"දියවැඩියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් දමා මධුමේහය පිටුව දියවැඩියාව වෙත ගෙනයන ලදී
No edit summary
1 පේළිය:
{{පරිවර්ථනය}}
{{stub}}
[[ගොනුව:Blue circle for diabetes.svg|thumb|එක්සත් ජාතීන්ගේමධු දියවැඩියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ "නිල් වක්‍ර" සලකුණ ]]
සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව ලෙසද හැඳින්වෙන '''මධු දියවැඩියාව නොහොත් මධුමේහය''' ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.
 
== වර්ගීකරණය ==
 
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට මධු දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි.
 
*පළවෙනි වර්ගයේ මධු දියවැවියාව
*දෙවැනි වර්ගයේ මධු දියවැඩියාව
*ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන මධු දියවැඩියාව
 
මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.
 
=== පළමු වර්ගයේ මධු දියවැඩියාව ===
 
පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.
 
=== දෙවෙනි වර්ගයේ මධු දියවැඩියාව ===
දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.
 
=== ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන මධු දියවැඩියාව ===
 
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරැ‍න්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත.
"https://si.wikipedia.org/wiki/දියවැඩියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි