විය.
===ඉංග්‍රීසි ජනපද දහතුනේ වර්ධනය===
වන්දනාකාර පියවරුන් නමින් හැඳින් වූ සංක්‍රමණික කණ්ඩායම ඇමෙරිකාවට ගොස් එහි නව එංගලන්ත ජනපද පිහිටුවා ගත්හ. ''සිවිල් සහ ආගමික වශයෙන් ස්වකීය මවු රාජ්‍යයෙන් ස්වාධීනව සිටීමට'' බලාපොරොත්තු වූ ඔව්හු තමන් විසින් ගොඩනගන ලද ජනපද පාලනය කිරීම සඳහා '''මේෆ්ලවර් ගිවිසුම''' පදනම් කොට ගත් ආණ්ඩු ක්‍රමයක් සකසා ගත්හ. ජේම්ස් ටවුන්, වර්ජිනියාව, ජෝර්ජියාව, පෙන්සිල්වේනියාව, මේරිලන්ඩ්, නිව් ඇම්ස්ටර්දෑම්, ඩෙලවෙයාර්, මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, බොස්ටන්, නිව් හැම්ප්ෂයර්, රෝඩ් අයිලන්ඩ් එසේ පිහිට වූ ජනපද අතර විය.
 
===බ්‍රිතාන්‍ය වාණිජවාදී ප්‍රතිපත්තිය===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි