"රෙනේ ඩෙකාට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
}}
 
'''රෙනේ ඩෙකාට්''' ප්‍රංශ ජාතිකයෙකි. දාර්ශනිකයෙකි. ගණිතඥයෙකි. නූතන දර්ශනයේ ආරම්භකයා ලෙස හේ සැලකේ. ඔහු වඩාත් ම සුප්‍රසිද්ධ වන්නේ "මම සිතමි, එබැවින් මම ඇත්තෙමි," යන කියමනට ය. මේ පාඨය ඩෙකාට් ඉදිරිපත් කරන ඥාන විභාගයේ හරය වෙයි. එසේම එහි ඔහුගේ දර්ශනයේ ඇති වැදගත් ම කරුණු ද අඩංගු වෙයි. එවක පැවති විද්‍යාත්මක උත්සාහයන් වලින් පෝෂණය වෙන ඩෙකාට් ජෙසුයිට් පාසැලේ දී ලැබූ ස්කොලාස්ටිකවාදයෙන් ද පෝෂණය වී තිබියෙකි. ඒ නිසා අවිනිශ්චිත ද්වෛතයක් ඔහුගේ දර්ශනයෙන් ඉදිරිපත් වෙයි. තර්කානුකූල අතින් අනෙකුත් දාර්ශනිකයන් අභිබවා යන්නට ඔහුට හැකි වූව ද ඔහුගේ දර්ශනය ද්වෛතවාදය ඉදිරියේ දී අසංසන්දන වලට ද හේතු විය. ඩෙකාට් ප්‍රතිවිරුද්ධ වූ දාර්ශනික නිකායන් දෙකක ප්‍රභවස්ථානය ගත්තෙක් ලෙසින් සැලකේ.
'''රෙනෙ ඩෙකාට්''' ප්‍රංශ ජාතිකයෙකි. දාර්ශනිකයෙකි. ගණිතඥයෙකි. නූතන දර්ශනයේ ආරම්භකයා ලෙස හේ සැලකේ.
 
==පුද්ගලික තතු==
 
වංශවත් පවුලකින් එන ඩෙකාට්, 1604 සිට 1616 දක්වා ලා ෆ්ලේෂේ හි රාජකීය හෙන්රි-ල-ග්‍රාන්ඩ් නමින් තිබි ජෙසුයිට් පාසැලක ඉගෙනුම ලැබීය. ඩෙකාට් ගේ පියා බ්‍රිට්නියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූයේය. පියාට හිමි ඉඩම් පියාගේ මරණයෙන් පසු ඩෙකාට් ට හිමි වූවා යැයි සැලකේ. 1612 දී පැරිස් නගරයට යන ඩෙකාට් හුදෙකලා ජීවිතය ප්‍රිය කරන ලද්දෙකි.
 
විචාරයේ යුගයෙන් පුනරුද යුගයට බසින විද්‍යාත්මක ගවේෂණයේ යෙදෙන විද්වතුන් අතරට ඔහු එකතු වෙන්නේ විශ්ලේෂණ ජ්‍යාමිතිය හඳුන්වා දීමෙනි. පයිතගරස්ගේ අදහස් හැදැරූ අය අතර තිබි සම්ප්‍රදායික බලාපොරොත්තුවක් වූ තල ජ්‍යාමිතිය<ref>http://en.wikipedia.org/wiki/Plane_(geometry)</ref> සහ ශුද්ධ වීජ ගණිතය අතර සබැඳියාවක් පෙන්වන්නට ඩෙකාට් සමත් වෙයි. 1633 දී ඩෙකාට් විසින් තම භෞතික විද්‍යාව ගැන ලියූ පර්යේෂණ කෘතිය මුද්‍රණයට යන අවස්ථාවේ දී ඔහුට ගැලිලෙයෝ ගැලිලි මතක් වෙයි. වසර දාහතකට පෙර මිථ්‍යා දෘශ්ටීන් නැති කරනු පිණිස වූ කතෝලික සභාව විසින් ගැලිලෙයෝ සිරගත වෙන අන්දම ඩෙකාට් ට සිහිවේ. වහා මුද්‍රණාලය වෙත දිව යන ඩෙකාට් තම අත්පිටපත ප්‍රකාශන නොකර ඉවත් කර ගන්නා ලදි. ගැලිලෙයෝ සිරගත වූයේ ඔහු නිමැ වූ දුරේක්ෂකයෙන් ජුපිටර් ග්‍රහලෝකයේ කක්ෂය වටා දිවෙන උප ග්‍රහයන් සිටිනා බව කීම නිසා ය. කතෝලික සභාව එකල දැරූ අදහස වූයේ පෘතුවිය විශ්වයේ කේන්ද්‍රස්ථානය බව ය. සූර්යයාගේ කක්ෂය වටා පෘතුවිය ගමන් කරන බව කටකතා වලින් පැතිර ගියත්, පෘතුවියේ කක්ෂය වටා යන චන්ද්‍රයා හේතුවෙන් ඔවුන් කේන්ද්‍රස්ථානය වන්නේ පෘතුවිය යැයි සැකයක් නැතිව ඔප්පු කරත හැකි විද්‍යාත්මක සත්‍යයක් ලෙස සැලකූහ. එහෙත් ගැලිලෙයෝ විසින් ජුපිටර් වටා සිටින උපග්‍රහයන් හතර දෙනෙක් දකින්නට හැකි බව කියද්දී ඔව්හු තම මතය නිශ්ප්‍රභා වේ යැයි අකමැත්තෙන් ගැලිලෙයෝ සිරගත කළහ.
 
ඩෙකාට් කතෝලික බැතිමතෙකු විය. ඔහුට කතෝලික පල්ලිය හා ආරවුලක් ඇති කරගැනීමට උවමනා වූයේ නැත. ගැලිලෙයෝ ගේ සිරගත කිරීම අයහපත් යැයි හේ දැකීය. විද්‍යාවට ඉඩ නොදෙන ආගමික ආඥාදායක්වය නිසා මිනිසාට ආගම අප්‍රසන්න වේ යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඔප්පු කරනු සඳහා සිරගෙදර යන්නට ඔහු අකමැති විය. ඉතා සූක්ෂම ලෙසින් මුද්‍රණාලයෙන් ඉවත් කරගත් අත්පිටපත ඩෙකාට් අතින් යළි සකස් වෙයි. එය '''භාවනා''' නොහොත් ''පළමු දර්ශනයේ භාවනා'' යැයි ඔහු නම් කරයි. එසේ නම් කර ඔහු එය පිරිනමන්නේ "පැරිසියේ දේවධර්මය හදාරන පූජනීය පීඨයේ වඩාත් ම ප්‍රඥාවත් හා සත්කීර්තිමත් පීඨාධිපති ඇතුළු ආචාර්යවරු වෙතටයි."<ref>http://www.wright.edu/cola/descartes/lod.html</ref> ඒ අතරතුර තම හිතවතුන්ට ලියන ඩෙකාට් "මේ භාවනා හයෙන් භෞතික විද්‍යාව ගැන වූ මගේ සියළු ම ප්‍රධාන අදහස් ගැන කියැවේ. ඒත් එය ඔබගේ දැන ගැනීම සඳහා පමණක් තබාගන්න," යැයි ලියා යවන්නේ ය.<ref>https://catalyst.library.jhu.edu/catalog/bib_822810</ref>
 
 
"https://si.wikipedia.org/wiki/රෙනේ_ඩෙකාට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි