"ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
}}
 
'''ලෙක්සින්ග්ටන් සහ කොන්කොර්ඩ් සටන්''' ඇමෙරිකන් නිදහස් අරගලයේ දී ඇමෙරිකානු මහාද්වීප හමුදාව විසින් යටත්විජිත මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍යට එරෙහිව වැදුනු මුල් සටන් ලෙසින් නම් වෙති. 1775 අප්‍රේල් 19 වැනිදා බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13 විසින් මහා බ්‍රිතාන්‍ය හමුදාවේ 700 කට පමණ එරෙහිව (නූතන මැසචූසෙට්ස් ප්‍රාන්තයේ දී) සිද්ධ වූවකි. බ්‍රිතාන්‍ය හමුදාපති තෝමස් ගේජ්ට රහස් ඔත්තුකරුවන් වෙතින් කොන්කෝර්ඩ් නැමති ගමේ මැසචූසෙට්ස් මිලීෂියාවගේ අවි ආයුධ ගබඩාවක් ඇති බව දැනගන්නට ලැබේ. තමනට පහර වැදෙන්නට පෙර රහසින් ගිහින් එය වටලා අවි ආයුධ බ්‍රිතාන්‍ය්‍ය යටතට ගැනීමට ඔහු අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවේ රතු කෝට් සොල්දාදුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට කොන්කෝර්ඩ් වලට නුදුරින් වූ බොස්ටන් නගරයේ දේශප්‍රේමී යටත්විජිත වැසියන් වූහ. රිදී කර්මාන්තයේ නියැළි පෝල් රිවියෙර් නැමැත්තා එවක දේශප්‍රේමී ව්‍යාපාරය සහ නිදහස් පුත්‍රයන් යැයි හැඳින්වූ සංවිධාන වල සාමාජිකයෙකි. රහසින් ගමන් අරඹන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය හමුදාවේ හැසිරීම දැකි පෝල් රිවියෙර් මැදියම් රැයේ බොස්ටන් සිට ලෙක්සින්ග්ටන් වෙත අසු පිටින් ගොස් අවදානම ගැන අනතුරු ඇඟවූයේය. බ්‍රිතාන්‍ය්‍ය හමුදාව පැමිණෙද්දී ඔවුන්ව පරාජයට සූදානම් වී සිටීමට යටත්විජිත අරගලකරුවන්ට හැකිවුණි.
 
==බ්‍රිතාන්‍ය අරමුණ==
 
තෝමස් ගේජ් යටතේ බ්‍රිතාන්‍ය හමුදාවේ තුන්දහසක් පමණ සේනාවක් සිටිය ද බොස්ටන් නගරයෙන් බැහැර මැසචූසෙට්ස් ප්‍රාන්තයේ එතරම් පාලන බලයක් ඔවුනට නොතිබුණි. 1775 අප්‍රේල් 14 වැනිදා ඔහුට රාජ්‍ය ලේකම් විලියම් ලෙගෙ නොහොත් ඩාට්ත්මත් හි අර්ල් වෙතින් ලැබි අණ වූයේ පළාතේ සඟවා ඇති අවි ආයුධ සොයාගෙන කැරලිකාර අරගලකරුවන් සිරගත කරන්නට කියාය. විශේෂයෙන් ම ඔවුන්ට උවමනා වූයේ සැමුවෙල් ඇඩම්ස් හා ජෝන් හැන්කොක් යන කැරලිකරුවන් දෙදෙනා ය. අප්‍රේල් 18 වැනිදා උදෑසන හමුදාපති ගේජ් විසින් අශ්වාරෝහකයන් විසිදෙනෙක් මේජර් මිචෙල් යටතේ යවන්නේ ඇඩම්ස් හා හැන්කොක් දෙදෙනා ඉන්නා තැන් සොයා බලන්නට ය. ඔවුන් වෙනදා පළාතේ සැරිසරන සොල්දාදුවන් මෙන් නොව වෙනස් ආකාරයකින් හැසිරෙන බව මිලීෂීයාවේ ඔත්තුකරුවන් නිරීක්ෂණය කළහ.
 
බ්‍රිතාන්‍ය හමුදාවේ 700 ක් පමණ සොල්දාදුවන් ගියේ ලුතිනන් කර්නල් ෆ්‍රැන්සිස් ස්මිත් යටතේ ය. ඔහුට අප්‍රේල් 18 වැනිදා සවස හමුදාපති තෝමස් ගේජ් වෙතින් ලැබුණ අණ වූයේ ඒ ආඥාව ගමන පිටත් වූවාට පසු කියවන්නට කියාය. එහි වූයේ කොන්කෝර්ඩ් නගරයට ගොස් අවි ගබඩා තම බාරයට ගෙන විනාශ කර දමනු කියාය. කිසිම පුද්ගලික දේපලකට හානියක් නොකරන්න යැයි ද එහි ලියා තිබුණි.
 
==යටත්විජිත ඇමෙරිකානු සූදානම==
 
ඇමෙරිකන් කැරලිකරුවන්ට විලියම් ලෙගෙ විසින් හමුදාපති ගේජ් වෙත එවන ආඥාව දැනගන්නට ලැබෙන්නේ ලන්ඩන් නුවර සිටි ඔත්තුකරුවන් ගෙන්. එනම්, ගේජ් දැනගන්නටත් පෙර ඔවුන් එය දැන සිටියහ. බොස්ටන් හි පදිංචිකරුවන් වූ සැමුවෙල් ඇඩම්ස් හා ජෝන් හැන්කොක් එවිට තම නිවෙස් වලින් පළා ගොස් සැඟවී සිටියේ ලෙක්සින්ග්ටන් හි හැන්කොක්ගේ ඥාති නිවසකය.
 
බොස්ටන් වලින් බ්‍රිතාන්‍ය රතු කෝට් (ඔවුන්ගේ නිල ඇඳුම් රතු පාට නිසා ඒ නම වැටිණ) හමුදාව පිටත් වෙන්නට පෙර මහ රෑ ගමන් කළ පෝල් රිවියෙර් ගැන පසුකාලයක හෙන්රි වැඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ නම් ගද්‍ය රචකයා කවියක් ලියුවේය.
"අහන්න මගේ දරුවෙනි එවිට ඔබට ඇසේවි
පෝල් රිවියෙර් ගේ මැදියම් රෑ ගමන ගැන
හැත්තෑපහේ අප්‍රේල් මාසයේ දහඅට වැනිදා
අද එකෙකුදු නොමැත ජීවතුන් අතර
ඒ වැදගත් දිනය සහ වසර මතකයේ ඇති අයෙක්.."<ref>http://poetry.eserver.org/paul-revere.html</ref>
 
 
==මූලාශ්‍ර==