"ඇඩම් ස්මිත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
එඩිම්බරාව අසල කර්ක්කැලඩිහි උපත ලැබූ ඇඩම් ස්මිත් නිළධාරියෙකුගේ පුතෙකු විය.දාහතර හැවිරිදි වියේදී ග්ලිස්ගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.එහිදී ඔහු පුරාණ ග්‍රික ලතින් කතුවරයන්ගේ ගද්‍ය පද්‍ය මෙන්ම ,ගණිතය සහ දර්ශනය වැනි විෂයයන් හැදෑරීය.ග්ලිස්ගෝහි වසර 03 ගෙවු පසු ස්මිත් හය අවුරුදු ශිෂ්‍යත්වයක් දිනා ඔක්ස්පරඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.ආපසු එඩිම්බරාවට පැමිණි ඔහුට ඉංග්‍රිසි සාහිත්‍යය සදහා දේශක තනතුරක් පිරිනැමුණි.මෙම දේශන වලින් ඔහු ප්‍රසිද්ධියට ලක්වී,1751 නැවත ග්ලිස්ගෝවට කැදවන ලදුව තර්ක ශාස්ත්‍රය උගැන්වීම් කාර්යය පැවරිණි.මෙම පසුබිමේ සිට ඔහු දේශපාලනමය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ අදහස්දැක්වීය. '''"සදාචාරාත්මක අදහස් පිළිබඳ සිද්ධාන්ත"'''නැමති කෘතිය (1759) ඔහුගේ ප්‍රසිද්ධත්වය තහවුරු කළේය.
 
1764 ටුරුස් ප්‍රදේශයේ සිටියදී ඔහු, '''"[[ඡාතීන්ගේ ධනය]]"''' නම් කෘතිය ලිවීම ආරම්භ කළේය.ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 මුද්‍රණ ද්වාරයෙන් පිටවිය. අවසාන ප්‍රතිඵලය මැනීමේදී "ඡාතීන්ගේ ධනය"ග්‍රන්ථය මේ දක්වා ලියවී ඇති වැදගත්ම කෘතිය ලෙස සැලකිය හැකි බව එඩ්මන් බර්ක්ගේ අදහස විය.ස්මිත් නියම ආර්ථික ආයතන දෙස විනිවිඳ දකින නිරීක්ෂණයක යෙදුණ නමුත්,ඇත්ත වශයෙන්ම අනාගතයේ නිදහස් යුටෝපියාවක් තැනීම සඳහා,ඔහු ප්‍රචාරයක යෙදු බව බර්ක්ගේ ප්‍රකාශයෙන් තහවුරු කරවයි.
 
ඡාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ.
"https://si.wikipedia.org/wiki/ඇඩම්_ස්මිත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි