"සඟරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
සඟරා, වාර ප්‍රකාශන යනු එක්තරා නිශ්චිත කාලයකට වරක්, විවිධ ආකාරයේ ලිපි ලේඛණ අඩංගු ප්‍රකාශනයන් වේ. මේවාට මුදල් ලැබෙන්නේ දැන්වීම්වලින් සහ එම ප්‍රකාශන අලෙවි කිරීමෙනි. නැතහොත් ඒ දෙකම හේතුවෙනි.
 
==සඟරා වර්ග==
 
සඟරා වර්ග ඉතා පළල් විෂය වර්ග දෙකකට බෙදේ. පාරිභෝගිකයින්ගේ සඟරා සහ ව්‍යාපාරික සඟරා වශයෙනි. ප්‍රායෝගික වශයෙන් සඟරා යනු වාර ප්‍රකාශනවල උපකාණ්ඩයකි. වෘත්තීය කරුණු අලලා කෙරෙන සඟරා සාමාන්‍ය වාර ප්‍රකාශනවලට වඩා වෙනස් වේ. ඒවා විද්‍යාත්මක , කලාත්මක, අධ්‍යාපනික කරුණුවලට සීමා වන අතර සීමිත සාමාජිකයින් පිරිසක් සිටින, මිළ අධික ,සීමා සහිත බෙදා හැරීමක් පවතින, සඟරා වර්ගයකි. මේවායේ දැන්වීම් ඇත්තේ සුළු වශයෙනි. නැතහොත් නැති තරම්ය. බොහෝ ව්‍යාපාරික සඟරාවන් බොහෝ විට රඳා පවතින්නේ සාමාජිකයින්ගේ මුදල් මතයි. සමහර අවස්ථාවලදී සාමාජික මුදල් ගෙවන ඕනෑම කෙනෙකුට මෙම සාමාජිකත්වය ලබා ගත හැක.
 
අනෙකුත් අවස්ථාවල ප්‍රකාශකයාගේ නිර්ණායකයන්ට එකඟවන කියවන්නාට නොමිලේ සාමාජිකත්වය ලබාගත හැක. මෙම භාවිතය හැඳින්වෙන්නේ සීමිත බෙදාහැරීම යනුවෙනි. (Conrtolled Circulation) කියවන්නන් නොහොත් පාඨක සමාජයට අදාල වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ය, යන්න දැන්වීම් කරුවන්ට ඒත්තු ගැන්වීම මෙයින් අදහස් කරේ. ඒවායේ පළවන දැන්වීම්වල සඳහන් කෙරෙන ද්‍රව්‍යය පාඨකයන්ට මිළ දී ගැනීමේ ශක්තිය තිබෙන බව දැන්වීම්කරුවන්ට ඒත්තු ගැන්වීමට ඔවුනට පුළුවන. බොහෝවිට මෙම ක්‍රම දෙක එකට මිශ්‍රවෙයි. ව්‍යාපාරික සඟරා සඳහා දැන්වීම් යනු ආදායම් ලැබීමේ මාර්ගයකි.
 
== ප්‍රකාශනය ==
"https://si.wikipedia.org/wiki/සඟරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි