"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
237 පේළිය:
2010 වන විටත් [[සවුදි අරාබිය]], බෘනෙයි සහ කටාර් රාජ්‍යය යන රටවල් කිසිඳු ඔලිම්පික් උළෙලකට ක්‍රීඩිකාවන් සහභාගී කර නොතිබිණ. බෘනෙයි රාජ්‍යය වරකට එක් ක්‍රීඩකයා බැගින් වසර තුනකදී පමණක් ඔලිම්පික් නියෝජනය කර තිබුණි. නමුත් සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය නිරතුරු ව ඔලිම්පික් නියෝජනය කළේ පිරිමි කණ්ඩයම් සමග පමණි. 2010 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා ක්‍රීඩා කමිටුවේ සභාපතිනිය වූ අනීතා ඩිෆ්‍රැන්ට්ස්, කාන්තාවන් සහභාගී නොකරවන්නේ නම් 2012 ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවට නිවේදනයක් නිකුත් කරමින් සවුදි අරාබියට සහ කටාර් රාජ්‍යයට කාන්තාවන් සහභාගී කරවීමට බල කළාය. ඉන් අනතුරුව 2012 ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීම සහ කඩු හරඹ ඉසව්වලට ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට තමන් බලාපොරොත්තු වන බව කටාර් රාජ්‍යය දන්වා සිටියේ ය.
2008 වසරේ දී ගල්ෆ් කටයුතු සම්බන්ධ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා වූ අල් අල්-අහමඩ්, සවුදි අරාබිය වෙතට ත් පෙර කී පරිදි අනතුරු ඇඟවීමක් කරමින් පැවසුවේ කාන්තාවන්ට ඔලිම්පික් සඳහා සහභාගී වීමට අවස්ථවක් නොදීම අන්තර්ජාතික ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංගනය කිරීමක් බවය. තවදුරටත් ඔහු සඳහන් කළේ පසුගිය වසර 15ක කාලය පුරාම ලොව පුරා ඇති විවිධ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීම සඳහා නීති ගෙන ඒමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් කරනු ලබන බව ය. ඔලිම්පික් සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කර ගැනීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ගත් පියවර සාර්ථක විය. එනමුත් රටවල්වලට අනතුරු අඟවමින් ඔවුන්ගේ ඔලිම්පික් තත්ත්වය පහත හෙලීමේ හෝ අවලංගු කිරීමේ ස්ථාවරයක සිටීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අකමැති විය. <ref name="nytimes.com" /> 2010 ජූලි මාසයේ දී ''The Independent'' සඟරාව ඒ සම්බන්ධව මේ අයුරින් වාර්තා කර තිබිණි. "සවුදි අරාබියට ඔලිම්පික් තහනම් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට කෙරෙන බලපෑම් එන්න එන්නම වැඩි වන අයුරු දක්නට ලැබේ. 2012 වසර වන විට කාන්තාවන්ට ඔලිම්පික් වරම් ලබා ගැනීම අවහිර කරන එකම ප්‍රධාන රාජ්‍යය සවුදි අරාබියයි. 2012 වසරේ දී ත් පිරිමි පමණක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට
ඔලිම්පික් උළෙලක, ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් දෙපිරිසම එකට තරග වදින එකම ඉසව්ව අශ්වාරෝහණ තරග වේ. 2008 වසර වන විටත් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයන් සඳහා ඇති ක්‍රීඩා ඉසව් ගණන ක්‍රීඩිකාවන් සඳහා ඇති ක්‍රීඩා ඉසව් ගණනට වඩා බෙහෙවින් වැඩි විය. 2012 ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සින් තරග ඇතුලත් වීම නිසා 2012 වසරේ සිට පිරිමි ක්‍රීඩකයන් තරග වදින සෑම ක්‍රීඩාවක් සඳහා ම කාන්තා ඉසව් ද තිබේ.<ref>[http://news.bbc.co.uk/sport2/hi/olympic_games/8196879.stm "Women's boxing gains Olympic spot"], British Broadcasting Corporation, 13 August 2009</ref> නමුත් රිද්මයනුකූල ජිම්නාස්ටික් සහ සමමුහුර්ත පිහිනුම් ඉසව් පිරිමි ක්‍රීඩකයන් හට වෙන් වී නොමැත.
|