"දළදා වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
4 පේළිය:
'''දළදා වහන්සේ''' යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙන්කේ ගෞතම [[බුදුරජාණන් වහන්සේ|බුදුරජාණන් වහන්සේගේ ]] වම් දන්තධාතූන් වහන්සේ වේ. වර්තමානයේ මෙය [[දළදා මාළිගා|දළදා මාළිගාවේ]] තැන්පත්කර ඇත.
 
==අතීතය==
===ලක්දිවට වැඩමවීම===
==අනුරාධපුර යුගය===
 
4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය දක්වා අතර තුර කාලය දක්වා මහාවංශයෙහි දළදාව ගැන සඳහන් වන්නේ අවස්ථා කීපයකදී පමණි. එසේ වුවද චීන සංචාරක භික්ෂුවක් වූ ෆාහියැන්, දන්ත ධාතූන් වහන්සේට කළ වැඳුම් පිදුම් සහ ඒ සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ විස්තර සඳහන් කර ඇත. එකී භික්ෂුව 5 වැනි සියවසේදී අභයගිරි ආරාමයේ වැඩ වාසය කර ඇත. මෙම භික්ෂුවගේ විස්තරයන්ට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජු විසින් 4 වැනි සියවසේදී ආරම්භ කරන ලද පෙරහැර අති ශ්‍රී විභූතියෙන් යුතුව නොකඩවා පවත්වාගෙන එන ලදී. දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහැරකින් වඩමවා අලංකාර ලෙස චාරිත්‍ර විධි පුද පූජා සහිතව මාස තුනක් ප්‍රදර්ශනය කරන ලදි. මහාවංශයේ තිබෙන ස්වල්පයක් වූ තොරතුරුද දන්ත ධාතු සාහිත්‍යයේ එන විස්තරද පාදක කර ගෙන බැලු විට රජවරු විසින් දන්ත ධාතුව මනා ලෙස සුරකින ලද බව සහ දන්ත ධාතුව රාජ්‍ය ආරක්ෂකයා වූ බවත් පැහැදිලි වේ. ඇතැම් රජවරු තම නමේ මුලට “දාඨා” (දත) යන්න එක් කිරීමට තරම් උනන්දුවක් දැක්වූහ. උදාහරණ වශයෙන් දාඨොපතිස්ස, දාඨාප්පභූති, දළ මුගලන් ආදි නම් දැක්වීය හැක. මෙයින් පෙනී යන්නේ එම රජවරු දළදා වහන්සේ සමග තිබුණු සමීප සම්බන්ධතාවයයි.
 
දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්‍රමණ සහ රට අභ්‍යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ඓතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්ත ධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය.
===පොළොන්නරු යුගය===
 
පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනේය.
 
Line 20 ⟶ 23:
 
දන්ත ධාතුන් වහන්සේට සහ පාත්‍රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්‍රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස පෙනෙන්නේය.
===දඹදෙනි යුගය===
 
13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය පිරිහුනේය. කාලිංග මාඝගේ ආක්‍රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු අතින් ප්‍රබෝධමත් වූ කාලයක් විය.
Line 31 ⟶ 34:
දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්‍රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය.
 
මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ - පබ්බත) ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය සීගිරිය බලකොටුවට සමාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්‍රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්‍රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ රජු චන්ද්‍රබානු පරාජය කොට නැවත ශ්‍රී ලංකාවේලක්දිව සාමය උදා කළේය.
 
බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්‍රදායයක් පවත්වා ගෙන ගොස් ඇත.
Line 42 ⟶ 45:
 
දළදා වහන්සේට අදාළ කථා ප්‍රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු මධ්‍යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්‍ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි.
===කොට්ටේ යුගය===
 
මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වීරබාහු රජතුමාය. මෙම පාලන සමයේදි චීනය ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් විය. චීන සෙනෙවියෙකු වූ චෙන් හෝ දිවයින ආක්‍රමණය කර රජු අල්ලා ගත්තේය. ඔහු රජු සහ දන්ත ධාතුව චීනයට රැගෙන ගොස් එවකට චීන අධිරාජ්‍යයයාට ඉදිරිපත් කළේය. කෙසේ වුවද විවාදයට බඳුන් වුවද වඩාත් විශ්වාසයෙන් යුතු විස්තර වලින් කියැවෙන්නේ චීන සෙන්පතියා දන්ත ධාතුව රැගෙන නොගිය බවයි. ඒ වෙනුවට ඔහු දන්ත ධාතුවට නියමිත චාරිත්‍ර පූජා විධි පවත්වා දිවයිනෙන් පිටත් වූ බවයි. මධ්‍යතන යුගයේ විශිෂ්ඨ රජෙකු ලෙස සැළකෙන හයවැනි පරාක්‍රමබාහු වැනි රජවරුන් විසින් පවත් වන ලද පෙරහැරවල්, උත්සව සහ පුද පූජා වල තොරතුරු වාර්තා වලින් ඉහත අදහස තහවුරු වෙයි. මේ රජතුමා දන්ත ධාතුව සඳහා තෙමහල් මන්දිරයක්ද දන්ත ධාතුව බහා තැබීම සඳහා රත්‍රන් කරඬු හතරක් ද තනවා දන්ත ධාතුන් වහන්සේගේ සේවය පිණිස අණ පනත් කිහිපයක්ද පැනෙව්වේය.
 
මෙම කාලයෙන් පසුව පළමු යටත් විජිත බලවේගය වූ පෘතුග්‍රීසීන් 1505 දී පැමිණි අතර බෞද්ධ ක්‍රියා කාරකම් වල පිරිහීමක් දක්නට ලැබුනි. වැඩි විස්තර කියන්නේ නම් රාජ්‍ය පාලනයේ ඇති වූ වියවුල් තත්වයන්, පෘතුග්‍රීසි සහ ලන්දේසින්ගේ මිෂනාරී ක්‍රියා කාරකම්, සහ වෙනත් ව්‍යසනකාරි හේතූන් නිසා දළදාවෙහි ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂූණ් වහන්සේලා විසින් දළදාව ආරක්ෂිත ස්ථානයට ගෙන යන ලද බව සඳහන් කළ යුතුය. මෙපරිදි දන්ත ධාතුව රැගෙන යන ලද්දේ ඊළඟ රාජධානිය වූ සීතාවකටයි. සීතාවක රාජ්‍යය පාලනය කරන ලද්දේ මායාදුන්නේ රජු විසිනි. දාඨාදාතු වංශ කෘතියට අනුව දන්ත ධාතුව රත්නපුරයට ගෙන යාමට ප්‍රථම එය මුල්ගිරිගල තරම් ඈත දකුණේ ප්‍රදේශයකට ද අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යන ලදී. අවසානයේ දන්ත ධාතුව සඟවන ලද්දේ රත්නපුරයේ දෙල්ගමුව විහාරයේය. 1592 සිට 1603 දක්වා මහනුවර රජ වූ විමලධර්මසූරිය රජතුමා විසින් ඉහත කී දෙල්ගමුව විහාරයේ සිට දැනට දන්ත ධාතුව තැන්පත් කර තිබෙන මහනුවරට දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ලදී.
 
== තවද බලන්න ==
"https://si.wikipedia.org/wiki/දළදා_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි