"තුන්වන ජෝර්ජ් (එක්සත් රාජධානිය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
</p>
<p>
ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්‍රික් කුමරු ක්‍රි.ව. 1738 ජූනි 4 වන දින නෝෆෝක් නිවසේ දී බ්‍රිතාන්‍ය කිරුළ හිමි වේල්සයේ කුමරු වූ ෆ්‍රෙඩ්‍රික් කුමරුට සහ සැක්ස-ගොතා හි ඔගස්ටා කුමරියට දාව උපත ලැබීය. ඒ වන විට ඔහුගේ සීයා වූ දෙවන ජෝර්ජ් රජු බ්‍රිතාන්‍ය කිරුල දැරූ අතර, ඔහු කිරුළ හිමි දෙවන ස්ථානයේ පසුවිය. මසකට පසු නෝෆෝක් නිවසේ දී තෝමස් සෙකෙර් රදගුරු තුමා විසින් කුමරුන් බෞතිස්ම කරන ලදි, එහිදී ස්වීඩනයේ පළමු වන ෆ්‍රෙඩ්‍රික් රජ, ඔහුගේ මාමණ්ඩිය වූ සැක්ස ගොතා හි තුන්වන ෆ්‍රෙඩ්‍රික් ආදිපාද, දෙවන ජෝර්ජ් රජුගේ සොහොයුරිය වූ ප්‍රසියාවේ සොෆියා ඩොරොතියා බිසව දෙව් මව්පියන් ලෙස පෙනී සිටියහ. ඔහු බාල සොයුරු [[එඩ්වඩ් කුමරු, යෝර්ක් හි සහ ඇල්බනි හි ආදිපාද|එඩ්වඩ් කුමරු]] පෞද්ගලික ගුරුවරුන් මගින් උගත් අතර, ඉංග්‍රීසි හා ජර්මන් භාශා හොඳින් හැසිරවිය හැකි විය.
</p>
<p>දෙවන ජෝර්ජ් රජ සහ ඔහුගේ පුත් වේල්සයේ කුමරු අතර එතරම් සබදතාවයක් නොතිබූ නමුත්, රජු තම මුණබුරු ජෝර්ජ් කුමරු වෙත යම්තාක් දුරට සමීප විය. කෙසේ හෝ 1751 දී කුමරුගේ පියා වූ වේල්සයේ කුමරු පෙනහළු හානි වීමෙන් මිය යයි. ඒ සමගම දහ තුන් හැවිරිදි ජෝර්ජ් කුමරු කිරුළ හිමි කුමරු බවට පත් වන අතර තම පියා දරමින් සිටි එඩින්බරෝ හි ආදිපාද තනතුරට පත් වේ. ඉන් සති තුනකට පසු දෙවන ජෝර්ජ් රජු විසින් වේල්සයේ කුමරු ලෙස ඔහුව පත් කරනු ලබයි.(කෝන්වෝල් සහ රොත්සේ හැර අනෙකුත් ආදිපාද තනතුරු පියාගේ ඇවෑමෙන් වැඩිමහළු පුතුට සෘජුවම ලැබෙන නමුත්, වේල්සයේ කුමර තනතුර රජු විසින් පත් කිරීම අවශ්‍ය වේ)
</p>
<p>1765 ඔක්තෝබර් මස 25 වන දින තම සීයා වූ දෙවන ජෝර්ජ් රජුගේ ඇවෑමෙන් එක්සත් රාජධානියේ තුන් වන ජෝර්ජ් රජු ලෙස සිහසුන හිමි වේ.
</p>
==දරුවෝ==
"https://si.wikipedia.org/wiki/තුන්වන_ජෝර්ජ්_(එක්සත්_රාජධානිය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි