"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
== දේශගුණය ==
ශ්‍රී ලංකාව උෂ්ණ කලාපීය දේශගුණයක් පවතින උණුසුම් රටකිදූපතකි. උතුරු අක්ශාංෂ 5 ත් 10 ත් අතර පිහිටීම තරමක් උණුසුම් දේශගුණයක් දායාද කර වීමට හේතුවයි. අඩුම උෂ්ණත්වය පවතින්නේ මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. ඒ සෙල්සියස් අංශක 16 පමණ අගයකි.(මෙහි සීත සෘතු‍වේ දී දින ගණන් මීදුම පවතී) ඊසාන දිග වෙරළේ පිහිටි ත්‍රිකුණාමල නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 වේ( මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ නගී). වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 28 සිට සෙල්සියස් අංශක 30 දක්වා ද, රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 7 දක්වා වෙනස් වේ. සීතල අධික මාසය වන්නේ ජනවාරි මාසයයි. විශේෂයෙන් කඳුකරයේ සිටින මිනිසුන්ට මේ කාලයේ දී සිරුරේ උණුසුම රදවා ගන්නා කබා හා ‍ස්වෙටර් ඇඳීම ට සිදු වේ. මෝසම් වැසි ආරම්භ වීමට පෙර ශ්‍රීෂ්මසෘතුවේ උෂ්ණාධිකම කාලය මැයි මාසයයි.
 
ඉන්දියන් සාගරයෙන් හා බෙංගාල බොක්කෙන් හමා එන මෝසම් සුළං අනුව ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ලැබෙන කාල වකවානු 4 කි. පළමුවැන්න මැයි මැද සිට ඔක්තෝබර් දක්වා ඉන්දියන් සාග‍රයේ ජල වාෂ්පද රැගෙන හමා එන නිරිත දිග මෝසම් වර්ෂාවයි. මෙම සුළං මධ්‍යම කඳුකරයේ බෑවුම්වල ගැටී එම කඳු බැවූම් වලට ද, දිව‍යිනේ නිරිත දිග ප්‍රදේශවලට ද මහා වැසි ලබා දෙයි. නිරිත දිග මෝසම් සුළං හමන සමහර බෑවුම් ප්‍රදේශවලට මසකට මි.මි 2500 වර්ෂාපතනයක් ලැබෙන නමුත් සුළං මුවා වේ පිහිටි නැගෙනහිර හා ඊසාන දිග ප්‍රදේශවලට අඩුවෙන් වැසි පතිත වේ. අන්තර් මෝසම් කාලයේ දී එනම් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට වර්ෂාව ලබා දෙන දෙවැනි කාල වකවානුවයි. මේ කාලයේ දී කලින් කලට ඇතිවන සුළි කුණාටු ඇතිවීමට ද ඉඩකඩ තිබේ. එමෙන්ම උෂ්ණ කලාපීය වාසුළි නිසා අහස වළාකුලින් බරවෙයි. අන්තර් මෝසම් වර්ෂාවෙන් නිරිතට, ඊසානට සහ දිව‍යිනේ නැගෙනහිරට වැසි ඇද හැළේ. තුන්වැනි කාල වකවානුව නම් දෙසැම්බර් සිට මාර්තු දක්වා බෙංගාල බොක්කේ සිට ජල වාෂ්පද රැගෙන ඊසාන දිගින් ‍මෝසම් සුළං හමා එන ඊසාන දිග මෝසමයි. මේ මාසවලදී ඊසාන දිග කඳු බෑවුම් වලට මි.මි. 2500 වර්ෂාපතනයක් ලැබේ. ගං වතුර ඇති වේ. මාර්තු සිට මැයි දක්වා තවත් අන්තර් මෝසම් කාලයක් ක්‍රියාත්මක වෙයි. නිරතුරු අඩුවැඩි වෙමින් වෙනස්වන සුළඟ සමඟ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි