"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
76 පේළිය:
 
ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.
 
==නිරුක්තිය==
 
1507 දී, ජර්මන් සිතියම්කරුවෙක් වූ මාටින් වල්ඩ්සෙමුලර් ලෝක සිතියමක් ඉදිරිපත් කළේය. එහි අපරාර්ධ ගෝලයේ භූමින් ඔහු "ඇමෙරිකා" යැයි නම් කළේ ඉතාලි ජාතික දේශ ගවේෂකයෙකු හා සිතියම්කරුවෙකු වූ ඇමෙරිගෝ වෙස්පූසි සිහි කරමිනි.
 
1776 අප්‍රේල් 6 වැනිදා වර්ජීනියා ප්‍රාන්තයේ විලියම්ස්බර්ග් නගරයේ "වර්ජීනියා ගැසට්" නමින් වූ පුවත්පතේ නිර්නාමිකව ලියන ලද රචනාවක "ඇමෙරිකා එක්සත් ජනපදය" යන වගන්තිය සටහන් ගත වීම ඵෛතිහාසික මුල් සාක්කියයි. 1776 ජූනි මස දී [තෝමස් ජෙෆර්සන්] විසින් [නිදහස් ප්‍රකාශනයේ|නිදහස් ප්‍රකාශනය] "මුල් ම දළ සටහන" ලියද්දී එහි සිරස්තලය ලෙසින් "ඇමෙරිකා එක්සත් ජනපදය" යන මුළු වගන්තිය ඉංග්‍රීසි ලොකු අකුරු වලින් ඇතුල් කරන ලදි. නිදහස් ප්‍රකාශනයේ සුනිශ්චිත ජූලි හතරවැනිදා සංස්කරණයේ දී ඒ කොටස වෙනස් වී කියැවෙන්නේ "ඇමෙරිකා එක්සත් ජනපද දහතුනේ ඒකමතික නිදහස් ප්‍රකාශනය" යනුවෙනි.
 
1777 නොවැම්බර් 15 වැනිදා දෙවැනි මහාද්වීප කොංග්‍රසය විසින් "ප්‍රාන්ත ඒකාබද්ධ ගිවිසුම" අපත්‍යීකෘත කරගත්හ. එහි "මේ රාජ්‍යසන්ධානයේ හිදිවර වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි" යනුවෙන් සඳහන් ය. 1778 දී අත්සන් තැබි ප්‍රංශ-ඇමෙරිකානු ගිවිසුම් ද "උතුරු ඇමෙරිකා එක්සත් ජනපද" යැයි භාවිතා විය. එහෙත් 1788 ජූලි 11 දා සිට "ඇමෙරිකා එක්සත් ජනපදය" යන්න රටේ මුදල් නෝට්ටු ගණුදෙනු වල දී පටන් ගැනිණ. එතැන් පටන් එය රටේ නිල නාමය වශයෙන් භාවිතා වෙයි.
 
"එක්සත් ජනපදය" යන කෙටි නාමය ද සාමාන්‍යයෙන් භාවිතා වෙන්නකි. අනිකුත් සාමාන්‍ය භාවිතයට "යූ. එස්.", "යූඑස්ඒ" , සහ "ඇමෙරිකාව" යනාදිය ඇතුලත් ය. කථා ව්‍යවහාරයේ දී "යූ.එස්. ඔෆ් ඒ." කියා ද, ජාත්‍යන්තර වශයෙන් "ස්ටේට්ස්" කියා ද භාවිතා වෙති. "කොලොම්බිය" යන නාමය 1700 ගණන් වල දී ගද්‍ය හා සිංදු වල ජනප්‍රිය වූවකි, එය පැවත එන්නේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් නිසා ය. එය "කොලොම්බියා දිස්ත්‍රික්කය" හි දැක්වෙන්නකි.
 
එක්සත් ජනපදයේ පුරවැසියක් හඳුන්වන සාමාන්‍ය භාවිතය නම් "ඇමෙරිකන්" යැයි කීම ය. "එක්සත් ජනපදය" යන්න නිල වශයෙන් ඒකාන්ව පදවරහක් වුව ද, "ඇමෙරිකන්" සහ "යූ.එස්." යනාදිය රට ගැන කියන නාමවිශේෂණ භාවිතයේ දී වෙයි. උදාහරණ හැටියට "ඇමෙරිකන් අගැයුම්" සහ "ඇමෙරිකන් හමුදාවන්" දැක්විය හැකියි. එක්සත් ජනපදය හා සබැඳි නොවන විෂයයන්ට "ඇමෙරිකන්" යන්න යෙදීම ඉංග්‍රීසි භාෂාවේ විරල ය.
 
"එක්සත් ජනපදය" යන වගන්තිය මුල් භාවිතයේ දී බහුවචනයක් ලෙසින් සැලකිණ. ඊට උදාහරණයක් 1865 දී අපරානුමත කරන ලද එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනයේ දැක්වෙයි. සිවිල් යුද්ධය අවසානයෙන් පසු එය ඒකවචනයක් ලෙසින් භාවිතය සාමාන්‍යයක් ලෙසින් සිදුවිය. ඒකවචනයක් ලෙසින් භාවිතය අද සම්මතයයි. බහුවචනයක් ලෙසින් යෙදීම සිද්ධ වන්නේ "මේ එක්සත් ජනපද" කියා කියන රූඪියේ දී ය.
 
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි