"එක්සත් ජනපද ඉතිහාසය - සිවිල් යුද්ධය පැවති යුගය (1849 – 1865)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Robot: Interwiki standardization
File moved on Commons
5 පේළිය:
1860 වන විට මිලියන 4 කට ආසන්න වහලුන් සංඛාවක් එක්සත් ජනපදය තුල වාසය කළහ. එම ප්‍රමාණය 1790 සිට 8 ගුණයකින් වැඩි වීමකි. මෙම කාල සීමාව තුල එක්සත් ජනපදයේ කපු නිෂ්පාදනය එක් දහසේ සිට මිලියනයකට ආසන්න ප්‍රමාණයකට විශාල දියුණුවක් ලැබීය. වහල් කැරළි කීපයක්ද හටගත් අතර ඒවා මෙහෙයවන ලද්දේ ප්‍රෝබ්‍රියෙල් ප්‍රොයර් (1800) ඩෙන්මාර්ක් වෙසෙයි (1822) සහ නැට් ටර්නර් (1831) යනාදින් විසිනි. එහෙත් මෙම කැරළි සියල්ලම අසාර්ථක වූ අතර දකුණේ වහල් පාලනය ඉන් පසු දැඩි විය. නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරූ සුදු ජාතිකයෙකු වූ ජෝන් බ්‍රවුන් විසින් වර්ජිනියාවේ හාර්පස් ෆෙරි හි රඳවා සිටි කලු වහලුන් පිරිසක් නිදහස් කර ගැනීමට උත්සාහ කරනු ලැබූවේය. එහෙත් ඔහු අසමත් විය. මෙම ක්‍රියා වෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ඝාතණය කරනු ලැබීය. අමාත්‍ය ලීමන් බීචර්ගේ දියණිය වූ හැරිසට් බීචර් ස්වොච් 1852 දී අංකල් ටොම්ස් කැබින් (Uncle toms Cabin) නම් නව කථාව ප්‍රසිද්ධියට පත් කළාය. මෙය ලියන ලද්දේ පලායන වහලුන් සම්බන්ධ පනතේ (Fugitive slave Act) වගන්තියට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙනි. මෙම ග්‍රන්ථය පල කිරීමෙන් ඇගේ අභිප්‍රාය වූයේ වහල් භාවයේ කෲර බව පිළිබඳ ඇගේ මතය එළි දැක්වීමයි. එම ග්‍රන්ථය ප්‍රකාශිත මුල් වසරේදීම පිටපත් 300,000 ක් අලෙවි විය. බොහෝ වහල්ලු ඔවුන්ගේ ස්වාමිවරුන්ගෙන් මිදි “පොළව යට රේල් පාර” (Undergruond Railroad) උපයෝගි කර ගනිමින් පලා ගියහ. මෙම වචනය එම මාර්ගය හැඳින්වීමට ඔවුන් යොදා ගත් යෙදුමකි. මෙහිදි පෙර කී නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරු කණ්ඩායම් විසින් එම වහල්ලුද (Free State) නිදහස් ජනපද යයි හඳුන්වන ලැබු පෙදෙස් කරා රහසින් ගෙන යනු ලැබූහ. මෙහි ඉතා ප්‍රසිද්ධ නායකයා වූයේ හැරියට් ටබ්මන්ය
 
[[ගොනුව:US Secession map 18651863 (BlankMap derived).PNGpng|thumb|200px|සංගමය - නිල්, කහ, අලු :සන්ධානය-ගුරු]]
 
සන්ධානයේ හමුදා නායක පියරේ බියුරේ ගාඩ් විසින් සන්ධාන ජනපදයක් වූ දකුණු කැරොලිනා වේ සම්ටර් කොටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් යුද්ධය ආරම්භ විය. වර්ජිනියාවේ වයඹ කොටස සමග වඩාත් උතුරේ පිහිටි වහල් ජනපද පහෙන් හතරක් වෙන් නොවුනු අතර ඒවා මායිම් ජනපද ලෙස හැඳින්වීමට පටන් ගැනින. ජෙනරාල් රොබට් ඊ ලී උතුරු වර්ජිනියා හමුදාවේ 55000 ක මිනිසුන් පොටොමැක් ගඟ හරහා මේරිලන්ඩ් වෙත යැවූ අවස්ථාවේ (Second bull run මගින් ) ධෛර්ය ලැබූ සන්ධානය ඔවුන්ගේ ප්‍රථම උතුරු ආක්‍රමණය සිදු කළහ. මේරිලන්ඩ් හි ෂාප්ස්බර්ග් අසළ 1862 සැප්තැම්බර් මස 17 වෙනි දින සිදු වූ ඇන්ටියටම් සටන (Battle of Antietam) ඇමෙරිකන් ඉතිහාසයේ සඳහන් වන්නේ අති දරුණු කෲර දිනයක් වශයෙනි.