"ජේසුස් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
80 පේළිය:
දොලොස් සඟයන්ගෙන් කෙනෙකු වන පෝලට අනුව මුල් කාලීන ක්‍රිස්තු භක්තිකයන් ලියා තැබුවේ “ජේසුස් වහන්සේ නැවත නැගිටියේ නැති වුවහොත් අපගේ කිතු දහම පිළිබඳ ඉගැන්වීම් වැඩකට නැති වෙන්නේය, එලෙසම ඔබගේ දෙවියන් පිළිබඳ විශ්වාසය ද නිෂ්ඵල වන්නේය” ජේසුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය ක්‍රිස්තියානු ධර්මයේ වඩාත් වැදගත් අවස්ථාවේ එලෙස ජේසුස් වහන්සේ ඔහුගේ මූලික නිරූපණයන් වන ඔහුට මරණය සහ ජීවිතය පිළිබද බලයක් ඇති අතර එමඟින් මිනිසාට සදාකාලික ජීවිතයක් ලබා දීමට හැකියාව ඇති බව ප්‍රකාශ කරමිනි බයිබලය සකස් කරනු ලැබීය.
සාමාන්‍යයෙන් නව තෙස්තමේන්තුවේ දැක්වෙන පරිදි ජේසුස් වහන්සේගේ උට්ඨානය ක්‍රිස්තියානු පල්ලිය පිළිගන්නා අතර එය උගන්වනු ලැබේ. සමහර නවීන උගතුන් ජේසුස් වහන්සේගේ අනුගාමිකයන්ගේ විශ්වාසයන් යොදා ගන්නා අතර එය ඓතිහාසික ජේසුස් වහන්සේගේ සන්නතිය නව ප්‍රවේශයක් ස්ථාපිත කෙරෙන කරුණක් ලෙස සහ මුල් කාලීන පල්ලිය පිළිබඳ ප්‍රකාශ කරන කරුණක් වශයෙන් යොදා ගනී. සමහර නිදහස් ක්‍රිස්තියානි භක්තිකයන් මෙම කථාව සංකේතමය වශයෙන් පො‍හො‍සත් වූ සහ අධ්‍යාත්මිකව පෝෂණය වූ මිත්‍යාවක් ලෙස සලකා ප්‍රායෝගිකව ශරීරමය උට්ඨානයක් පිළිගනු ලබන්නේ නැත.
 
==උරුමය==
[[ගොනුව: Michelangelo%27s_Pieta_5450_cropncleaned.jpg|thumb|පියේනා, මයිකල් ඇන්ජෙලෝ, 16 වන සියවස ජේසුස් වහන්සේගේ මව මේරි ඇගේ මිය ගිය පුත්‍ර‍යාගේ දේහය දරා සිටියි.]]
 
 
 
බයිබලයේ බොහෝ ක්‍රිස්තියානි අර්ථ දැක්වීම්වලට අනුව ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්වල තේමාව වූයේ පශ්චාත්තාපය කොන්දේසි රහිත ආදරය පවුවලට සමාව දීම, කරුණාවසහ දෙවියන්ගේ රාජධානියට පැමිණීමයි. කුඩා යුදෙව් නිකායන් වශයනේ ආරම්භ වීමත් සමඟ ජේසුස් වහන්සේගේ මරණයන් දශකයන් කිහිපයකට පසු එය යුදෙව් ආගමෙන් ප්‍රභේදය වූ ආගමක් වශයෙන් දියුණුවට පත් විය. කිතු දහම නිසෙන් කිතු දහම ලෙස හඳුන්වන සංස්කරණයක් යටතේ රෝමානු අධිරාජ්‍ය පුරාවට ව්‍යාප්ත විය. 1වන නියෝඩොසියස් යටතේ ස්ථිර ආගමක් බවට පත් විය. ශතවර්ෂ මුළුල්ලේ, බොහෝ යුරෝපීය රටවල ද පසුව ලෝකය පුරා ද ප්‍රචලිත විය.
 
ජේසුස් වහන්සේ චිත්‍රයට නගමින් සිතුවම් කරමින්, කැටයම් කරමින් සිනමා පටවල සහ වේදිකාවේ විවිධ වූ ක්‍රමයන්ට එනම් ගැඹුරු සහ හාස්‍යමය යන දෙආකාරය‍මෙන්ම නිරූපණය කරමින් ඇත්තේය. ජේසු තුමන්ගේ රූපය ප්‍රකටව චිත්‍ර කලාවේ සහ සාහිත්‍යයේ විදහා දක්වයි. ඩා වින්සි කොඩ් වැනි ප්‍රසිද්ධ නවකථාවන් ද ජේසු තුමන් පිළිබඳ විවිධ වූ අදහස් නිරූපණය කර තිබේ. ද පැෂන් ඔෆ් ද ක්‍රියිස්ට් වැනි සිනමා කෘතීන්හි ද ඔහුගේ ජීවිතය, මරණය සහ උට්ඨානය නිරූපනය කර තිබේ. ජේසුස් වහන්සේට වෙනුවෙන් ඇති බොහෝ කියමන් බටහිර ශිෂ්ටාචාර සංස්කෘතියෙහි කොටසක් බවට පත් වී තිබේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් ඇති බොහෝ කියමන් බටහිර ශිෂ්ටාඨාර සංස්කෘතියෙහි කොටසක් බවට පත්වී තිබේ. ජේසුස් වහන්සේගේ පූ‍ජනීය කෞතුක වස්තු අපේක්ෂා කරන බොහෝ අයිතමක් ඇත. එයින් වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලනුයේ ටියුරින් හි මිනී වැස්ම සහ ඕමිඉඩොහි ය.
 
දෙවියන් පිළිබඳ වු අනෙකුත් උරුම්යන් හි දැක්ම වූයේ දෙවියන් වඩාත් ආදරබර දෙමාපිය, කරුණාවන්ත සහ සමාව දිය හැකි නැවත උට්ඨානය පිළිබඳ වූ විශ්වාසයන් වර්ධනය වීමයි. ඔහුගේ ඉගැන්වීම්, පොදුවේ පහත් පුද්ගලයන් ලෙස සැලකූ පුද්ගලයන්ගේ වටිනාකම වර්ධනය කෙරුණි. කාන්තාවන්, දුප්පතුන්, වාර්ගික පිටස්තරයන්, ළමයින්, ගණිකාවන්, රෝගීන්, හිරකාරයන් ඒ අතර වෙති. අවුරුදු දහස් ගණනක් යනතුරු ජේසුස් වහන්සේ සහ ඔහුගේ පණිවිඩය බොහෝ මිනිසුන් අර්ථ දක්වමින්, පැහැදිලි කරමින් හා තේරුම් ගනිමින් ඇත. ටාර්සස්හි පොල්, පල්ලියේ පූජකවරුන් ඔගස්ටස් ඔෆ් හිපෝ, මාටින් ලූතර් සහ මෑතක දී සී.එස්. ලුවිස් සහ II පොප් ජොන් පොල් විසින් ජේසුස් වහන්සේ පිළිබඳ සැලකිය යුතු ආකාරයෙන් පැහැදිලි කළේය. තෝමස් ජෙෂසන් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් “මිනිසාට සදාකල්හිම පිලිගැන්වූ වඩාත්ම උත්කෘෂ්ට සහ ත්‍යාගශීලී සදාචාරයන්හි සංකේතයක් ලෙස විශ්වාස කළේය.
සමහර යුදෙව්වන්ට විනාශ වූ ක්‍රිස්තියානි කණ්ඩායම් පිබිදීමත් සමඟ ඔවුන් යුදෙව්වන් සමඟ සැලකිය හැකි දුරකට මිතුරුවන්නට හා අන්තර් සමය සංවාදය සහ අනන්‍ය ගෞරවය දැක්වීම දියුණු කළත්, ජේසුස්ගේ උරුමය ක්‍රිස්තියානි යුදෙව් විරෝධී ඉතිහාසයක් ‍වේ. අනෙක් අයට කිතු දහම බොහෝ විට යුරෝපීය යටත් විජිතකරණයත් සමඟ සම්බන්ධ වීමකි. සමහර පුද්ගලයන් විවාද කරනුයේ බරිතොලෝමේ ද ලස් කසස් ගේ ස්පාඤ්ඤයේ නව ලෝක අධිරාජ්‍යයේ දේශීය වාසය කරන්නන්ගේ ආරක්ෂාව හරහා ‍ජේසුස් වහන්සේගේ උරුමයන්ගෙන් එකක්, විශ්ව මිනිස් අයිතිවාසිකම්වල මතයක් ලෙසයි.
"https://si.wikipedia.org/wiki/ජේසුස්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි