"ජනවාර්ගික පාරිශුද්ධකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
59 පේළිය:
*1998 – 99 පැවති කොසොවෝ යුද්ධයේදී පහර දීම් හේතුවෙන් කොසොවෝ ඇල්බේනියන්වරුන් 800,000 කට වඩා පිරිසකට ඔවුන්ගේ වාස භූමි අතහැර පලා යාමට සිදු විය.
 
==21 වෙන ශත වර්ෂයේ ජන වාර්ගික පිරිසිදු කිරීම්==
*1990 දශකයේ අවසාන භාගයේදී සහ 2000 මුල් භාගයේ ඉන්දුනීසියානු හමුදාව සහ පොලිසිය විසින් ආයුධ සන්නද්ධ කරනු ලැබූ හා සංවිධානය කරනු ලැබූ සන්නද්ධ බාහිර කණ්ඩායම් නැගෙනහිර ටිමෝරයේ සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් ඝාතනය කළහ.
*1990 දශකයේ පටන් බොට්ස්වානා මධ්‍යම රජය, මධ්‍යම කලහාරි දඩබිම් රක්ෂිතයෙන් බුෂ්මන් ගෝත්‍රිකයින් පිටමං කිරීමට උත්සාහ කළහ. 2005 ඔක්තෝබර් වන විට, බුෂ්මන් ගෝත්‍රිකයින් ඔවුන්ගේ ඉඩම් වලින් බලහත්කාරයන් එළවා දැමීමේ රජයේ ප්‍රතිපත්තිය නැවත ආරම්භ කෙරුනේය. මෙහිදී ඔවුනට ආයුධ සන්නද්ධ පොලිසිය මගින් මරණ බවටද හිරිහැර කරන බවටද තර්ජනය කෙරුනේය. මේ නිසා අකමැත්තෙන් පිට වූ බොහෝ බුෂ්මන්වරු අපිරිසිදු කඳවුරු වල ජීවත් වූ අතර ඇතැම් පිරිස් වෛශ්‍යා වෘත්තියේ පිහිට සෙවූහ. ඇතැමෙක් මත් පැන් වලට පුරුදු වූහ. ඒ අතර 250 ක පමණ තවත් පිරිසක් ඔවුන්ගේ පුරුදු නිදහස් ජීවන රටාව සොයා හොර රහසින් නැවතත් කලහාරි වෙත ගියහ. “මෙම පරිඝණක යුගයේ අපි තවදුරටත් ගල් යුගයේ පිරිසක් තබා ගන්නේ මන්ද?” යනුවෙන් බොට්ස්වානා ජනාධිපති ෆෙස්ටස් මොහාඒ කීවේය.
*සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ විසින් සුදු ජාතික ගොවීන් පිටුවහල් කිරීම. කලින් රොඩේෂියාව නමින් හැඳින්වුනු සිම්බාබ්වේ රටෙහි 1970 වර්ෂය වන විට සුදු ජාතිකයින් 2,70,000 ක් සිටියහ. එහෙත් අද වන විට එහි සිටින්නේ සුදු ජාතිකයින් ස්වල්ප දෙනෙකු පමනී.
*2005 දී ඊශ්‍රායලයේ ඒක පාර්ශවික සැලසුමකට අනුව ගාසා තීරයෙන් යුදෙව්වන් 8500 ක්ද, බටහිර ඉවුරේ කුඩා ජනාවාස හතරකින් 660 ක පමන පිරිසක්ද මුදා ගැනිම.
*බටහිර සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ අප්‍රිකානු ජනගහණය වෙත සුඩානයේ ජන්ජවීඩ් නම් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රහාරයන් එල්ල වීම. ඒ වන විට ගත වී තිබුනු දෙමස තුල චැඩ් සහ නයිජර් සිට 75000 ක් දක්වා අරාබීන් ප්‍රමාණයක් දේශ සීමා පැන ඩාර්ෆූර් වෙත පැමිණි බව 2007 ජූලි 4 දිනැති ලිපියකින් වාර්තා කර තිබුනේය. මෙයින් බොහෝ දෙනෙක් අවතැන් වුනු අරාබි නොවූ ජනතාව කලින් සිටි පෙදෙස් වලට සුඩාන රජය මගින් යවනු ලැබූහ. ජන්ජවීඩ් සන්නද්ධ කණ්ඩායම සහ සුඩාන හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පසු මිලියන 2.5 ක පිරිසකට ඔවුන්ගේ නිවෙස් වලින් පලා යාමේ තර්ජනයට මුහුණ පාන්නට සිදු වී ඇත.
*දැනට පවතින ඉරාක සිවිල් යුද්ධයේදී (2003 සිට මේ දක්වා) බැග්ඩෑඩය අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වාගේ ෂියා සහ සුන්නි සටන්කාමින් විසින් ජන වාර්ගික වශයෙන් ශුද්ධ කරන ලදි. ඇතැම් ප්‍රදේශ එක්තරා විශේෂ (ආකමික නොවන)කණ්ඩායමක සියලු සාමාජිකයින් විසින් අත හැර දමනු ලැබුවේ ඔවුන් පළිගැනීමට ලක් වේ යයි යන බියෙනි. අනාථයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ගණන් බැලූ ආකාරයට 2007 ජූනි 21 දින වන විට මිලියන 2.2 ක ඉරාක ජාතිකයින් යාබද රටවල් වෙත ගොස් ඇත. මිලියන 2 ක් රට තුලම අවතැන් වී ඇත. ලක්ෂයකට ආසන්න ඉරාක ජාතිකයින් පිරිසක් සෑම මසකම සිරියාවට හා ජෝර්දානයට පලා යති.
*UNCHR ට අනුව ඉරාක මුලු ජනගහණයෙන් ක්‍රිස්තියානි ලබ්ධිකයින් සිටින්නේ 5% ක් වුවද අසල්වැසි රටවල ජීවත්වන අනාථයින්ගෙන් 40% ක පිරිසක් වන්නේ මේ අයයි. 16 වෙනි සියවසේ ඉරාක ජනගහණයෙන් භාගයක් වූයේ ක්‍රිස්තියානි ලබිධිකයින්ය. 1987 දී පැවැත්වූ අන්තිම ජන සංගණනයේදී ක්‍රිස්තියානීහු මිලියන 1.4 ක් වුහ. එහෙත් 2003 ආක්‍රමණයෙන් පසු ඉස්ලාම් ලබ්ධිය කෙරේ ප්‍රබෝධයක් ඇති විය. ක්‍රිස්තියානින්ගේ මුලු සංඛ්‍යාව 500,000 දක්වා පහත බැස්සේය. මෙයින් 250,000 ක් සිටියේ බැග්ඩෑඩ් නුවරයි. තවදුරටත් කිවහොත් ඒ වන විට ඉස්ලාම් අන්තවාදීන් විසින් කර ගෙන ගිය දාමරික ක්‍රියා නිසා මැන්ඩේඉයන් සහ යසිඩ් ප්‍රජාවන්ට පිටමං වීමේ අවදානමකට මුහුණ පාන්නට වෙතැයි ඔව්හු බියෙන් පසු වූහ. 2007 මැයි 25 පළ වූ ලිපියක සඳහන් වන්නේ ගත වූ මාස 7 ක කාලය තුල එක්සත් ජනපදයෙහි අනාථ රැකවරණ තත්වය ලබා ගැනීමට අවසර ලැබී ඇත්තේ 69 දෙනෙකුට පමණක් බවයි.
*මැක්සිකානු වීදි කණ්ඩායම් විසින් ජාතීන් වශයෙන් මිශ්‍ර ලොස් ඇන්ජලීස් නුවරට යාබද පෙදෙස් වල අප්‍රිකානු ඇමෙරිකානුන් ඉවත් කිරීම.
*2006 ඔක්තෝබරයේදී නයිජීරියා රජය එහි ඩිෆ්ෆා ප්‍රදේශයේ සිටින අරාබීන් චැඩ් දේශයට පිටුවහල් කරන බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත් කල 150,000 කි. මෙම අරාබි පිරිස යැවීම සඳහා එක්රැස් කරන අවස්ථාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු මිය ගියහ. වාර්තා වුනේ රජයේ හමුදා වලට බියෙන් පලා යාමේදී එය සිදුවුනු බවයි. එසේම කාන්තාවන් තිදෙනෙකු ගබ්සා වීම් වලට භාජනය වූහ. අවසානයේදී රජය මෙම ක්‍රියාව නතර කළේය.
*2007 දෙසැම්බරයේදී කෙන්යාවේ මහජන කැළඹිල්ලක් ඇති විය. 2008 ජනවාරි 28 දින වන විට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ගණන 800 ක් දක්වා ඉහළ නැග්ගේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බැලූ ආකාරයට එම සිද්ධියෙන් අවතැන් වූ සංඛ්‍යාව 600,000 ක් තරම් විය. රජයේ ප්‍රකාශකයෙකු “ඔඩින්ගාගේ ආධාරකරුවන් මෙම ජනවාර්ගික ශුද්ධ කිරීමට හවුල් වූහ” යනුවෙන් ප්‍රකාශ කළේය.
 
 
"https://si.wikipedia.org/wiki/ජනවාර්ගික_පාරිශුද්ධකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි