"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්‍යාවක් ගෝලීය විලාසිතා මධ්‍යස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් පවතී.
 
==ඇඳුම් විලාසිතා==
[[ගොනුව: Tippies-of-1796-caricature.jpg|thumb|ඇඳුම් පැලදුම් පිලිබඳ පලවු කාටුනයක්.]]
 
 
දැනට ලොව පුරා පවතින (අඩුම තරමින් නඟරබද ජනගහනය අතර වත්) නිතර අඳින ඇඳුම් රටාව වෙනස් කිරීමේ පුරුද්ද ඉතිහාසඥයන්ට අනුව බටහිර ලෝකයේ එකකි. පැරණි රෝමයේ හා අනෙකුත් සංස්කෘතීන්වල වෙනත් කාලවල දී ඇඳුම් පැලඳුම් වෙනස් වූයේ ආර්ථික හෝ සාමාජීය වෙනස්කම් සිදු වූ අවස්ථාවල දීය. නමුත් ඉන්පසු කිසිදු වෙනසක් නොමැතිව එම රටා එසේම පැවතුණි. අටවන සියවසේ දී ජනප්‍රිය සංගීතඥයෙකු වූ Cordoba, Spain, Ziryab ඍතු හා දෛනික කාල මත පදනම්ව ඇඳුම් පැලඳුම් රටා හඳුන්වා දුන්නේ යැයි සැලකෙන අතර එය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඔහුගේ උපන් ‍ප්‍රදේශය වූ බෑග්ඩෑඩ්හිය.
ටිපීස්ලාගේ ඉංග්‍රීසි විකට නිරූපනය, 1796
 
යුරෝපයේ ඇඳුම් විලාසිතා නිරන්තරයෙන් වෙනස් කිරීම ආරම්භ වීම 14 වන සියවසේ මැද භාගය තෙක් දිව යයි. ඉතිහාසඥයන්ට අනුව ඇඳුම් පැලඳුම්වල බටහිර විලාසිතා ආරම්භ කොට ඇත්තේ ජේම්ස් ලේවර් හා ෆර්නෑන් බෞඩෙල් විසිනි. වඩාත්ම අවධානයට ලක් වූ වෙනස වූයේ පිරිමි ඇඳුම්වල කොට වීම හා ශරීරයට තද වීමයි. එතෙක් කල් කලවා ප්‍රමාණයට දික්ව තිබූ පිරිමි කොට කලිසම් තට්ටම් යන්තම් ආවරණය වන තෙක්ම කොට විය. මෙය වෙනස් බටහිර පිරිමි රටාවක් ඇති කර අතර දැනටත් අප අතර තිබෙන කලිසම් මැසීමට මඟ පෑදීය.
 
ඊට පසු සිය‍වසේ දී මෙම වෙනස් වීමේ වේගය සැලකිය යුතු ලෙස ත්වරණය වූ අතර කාන්තා විලාසිතා (විශේෂයෙන් ඇඳුම් හා කොණ්ඩය අලංකාර කිරීම) ඒ හා සමානව සංකීර්ණත්වයට හා වෙනස් වීමට භාජනය විය. මේ නිසා කලා ඉතිහාසඥයන්ට වැඩි විශ්වාසයකින් හා නිරවද්‍යතාවයකින් දින වකවානු දක්වන රූපවල විලාසිතා යොදා ගැනීමට හැකි විය. ඔවුන් විසින් මෙය සිදු කළේ 15 වන සියවසේ රූපවල වසර 5ක් ඇතුළත දීය. මෙම විලාසිතාවල ක්ෂණික වෙනස් වීම් පෙර යුරෝපයේ උසස් පන්තිය හරහා තිබූ ඉතා සමාන ඇඳුම් රටා වෙනස් වීමට බලපෑ අතර 17 සිට 18 වන සියවස දක්වා වූ ප්‍රති ව්‍යාපාරය පැමිණ නැවත සමාන විලාසිතා ඇති කරන තෙක් ඒවා එසේම පැවතුණි. එම සමාන විලාසිතා පැමිණියේ ප්‍රංශයේ Anicien Regime ය. විලාසිතා සැමවිටම පාහේ පොහොසත් පුද්ගලයන් මඟින් සිදු කෙ‍රුණ ද මුල් කාලීන නූතන යුරෝපයේ වැඩි දියුණු වූ බලපෑම් වතු සේවකයන් කරා ද මෙය ගෙන ගියේය. ඔවුන් විසින් යම් දුරකින් වූ විලාසිතාවලට නැඹුරු වූ අතර සමහරක් විට ඒවා විශිෂ්ට අයට පවා අපහසු තරම් ළඟින් තිබිණි. කළමනාකරුවෙකු වූ බ්‍රව්ඩෙල් විලාසිතා වෙනස් කිරීමේ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකේ.
 
බටහිර ලෝකයේ වූ විලාසිතා පුරාතන යුගයේ හෝ ලෝකයේ අනෙකුත් ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරවලට සමාන්තර නොවේ. පර්සියාවට, තුර්කියට , ජපානයට හෝ චීනයට සංචාරය කරන ලද මුල් කාලීන බටහිර සංචාරකයන් නිරන්තරයෙන්ම එම ප්‍රදේශවල විලාසිතා වෙනස් වීම් නොමැති බව වාර්තා කළ අතර මෙම අනෙක් සංස්කෘතීන්වලින් පැමිණි නිරීක්ෂකයන් බටහිර විලාසිතාවල ඉතාමත් වැඩි වේගය ගැන විචාර ඉදිරිපත් කළ අතර එමඟින් බොහෝ දෙනෙකුට හැඟුනේ බටහිර සංස්කෘතියේ අස්ථායී බව හා පිළිවෙලක් නැතිකමයි. 1609 ජපාන ෂෝගන්ගේ ලේකම්වරයෙකු වරක් ස්පාඤ්ඤ සංචාරකයෙකුට පුරසාරම් දොඩා ඇත්තේ (සම්පූර්ණයෙන්ම නිරවද්‍යව නොවේ) ජපාන ඇඳුම් පැලඳුම් වසර 1000ක් පුරාවට නොවෙනස්ව පැවතී ඇති බවයි. කෙසේ නමුත් උදාහරණ ලෙස චීන ඇඟලුම්කරණයේ ඉක්මන් වෙනස් වීම් සිදු වූ බවට සාධක මින්ග් චීනයෙන් හමු වී ඇත.
 
ඇල්බ්‍රෙච් ඩූරර්ගේ චිත්‍රයක් මඟින් නිව්රම්බර්ග්හි ධනේෂ්වර පන්තියේ අයෙකුගේ (වමේ) හා ඇයට සමාන වැනීසියේ ධනේෂ්වර පන්තියේ අයෙකුගේ වෙනස පෙන්වා දෙයි. වැනීසියේ තරුණි‍යගේ අඩි උස සපත්තු ඇය උස් කර දක්වා ඇත.
 
16 වන සියවසේ ජර්මානු හෝ ඉතාලියානු මහත්මාවරුන්ගේ චිත්‍ර 10ක් මඟින් පෙන්වනු ඇත්තේ එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් තොප්පි 10 ක් වන අතර එම කාලය වන විට ජාතීන් අතර ඇඳුම්වල වෙනස එහි උපරිමයට පත්ව තිබුණි. මෙය 15 වන සිය‍වසේ අවසාන භාගයේ වූ නිව් රෙම්බර්ග් හා වැනීසියානු විලාසිතා සන්සන්දනය කරන ඇල්බ්‍රෙච් ඩූරර්ගේ චිත්‍රයෙන් වඩාත් පැහැදිලි වේ. සියවස අවසානයේ වූ ස්පාඤ්ඤ රටාව ඉහල පැලැන්තියේ යුරෝපීයයන් නැවතත් සමාන රටාවකට ගෙන ඒම ආරම්භ කළ අතර 17 වන සියවසේ මැද භාගයේ වූ ගැටුමකින් පසු ප්‍රංශ විලාසිතා නායකත්වය ගත් අතර ක්‍රියාවලිය 18 වන සියවසේ දී සම්පූර්ණ විය.
 
වර්ණ හා රෙදි පිළි‍ෙවල රටා ව‍සරෙන් වසරට වෙනස් වුව ද මහත්මාවරුන්ගේ කබායන්වල කැපුම් හා ඒවායේ දිග හෝ කාන්තා ඇඳුමක් කැපීමේ රටාව වෙනස් වූයේ වඩාත් සෙමිනි. පිරිමි විලාසිත‍ා විශාල ලෙස ව්‍යුත්පන්න වූයේ හමුදා ආකෘතිවලින් වූ අතර එහි වූ වෙනස් වීම් යුරෝපානු යුද්ධය නිසා ඇති වු ඒවා විය. එහි දී මහත්මා නිළධාරීවරුන්ට විදේශීය විලාසිතා දැක බලා ගැනීමට අවස්ථාව සැලසුනි. උදාහරණයක් ලෙස ටයි පටිය දැක්විය හැක.
 
1780 ගණන්වල දී නවතම ප්‍රංශ විලාසිතා පෙන් වූ ප්‍රංශ ලිවීම් ප්‍රකාශනයත් සමඟ මෙම වෙනස් වීම් තවදුරටත් වේගවත් විය. එනමුත් 16 වන සියවසේ සිට ප්‍රංශය විසින් රටා ආකෘති ලෙස ඇඳුම් අන්දවන ලද බෝනික්කන් බෙදා හරිමින් තිබූ අතර ඇබ්‍රැහැම් බෝසේ මඟින් 1620 ගණන්වල සිට විලාසිතා පිළිබඳ වූ ලිවීම් නිෂ්පාදනය කරන ලදී. 1800 වන විට සියළු බටහිර යුරෝපීයන් එකම ආකාරයකට ඇඳුම් භාවිතා කරන ලදී. දේශීය වෙනස් වීම් ප්‍රථමයෙන් පළාත්බද සංස්කෘතියේ සලකුණු බවට පත් වූ අතර ඉන් පසු කුලීකරුවන්ගේ ලාංඡනය බවට පත්වුණි.
 
මීට පෙර ඇඳුම් මසන්නන් හා ඇඳුම් නිපදවන්නන් නව විලාසිතා හඳුන්වා නොදුන් නිසා හා රෙදි පිළි කර්මාන්තය සියළු ප්‍රවණතාවලට නායකත්වය දුන් නිසා විලාසිතා නිර්මාණයේ ඉතිහාසයේ ආරම්භය වන්නේ 1858 සිටය. ඒ එංගලන්තයේ උපත ලැබූ චාල්ස් ෆෙඩ්‍රික් වර්ත් පැරීසියේ ප්‍රථම හෝටිකෝචර් නිවහන විවෘත කිරීමත් සමඟය. එතැන් සිට වීදි විලාසිතාවල වූ බොහෝමයක් විලාසිතා හැරුණු කොට වෘත්තීමය නිර්මාණකරුවන් ක්‍රම ක්‍රමයෙන් වඩාත් වැදගත් පුද්ගලයන් බවට පත්ව ඇත.
 
නූතන බටහිර ලෝකයේ පුද්ගලයන්ට ඔවුන්ගේ ඇඳුම්‍තෝරා ගැනීමට විශාල තෝරා ගැනීම් පරාසයක් ඇත. පුද්ගලයෙකු විසින් ඇඳීමට තෝරා ගන්නා දෙය එම පුද්ගලයාගේ පෞරුෂත්වය හෝ ‍ඒ හා සමාන දේ ඉස්මතු කර දක්වයි. සංස්කෘතික තත්වයක් ඇති පුද්ගලයන් නව හෝ වෙනස් ඇඳුම් ඇඳීම ආරම්භ කිරීමෙන් නව විලාසිතා නැඹුරුවක් ආරම්භ විය හැක. ඔවුන්ට කැමති හෝ ගරු කරන පුද්ගලයන් ද ඒ හා සමාන රටාවේ ඇඳුම් ඇඳීම ආරම්භ කළ හැක.
 
විලාසිතා සමාජය තුළ දී වයස, සමාජ පන්තිය, පරම්පරාව, රැකියාව, ලිංගිකත්වය හා භූවිෂමතාවය මෙන්ම කාලය අනුව සැලකිය යුතු ලෙස වෙනස් විය හැක. උදාහරණ ලෙස වයසක පුද්ගලයෙකු තරුණයන්ගේ විලාසිතාවලට අනුව ඇඳුම් ඇඳීම සිදු කළ හොත් ඔහු තරුණ හා මහළු යන පුද්ගල දෙකොට්ඨාශයටම විහිළුවක් සේ පෙනෙනු ඇත. Fashionista හෝ විලාසිතා ගොදුර යන පදය යොදා ගන්නේ වහලෙකු මෙන් දැනට පවතින විලාසිතා අනුගමනය කරන පුද්ගලයෙකු හැඳින්වීමටය.
 
විවිධ විලාසිතා යොදා ගැනීමේ පද්ධතිය, විලාසිතා ව්‍යාකරණ යොදා ගෙන විවිධ විලාසිතා වාක්‍ය සමඟ කටයුතු කරන විලාසිතා භාෂාවක් ලෙස ද සමහරෙකුට සැලකිය හැක. (රෝලන් බාතෙස්ගේ සමහරක් කටයුතු සන්සන්දනය කර බලන්න)
 
== විලාසිතා නිර්මාණය ==
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි