"භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
24 පේළිය:
එය විධිමත්ව භාෂාවෙහි කොටසක් නොවුනද භාසාවක වචන වල ශබ්දාර්ථ විභානී මානයක් ද පවතී භවිතාවේදි මෙය සැම විටම භාෂාවෙහි ව්‍යුහය හා තදින් බැදි පවතී. විධිමත් ව්‍යාකාරණයක් (භාෂාවක් ආවර්තතිකව නිර්වචනය කරනු ලබන නිර්මාණ රීති කට්ටලය) වචනවල (හොදින් නිර්මාණය වු ) අර්ථය විග්‍රහ කර ගැනීම සදහා උපයෝගී කරගත හැකිය. මීට ඉතාමත් ප්‍රසිද්ධ උදාහරණයක් වුයේ ප්‍රථම ගණයේ තර්ක ශාස්ත්‍රය සදහා ටීස්කීමා ආශ්‍රයේ ‍ටාස්කිග් සාහත්‍යය පිලිබද නිර්වචනය සහ ලෙක්ස් සහ යැක් වැනි සම්පාදන උත්පාදනයන්ය.
 
==භාෂා විචාරය==
යම්කිසි සමාජයක මිනිසුන් විසින් භාෂාවක් කථා කරන (හෝ කරන ලද) ආකාරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් හා විස්තරයක් භාෂා විචාරය නම්වේ. සියලූ විද්වත් භාෂා විචාරයන් ඉතා විස්තරාත්මක ව කර ඇත. අන් සියලු විද්‍යාවන් මෙන්ම, භාෂා විචාරයේ ද මූලික අරමුණ වනුයේ භාෂාවේ භාවිතය පිළිබඳව ඇති සැටියෙන් කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී යම්කිසි භාෂාවක් කුමන ආකාරයෙන් විය යුතුද?” යන පක්ෂපාතී භාවයෙන් වැළකිය යුතුය. බ්ලූම්ෆීල්ඩ් සහ අනෙකුත් අය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙන පරිදි, නූතන භාෂා විචාරයන් සංවිධානාත්මක පදනමකින් කෙරේ.
භාෂා විචාරයක්, බොහෝ විටදී අධ්‍යාපනිකව හා මුද්‍රිත මාධ්‍ය වලදී හමුවන භාෂා වට්ටෝරුවකට වඩා වෙනස් වේ. (භාෂා වට්ටෝරුවක් යනු නීති මාලාවකි) නීති මාලාවකින් කෙරෙනුයේ භාෂාවක විවිධ මාදිලි සහ ව්‍යාකරණ නීති ආදිය හඳුන්වා දීමයි. මෙහිදී සාහිත්‍යමය අංග ද ඇතුළත් විය හැකිය. මෙම නීති මාලාවත් (වට්ටෝරුවක්) භාෂා විචාරයත් සමහර විට පරස්පර විරෝධී විය හැකිය.
 
භාෂා විචාරයකින් සර්ව සම්පූර්ණ භාෂා අධ්‍යයනයක් කිරීම දුෂ්කරය. එසේ වන්නේ, භාෂාවක උච්ඡාරණය, ව්‍යාකරණ නීති සහ සියලු වචන එකම රාමුවකට කොටුකර දැක්විය නොහැකි බැවිනි.
 
යම් භාෂාවක ප්‍රවීණයකු හට නිතැතින්ම භාෂා නීතිය පිළිබඳ දැනුමක් පිහිටයි. නමුත්, භාෂා විචාරයක් කිරීමට නම්, එම භාෂාව හසළව කථා කිරීමට පුළුවන් විය යුතුමයි නියමයක් නැත. භාෂාවක් පිළිබඳ මනා පුහුණුවක් නැති අය විසින් කරන ලද භාෂා විචාරයන් ද දහස් ගණනක් ඇත. 1900 ට පෙර කාලයේදී භාෂාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉතා අවමය.
පහත කරුණු සියල්ලම හෝ කිහිපයක් වත් අඩංගු වේ නම් එය භාෂා විචාරයක් ලෙස හදුනාගත හැක.
{|
|(1) උච්ඡාරණය
|-
|(2) අන්තර්-වචන සබඳතා
|-
|(3) ව්‍යාකරණ
|-
|(4) එකම වචනයේ වෙනස් ස්වරූපය
|-
|(5) ශබ්දකෝෂයක්
|-
|(6) පාවිච්චි කිරීමේ උදාහරණ
|-
|}
 
== භාෂා ප්‍රතිග්‍රහණය ==
"https://si.wikipedia.org/wiki/භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි