"වැනේඩිනයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
==ව්‍යුහය==
වැනේඩිනයිට් යනු රසායනික සූත්‍රය Pb5(VO4)3Cl සහිත ඊයම් ක්ලෝරොවැනේඩේටයකි. එහි සංයුතිය (බර අනුව) ඊයම් 73.15% ක් ද, වැනේඩියම් 10.79% ක් ද, ඔක්සිජන් 13.56% ක් ද, ක්ලෝරින් 2.50% ක් ද වේ. වැනේඩිනයිට් යනු රසායනික සූත්‍රය සහිත ඊයම් ක්ලෝරොවැනේඩේටයකි. එහි සංයුතිය (බර අනුව) ඊයම් 73.15% ක් ද, වැනේඩියම් 10.79% ක් ද, ඔක්සිජන් 13.56% ක් ද, ක්ලෝරින් 2.50% ක් ද වේ. වැනේඩිනයිට් හී පරමාණුක ව්‍යුහය සැලකූවිට එය ක්ලෝරීන් අයනයකින් සමන්විත වන අතර එය අෂ්ටතලයක කොන් වල පිහිටි ද්වීසංයුජ ඊයම් අයන හයකින් වට වී ඇත, ඊයම් අයන එකිනෙක සම්බන්ද වීමෙන් වැනේඩිනයිට් අයනය සෑදේ. ක්ලෝරීන් අයනක් හා ඊයම් අයනයක් අතර දුර පිකෝමීටර 317 වේ. ඊයම් අයන දෙකක් අතර ඇති කුඩාම දුර ඇංග්ස්ට්‍රම් ඒකක 4.48 කි. නොකැඩුනු අෂ්ටතල දාමයක් පවත්වා ගැනීම සදහා එක් අෂ්ටතලයක් යාබදව පිහිටි වැනේඩිනයිට් ඒකකයක මුහුණත සමග සම්බන්ධව පවතී. එක් එක් වැනේඩියම් පරමාණුවක් අවිධිමත් චතුස්තලයක කෝණ ලෙස පිහිටි ඔක්සිජන් පරමාණු හතරකින් වට වී ඇත. එක් එක් ඔක්සිජන් හා වැනේඩියම් පරමාණුවක් අතර දුර ආසන්නව 1.72 හෝ 1.76 වේ. දාමය පුරාවට ඊයම් අෂ්ටතලයකට ඔක්සිජන් චතුස්තල තුනක් සම්බන්ධව ඇත.
 
වැනේඩිනයිට් ස්පටික කොන් හයක් ඇති සමමිතික පද්ධතියකට අනාකූලතාවයක් දක්වයි. මෙම අභ්‍යන්තර ව්‍යුහය මගින් ස්පටිකයේ කොන් සයක් ඇති බාහිර පෙණුම නිරූපණය වේ. සාමාන්‍යයෙන් මෙය සකොන් ප්‍රිස්මයක් අන්දමෙන් දිස්වේ, නමුත් මේවා සකොන් පිරමීඩ, වටකුරු මූලායව හෝ පෘෂ්ට ලෙසද දැකිය හැක. වැනේඩිනයිට් හී කුඩාම මාපකය, සමාන සමමිතියක් සහ ගුණ දක්වන භාජ්‍ය කුඩාම ඒකකය සකොන් ප්‍රිස්ම හැඩයක් දක්වයි. වැනේඩිනයිට් හී කුඩාම මාපකයෙහි එම අණු දෙකක් අඩංගු වේ, එහි මාන සැලකූ විට ෂඩාස්‍රයේ එක් එක් පැත්තේ දිග ඇංග්ස්ට්‍රම් ඒකක 10.331 වන අතර ප්‍රිස්මයේ උස ඇංග්ස්ට්‍රම් ඒකක 7.343 වේ. වැනේඩිනයිට් හී කුඩාම මාපකයෙහි පරිමාව v=a2.c.sin(600) යන සූත්‍රයෙන් (a= ෂඩාස්‍රයේ එක් එක් පැත්තේ දිග, c= ප්‍රිස්මයේ උස) ලබා ගත හැකි අතර එය ඝන ඇංග්ස්ට්‍රම් ඒකක 678.72 වේ.
"https://si.wikipedia.org/wiki/වැනේඩිනයිට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි