"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
47 පේළිය:
විලාසිතා නිර්මාණකරුවන් කාන්තාවන් සඳහා ද ඇඳුම් පැළැඳුම් නිර්මාණය කරයි. සමහරක් උසස් විලාසිතා නිර්මාණකරුවන් තනිව සේවයේ යෙදී සිටින අතර තනි පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කිරීම සිදු කරයි. අනෙකුත් උසස් විලාසිතා නිර්මාණකරුවන් විශේෂිත සාප්පුවලට හෝ උසස් විලාසිතා දෙපාර්තමේන්තු ගබඩාවලට තම සේවය ලබා දේ. මෙම නිර්මාණකරුවන් විසින් හොඳම තත්ත්වයේ රෙදි පිළි නිපදවන අතර ඒවා මඟින් නව විලාසිතා ප්‍රවණතා ද ඇති වේ. කෙසේ නමුත් බොහෝමයක් විලාසිතා නිර්මාණකරුවන් විශාල වෙළෙඳ පොළ සඳහා කාන්තා පිරිමි හා ළමා විලාසිතා නිර්මාණය කරන රෙදි පිළි නිපදවන්නන් සඳහා තම සේවාවන් ලබා දෙනු ලැබේ. කැල්වින් ක්ලෙයන් හෝ රැල්ෆ් ලෝරන් හෝ වෙළෙඳ නාම මෙම නිපදවීම් කරනු ලබන්නේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටින ස්වාධීන නිර්මාණකරුවන් කණ්ඩායමක් මඟිනි.
 
==විලාසිතා වර්ග==
විලාසිතා නිර්මාණයේ ප්‍රධාන ඛාණ්ඩ තුනක් වේ. එනමුත් මේවා තවත් අතිරේක වඩා විශේෂිත කාණ්ඩවලට බෙදී යා හැක.
 
===හෝටි කෝචර් (Haute Couture)===
 
1950 ගණන් දක්වා තම ආධිපත්‍ය පතුරවා ගෙන සිටි විලාසිතා නිර්මාණ වර්ගය වූයේ මිනුමට අනුව සාදන ලද හෝ හෝටි කෝචර් (අධි විලාසිතා සඳහා වූ ප්‍රංශ වදන) ය. මිනුමට අනුව සාදන ලද යන වදන යම් විශේෂිත ගැනුම්කරුවෙකු සඳහා නිර්මාණය කරන ලද ඕනෑම ඇඳුමක් සඳහා යොදා ගත හැක. කෙසේ නමුත් හෝටි කෝචර් යන්න ආරක්ෂිත වදනක් වන අතර එය යොදා ගත හැක්කේ Chambre symdicale de La Couture මඟින් පවත්වාගෙන යන හොඳින් අර්ථ දක්වා ඇති සම්මත සපුරා ගන්නා සමාගම්වලට පමණි. කෙසේ නමුත් බොහොමයක් නිමි ඇඳුම් හා විශාල වෙළඳ පොළ වෙළඳ නාම ඔවුන් විසින් හෝටි කෝචර් නිපදවන බව පවසා සිටී. නමුත් ප්‍රකාශයට පත් කර ඇති සම්මතවලට අනුව එය එසේ නොවේ. කෝචර් ඇඳුමක් තනි පා‍රිභෝගිකයකුගේ ඇනවුමකට අනුව නිපදවෙන අතර සාමාන්‍යයෙන් එය අධි තත්ව මිළ අධික රෙදිපිළිවලින් හා අධික අවධානයකින් හා නිමාවකින් යුතුව මැසීම සිදු කරයි. මේ සඳහා අධික කාලයක් හා අතින් සිදු කරන තාක්ෂණික ක්‍රම භාවිතයට ගැනේ. මෙහි නිමාව හා එහි ගැළපෙනභාවය, අමුද්‍රව්‍ය හා එය නිපදවීමට ගන්නා කාලයට වඩා ප්‍රමුඛතාවක් අයත් කර ගනී.
 
===නිමි ඇඳුම් (Ready to wear)===
 
නිමි ඇඳුම් යනු හෝටි කෝචර් හා විශාල වෙළඳ පොළ අතර වූ අතිච්ඡාදනයකි. ඒවා එක ගැණුම්කරුවෙකු සඳහා නිපදවා නොමැති නමුත් තෝරා ගැනීමේ දී හා රෙදි කැපීමේ දී අතිශය දැඩි සැලකිල්ලක් දක්වා ඇත. විශේෂිත බව ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුම් අඩු ප්‍රමාණවලින් නිපදවන අතර එමනිසා ඒවා සාපේක්ෂව අධික මිළකින් යුක්ත වේ. නිමි ඇඳුම් එකතු සාමාන්‍යයෙන් විලාසිතා සතිය ලෙස හඳුන්වන කාලයක් තුළ දී විලාසිතා නිවහන් මඟින් එළි දක්වනු ලැබේ. මෙය නඟර මත පදනම් වූ පදනමක් මත ඇති වන අතර වසරකට දෙවතාවක් පැවැත්වේ.
 
===විශාල වෙළඳ පොළ (Mass market)===
 
මෙම දිනවල දී විලාසිතා කර්මාන්ත වැඩි වශයෙන් රඳා පවතින්නේ විශාල වෙළඳ පොළ විකිණුම් මතය. විශාල වෙළඳ පොළ පාරිභෝගිකයන් විශාල පරාසයක් සඳහා පහසුකම් සලසන අතර ඔවුන් විසින් නිමි ඇඳුම් විශාල ප්‍රමාණවලින් හා සම්මත ප්‍රමාණවලින් නිපදවයි. සැලකිය යුතු විලාසිතා නිපදවීම සඳහා ලාභ රෙදි නිර්මාණාත්මකව යොදා ගනු ලැබේ. විශාල වෙළඳ පොළ නිර්මාණකරුවන් සාමාන්‍යයෙන් විලාසිතා ලොවෙහි ජනප්‍රිය නාමවලින් තනා ඇති ප්‍රවණතා උකහා ගනී. ඔවුන් විසින් එම අදාල මූලික නිර්මාණයේ ඔවුන්ගේම ආකාරයක් තැනීමට පෙර එම විලාසිතාව මිනිසුන් අතර ජනප්‍රිය වේ දැයි සැක හැර දැන ගනී. කාලය හා මුදල් ඉතිරි කර ගැනීම සඳහා ඔවුන් විසින් ලාභදායී රෙදි හා යන්ත්‍ර මඟින් පහසුවෙන් සිදු කළ හැකි සරල නිර්මාණ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. මේ නිසා අවසාන නිෂ්පාදන වඩා ලාභදායී මිළකට විකිණිය හැකි වේ.
 
 
== ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන ==
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි