"භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q315 (translate me)
75 පේළිය:
ඔවුන්ගේ විශ්වාසය අනුව ප්‍රථම මිනිසාගේ මරණයටද පෙර ඔහුගේ දු දරුවන් ගනනින් තොරම් විශාල විද යක් ඔවුන්ගේ නිවසට තවදුරටත් ඔවුන් රදා තබා ගැවිමට නොහැකි විය. පුලුගා ගේ නියමය පරිදි ඔවුනට අවශ්‍ය සියලුම අවශ්‍ය උපකරණ සහ ගින්දර ඔවුන් වෙත සපයන ලදුව, දිවයින පුරා ජෝඩු වශයෙන් විසුරවා හරින ලදී. මෙම නික්මීම සිදු වු විට එ‍‍තෙක් එක් කණ්ඩායමට පුලුගා විසින් විශේෂ වු උප භාෂාවක් සපයන ලදී භාෂාවේ විවිධත්වය ඒ ආකාරයෙන් පැහැදිලි කෙරිණි.
 
==භාෂාව යනු කුමක්ද?==
{{mergewith|භාෂාව}}
{{සැකිල්ල:බහුවිධ වාදවිෂයයන්|section=yes{{Unreferenced section|date=මැයි 2013}}}}
භාෂාව යන්න නිර්වචනය කිරීමේදී සලකා බැලිය යුතු විශේෂ අංශ කීපයකි. ශිෂ්ටාචාරය හරහා මිනිසාගේ විශිෂ්ටතම නිර්මාණය වන භාෂාව විස්මිත බවක් ගනී. කෙසේ වුව ද මේ සියල්ල දෙස අවධානය යොමු කරමින් යම් ආකාරයක නිර්වචනයක් ඉදිරිපත් කිරීමට යොමු කළ යුතු අංශ කීපයකි.
1. වාග් විද්යාුවට විෂය විය යුත්තේ මනුෂ්‍ය භාෂාවයි.
2. එහිදී භාෂණයට මුල් තැනත් ලේඛනයට දෙවන තැනත් හිමි විය යුතුය.
3. නිර්වචනය කිරීමේදී සංයුතිය මෙන් ම කාර්යභාරය පිළිබදව ද අවධානය යොමු කළ යුතුය.
4. භාෂාව සමාජ නිර්මිතයක් බැවින් සාමාජීය කාර්යන්ටත් මුල් තැන දිය යුතුය.
කාර්යභාරය පිළිබදව සැළකීමේදී අදහස් ඵල කිරීම, හැගීම් ඵල කිරීම, අභිලාෂයන් ඵල කිරීම, සන්නිවේදනය, අන්යෝන්‍ය සහයෝගිතාවය හා ක්‍රියාකාරිත්වය ආදිය ප්‍රධාන වේ.
මේ සියලුම අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අති දුෂ්කර කාර්යයකි.
“මිනිසා මිනිසෙකු වන්නේ භාෂාව නිසාය.” - වීලේම් වෙන්හුම්
“භාෂාව නම් මිනිසාගේ මානසික ක්‍රියාකාරිත්වයට පර්යාප්ත වන ප්‍රකාශනශීලී ගතියෙහි ආකෘතියයි.” - ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ්
“භාෂාමය පද්ධතියක් නම් අර්ථමය වෙනස්කම් මාලාවක් සමග බැදුණු ශබ්දමය වෙනස්කම් මාලාවකි” - සොසුයයෝ
“භාෂාවක් නම් මිනිසුන් සාමාජීය සමූහයක සාමාජිකයන් ද සංස්කෘතියක කොටස් කරුවන් ද වශයෙන් අන්යෝමන්යය ක්රිකයාකාරිතා හා සන්නිවේදනය සදහා යොදා ගන්නා සම්මුතික වූ වාග් සංකේත පද්ධතියකි” - බර්නාඩ් බ්ලොක්
ඉහත නිර්වචන සෑම අංශයක් කෙරෙහි ම සලකමින් විචාරයට ලක් කළ හොත් පරිපූර්ණ කුමක්දැයි යන්න හදුනාගත හැකි වෙයි. කෙසේ වුව ද ඕනෑම භාෂාවක දක්නට ලැබෙන ආකෘතිකමය වූ පොදු ලක්ෂණ කීපයක් මෙසේ දැක්විය හැක.
• භාෂාවක් යන්න වාගාලාප හා වචන වලින් නිර්මාණය වී ඇති බව.
• වාගාලාප, වචන නිර්මාණය වී ඇත්තේ කතා ශබ්ද අනුසාරයෙන් බව.
• වචන හා කතා ශබ්ද, සංකේත(සංඥා) සමූහයක් බව.
• සංකේතය හා -------- අතර සම්බන්ධතාව සමාජ සම්මුතියක් වන අතර ඒවා සහජ සම්බන්ධයක් නොදක්වන බව.
• ඒ ඒ බසට සුවිශේෂී වූ රටා හා රීති අනුව පද්ධතියක් ලෙස පිහිටන බව.
• ඕනෑම සාමාජයීය අවස්ථාවකට සරිලන ආකාරයෙන් නවතාවයන් සහිත වී ඇති බව.
භාෂාවේ ඉතිහාසය.
භාෂාවේ ආරම්භය සම්බන්ධව විවිධ මත පවතී. දෙවියන් වහන්සේ විසින් මෙය ආරම්භ කළ බවට ප්ර්කාශ කල ද භාෂාවේ ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරය හා බැදුණු බව පිළිගත යුතු කරුණකි. ශිෂ්ටාචාරය මගින් විවිධාකාරයට පරිවර්තනය වූ මිනිසා උපකරණ නිර්මාණය කිරීමත් ඒවා පරිහරණය කිරීමත් ඉදිරි පරපුරට ඒවායේ නිර්මාණය හා පරිහරණය පිළිබදව කියා දීමත් සිදු කළ අතර ඒ සදහා භාෂාව භාවිතටය ද පෙළඹිණි.
මේ ආකාරයට බලන කළ මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර භාෂාව ඉපදී ඇති බව ඇතමෙක් ප්රමකාශ කරති. එසේම මෙම සංකල්පයට අනුව අවුරුදු පන්ලක්ෂයකට පමණ පෙර භාෂාව පැහැදිලි ලෙස දැක්වීම දුෂ්කර වන අතර වර්තමානය වන විට ලෝකයේ භාෂාවන් තුන් දහසක් පමණ භාවිතයේ ඇතැයි සැලකේ. (වැඩිම පිරිසක් චීන භාෂාව කතා කරයි)
භාෂාවේ කාර්යභාරය.
භාෂාව හදුනා ගැනීමේ දී නැතහොත් නිර්වචනය කිරීමේ දී එහි කාර්යභාරය හකුලා දැක්වීමක් සිදුකොට ඇති බව නිර්වචනයන් විමසා බැලීමේදී පෙනී යන කරුණකි. බොහෝ විට පොදුවේ නැතහොත් සමාජමය කාර්යන් ඉටු කිරීම සදහා භාෂාව උපයෝගි වනබව පෙනී ගිය ද මෙහි කාර්භාරයන් කොටස් 02 කට බෙදා දැක්විය හැකිය.
1. සාමාජයීය කාර්ය.
2. ආත්මීය කාර්ය.
1. සාමාජයීය කාර්ය
මෙහිදී අදහස් කෙරෙන්නේ පොදුවේ සමාජය උදෙසා භාෂාවෙන් ඉෂ්ට කරනු ලබන විවිධාකාර කාර්යභාරය යි. ඒවා ද අධ්යඉනයේ පහසුව සදහා ප්රයධාන කොටස් 02 කට වෙන් කෙරේ.
1.1.1.1. සන්නිවේදන මූලික කාර්ය.
1.1.1.2. අන්යෝවන්යා ක්‍රියාකාරිතා පැවැත්වීම.
 
1.1. සන්නිවේදන මූලික කාර්ය.
1.1.1. සාමාන්‍ය සන්නිවේදනය.
1.1.2. ජන සන්නිවේදනය.
1.1.3. අධ්‍යාපනය
a) විධිමත් අධ්‍යාපනය.
b) අවිධිමත් අධ්‍යාපනය.
1.1.4. භාව ප්‍රකාශනය. (හැගීම් හා අභිලාශයන්)
a) කලාත්මක හා සෞන්දර්යාත්මක.
b) අන්තර් භාව මෝචනාත්මක (දුක, සතුට, වේදනාව ප්ර්කාශ කිරීම, මෝචනය කිරීම)
1.1.5. අන්‍යෝන්‍ය ක්‍රියාකාරී පැවැත්ම.
A. අන්‍යයන් මෙහෙයෙවීම සංවිධානය හා පාලනය.
B. එක් ව ක්‍රියාකිරීම.
C. හොදහිත පැවැත්වීම. (සෞන්දර්යාත්මක)
D. විනෝදය
a) සාමාජීය විනෝදය.
b) සවයං විනෝදය.
1.1.6. ආගමික හා අභිචාරික කාර්යය.
1.1.7. අනුෂ්ඨානීය කාර්යය. (සෙත්පැතීම හා අශිර්වාද)
1.1.8. මානව සංස්කෘතික ප්රිවාහය.
 
2. ආත්මීය කාර්යය.
2.1. චින්තනය හා අන්තර් භාෂණය.
2.2. ස්වයං භාෂණය.
2.3. සවයං විනෝදය. (පාලුව මකා ගැනීම)
සාමාජීය කාර්යය.
සමාජය සමග ගනුදෙනු කිරීමේ දී හා විවිධ ක්රිායාකාරකම් වලදී භාෂාවෙන් සිදුකෙරෙන කාර්යයභාරය මෙහිදී සැලකිල්ලට ගැනේ. සන්නිවේදන මූලික කාර්යයේදී සන්නිවේදන යන පදය අර්ථ දැක්වීම ඉතා වැදගත් ය. මේ සදහා සන්නිවේදයෙකු හා සන්නිවේදිතයෙකු (ග්රාදහකයා) යන දෙපාර්ශවය සංකේත උපයෝගි කර ගනිමින් අර්ථ සම්ප්රේපෂණය කිරීම ඇතැම් සමාජ විද්‍යාඥයින් මෙමගින් නිරූපණය කරනු ලබයි. ශබ්ද කෝෂයට අනුව “හවුල් කරගන්නවා” යන අර්ථය සන්නිවේදනය ලෙස දක්වා ඇත.
1.1.1 සාමාන්ය සන්නිවේදනය.
එදිනෙදා ජීවිතයේදී අදහස් හා දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.
කීවේ කවරෙක් ද?
කාටද?
කුමට ද?
කෙසේද?
කොතනද?
කොයිවේලේද?
කුමන අවස්ථාවක ද?
කුමන හේතුවක් නිසාද? යන කරුණු මත සන්නිවේදනය කරනු ලබන කාර්යය සාර්ථක හෝ අසාර්ථක වේ. එබැවින් යම් සන්නිවේදනයක් සිදු කිරීමේදී ඉහත කරුණු සියල්ල පිළිබදව අවධානය යොමු කරමින් භාෂාව සාර්ථකව හැසිරවීමක් සිදු කිරීම ඉතා වැදගත් වැදගත් ය.
1.1.2. ජන සන්නිවේදනය.
ජනසන්නිවේදනය සාමාන්ය. සන්නිවේදනයට වඩා සංවිධානාත්මක වූ දෙයකි. මේ සදහා සාම්ප්රනදායික ක්රධම මෙන් ම විද්යු.ත් හා මුද්රිවත මාධ්යෝ යොදා ගැනේ. (රූපවාහිනය, ගුවන් විදුලිය, පුවත්පත්, සගරා, අත්පත්‍රිකා)
1.1.3. අධ්යා පනය.
මානව සමාජයේ සංවර්ධනය සදහා අධ්යානපනය අත්යාිවශ්ය ය. අධ්යාහපනය මුලුමනින්ම පාහේ රැදී ඇත්තේ භාෂාව මතය. විධිමත් අධ්යාුපනය ලෙස නිශ්චිත ආයතනයක දී නිර්දේශිත විෂය මාලාවක් සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් සංවිධානාත්මකව ලබා දීම අපේක්ෂා කෙරේ.
උදා-
පාසල
විශ්ව විද්යා ලය
කාර්මික විද්‍යාලය
ගුරු විද්‍යාලය
මෙලෙස සංවිධානය නොවූ අවස්ථා අවිධිමත් අධ්‍යාපනය ලෙස හැදින්වේ.
උදා-
පවුල
සමවයස් කණ්ඩායම්
ආගමික ස්ථාන
ජනමාධ්ය්
1.1.4. භාව ප්‍රකාශනය.
මිනිස් සිත තුළ උපදින විවිධ භාවයන් සිර කිරීමට යාමේදී පෞර්ෂ අනුක්‍රමිකතා පැන නැගීමට බලපෑම් සිදු කෙරේ. එබැවින් මෙකී භාවයන් ක්රකමන හෝ ආකාරයකට පිට කිරීම ඉතාම වැදගත් ය. උගත් සමාජයේ මේ සදහා භාෂාව වැදගත් ලෙස භාවිතයට ගනී. (ගීත, කවි, නවකතා, කෙටිකතා, නාට්යි)
1.1.5. අන්තර්භාව මෝචනය.
කලාත්මකව ප්ර.කාශ කළ නොහැකි භාවයන් ප්රෙතකෝපකාරී ලෙස පිට කිරීම සදහා ඇතැම් අවස්ථා වලදී භාෂාව යොදා ගැනීම මෙහිදී අදහස් කෙරේ.
උදා- වැළපීම, අසභ්යා වචන, ශාප කිරීම.
 
1.2. අන්‍යෝන්‍ය ක්‍රියාකාරිතා පාලනය.
තමාගේ පාර්ශවය සදහා තනි තනිව හෝ සාමූහික වශයෙන් අන්යවයන් මෙහෙයවීම සංවිධානය හා පාලනය පහසු කර ගැනීම සදහා භාෂාව ඉතා වැදගත් කාර්යය භාරයක් සිදු කරයි. මෙහිදී යම් කාර්යයක් සාර්ථක හෝ අසාර්ථක වීමට යොදා ගන්නා භාෂාවේ තත්ත්වය බලපායි.
1.2.2. එක්ව ක්‍රියා කිරීම.
සමූහයක් එක් වී බලය යොදවමින් සිදු කෙරෙන කටයුතු වලදී භාෂාව එකවර ශබ්ද නගා භාවිත කිරීමෙන් එම කටයුතු වලට පහසුවක් සිදුවේ. මෙවන් වෘත්තීන්හිදී මෙය විශේෂයෙන් දක්නට ලැබේ.
උදා-
මාදැල් ඇදීම
ජම්බාර ගැසීම
කඹ ඇදීම
1.2.3. හොදහිත පැවැත්වීම. (සෞහාර්ද්ය ය)
සිහල භාෂාවේ සුවිශේසී ලෙස අර්ථයක් සහිතව හෝ රහිතව භාෂාත්මක යෙදුම් මෙම කාර්ය සදහා බොහෝ සෙයින් යොදා ගනී.
උදා- කෙහෙද යන්නේ, නානවද?
1.2.4. විනෝදය.
විනෝදය සදහා භාෂාත්මක භාවිතයන් බොහෝ සෙයින් උපකාරී වේ. මිනිස් සත්ත්වයා තෘප්ලිමත් වීම කෙරෙහි විශාල ලැදියාවක් දක්වායි. භාෂාත්මක නිර්මාණ වලින් තෘප්තිමත් නොවූ විට වෙනත් ආකාර වලින් අසම්මත ලෙස සමාජ විරෝධී ක්රිපයාවන්ට යොමුවීම දක්නට ලැබේ. මේ සදහා භාෂාත්මක නිර්මාණ වන කවි, ගී, නාට්යබ, නවකතා ආදී නිර්මාණ පරිශීලනය මෙන් ම විහිලු තහලු, සිනා කතා, හිටිවන කවි, කතන්දර කීම ආදිය විකල්ප ලෙස භාවිත කළ හැක.
1.2.5. ආගමික හා ආභිචාරික කාර්ය.
සෑම ආගමක් ම චාරිත්රිවාරිත්රච ඉටුකිරීම සදහාත් වත් පිළිවෙත් පවත්වාගැනීම සදහාත් භාෂාව යොදා ගනී.
උදා- බණ, පිරිත්, යාතිකා, ගීතිකා
අභිචාර විධි වලදී මීට වඩා වෙනස් ආකාරයකට ඒ ඒ කාර්යයන් සදහා ආවේණික වූ භාෂාවන් යොදා ගනී. අර්ථ වටහා ගැනීමකින් තොරව යන්ත්ර මන්ත්රො ජප කිරීම් ආදී කටයුතු වලදී යොදා ගන්නා ගාථා, ශ්ලෝක මේ යටතට ගැනේ.
1.2.6. අනුෂ්ඨානීය කාර්යය.
ජීවිතයේ බොහෝ අවස්ථාවලදී සෙත් පැතීම හා ආශිර්වාදයන් ඕනෑම ජන කොටසක දක්නට ලැබේ. නව පදවියක වැඩ බාර ගැනීම, දිවුරුම් දීම, අලුතින් යම් යම් කටයුතු ආරම්භ කිරීම ආදී අවස්ථාවල යොදා ගන්නා පාර්ථනා හා සෙත් පැතීම් භාෂාව මුල්කොට සිදු කෙරේ.
1.2.7. මානව සංස්කෘතික ප්රදවාහය.
මිනිස් සංස්කෘතියට අදාල ද්රනව්යිමය දේවල් මෙන් ම විශේෂයෙන් ඇගයීම හා ප්රිතිමාන ඇතුලු හර පද්ධතීන් ඊලග පරම්පරාවට පවරා දීමේ දී භාෂාවෙන් සිදුවන කාර්යරභාරය අති විශාලය.
උදා- ඇදුම් පැළදුම්, ආභරණ, සිරිත්විරිත්, චාරිත්රෝ.
 
2. ආත්මීය කාර්යයන්.
ආත්මීය කාර්යයන් ලෙස හදුන්වන්නේ භාෂාව උපයෝගී කර ගනිමින් පුද්ගල ජීවිතයට ලබා ගන්නා කාර්යනභාරය වේ.
2.1. චින්තනය හා අන්තර්භාෂණය.
පුද්ගලයෙකුගේ ජීවිතය ම ගොඩනගනු ලබන්නේ ඔහුගේ සිතිවිලි මතිනි. සිතුවිලි ශක්තිමත් වීමට නම් චින්තනය යහපත් විය යුතුය. ඒ අනුව යහපත් ව සිතීම සදහා භාෂාව මගින් සිදු කරනුයේ දැවැන්ත කාර්යභාරයකි. සිතිවිලි යහපත් වූ පමණින් ම ඒවා වැදගත් නොවේ. එම සිතිවිලි ක්රිඒයාත්මක කිරීම සදහා තවත් කෙනෙකුට භාෂාව යොදා ගනිමින් සම්ප්රෙ ෂණය කළ යුතුය. මෙය අන්තර්භාෂණය යි.
2.2. ස්වයං භාෂණය.
ස්වයං භාෂණය යනු තමා සම්බන්ධව තමාගේ නිර්දේශය යි. තමා පිළිබද ව වටිනාකමක් නොදෙන පුද්ගලයා සමාජයට හිතකර නොවේ. තමාගේ වැදගත්කම සලකන්නා අයහපත් දේට යොමු නොවේ. එබැවින් තමා සම්බන්ධව ධනාත්මකව සිතීමට යෝජනාවන් කිරීමට භාෂාව මගින් වැදගත් කාර්යයක් ඉටු කෙරේ.
 
== සටහන් ==
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Language Language]
|}
{|
{{Commons|Language}}
 
"https://si.wikipedia.org/wiki/භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි