"භූචලන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
38 පේළිය:
පෘථිවියේ පාෂාණ තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භුමිකම්පා නිර්මාණය වෙයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම‍ ෙමක්සිකෝව,පීරූ,චිලී,ජපානය,ඉරානය,චීනය,ඇ‍ෆ්ගනිස්ථානය අශ්‍රිතව ප්‍රබල භූමිකම්පා ඇතිවෙයි.මෙවැනි භූමිකම්පා හේතුවෙන් විවිධ ප්‍රතිඵල ඇතිවේ.
 
===භූ චලන හා ඉරිතැලිම්===
 
භූමියේ ඇති වන චලනයන් හා ඉරිතැලීම්, භූමිකම්පාවක ප්‍රධාන ලක්ෂණ වේ. එයින් විය හැකි බලපෑම භූමිකම්පාවේ ප්‍රබලතාව, භූ සංඥාව ආරම්භ වු ස්ථානය සිට ඇති දුර, පසේ ස්වභාවය යන කරුණු මත පදනම් වේ. පොළවේ ඇති වන චලනයන් මැනීමට උපකරණ භාවිතා කරයි. එය ඇතිවන වේගය අනුව තීරණය වේ. භූ චලනයක ඇති වේගය අඩු වුවත් ඉන් සිදුවන ව්‍යවසන තත්ත්වය මත භූ කම්පනයේ ප්‍රබලත්ව තීරණය කෙරේ. තවද පොළොව ගර්භය තුළ සිට එන කම්පන රැලි , තද පසේ සිට බුරුල් පස දක්වා ගමන් කිරීමද සිදුවේ.
 
පොළොවේ ඉරි තැලීම් සිදු වන්නේ භූ චලනය සිදු වු ස්ථානයේ සිට කුඩා දුර ප්‍රමාණයකය. මෙය ඉංජිනේරු කර්මාන්තවලට බලපෑම් ඇති කරයි. වේලි(Dams), පාලම් හා න්‍යෂ්ටික බලාගාර තැනීමේදි, භූ චලන කලාප වලින් තොර ප්‍රදේශ තෝරා ගැනීම වැදගත් වේ.
 
===මිනිස් ජීවිත විනාශ වීම===
[[Image:Earth_2.jpg|right|200px|thumb|භූ කම්පනයකින් විනාශයට පත්ව ඇති දෙමහල් ගොඩනැගිල්ලක්.]]
[[Image:Earth_euake.jpg|right|200px|thumb|නාය යෑමකට ලක්ව ඇති උස් බිමක්.]]
[[Image:Tsunami.jpg|200px|right|thumb|භූ කම්පනයකින් විනාශයට පත්ව ඇති ප්‍රදේශයක්.]]
භූමිකම්පාවක ප්‍රධානම ප්‍රතිඵලය වන්නේ විවිධ අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යාමයි.භූමිය චලනය වීම හේතුවෙන් ගොඩනැඟිලි හා ව්‍යුහයන් විනාශ වී වාසය කළ පුද්ගලයන් සුන්බුන්වලට යටවී මිය යාම කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් ලෝකයේ ප්‍රධාන නගරවන ටෝකියෝ,නගෝයා,මෙක්සිකෝසිටි,ලෝස් ඇන්ජලිස් හි භූමිකම්පා හේතු‍වෙන් විහාල පිරිසක් මිය යාම උදාහරණ වේ.භූමිකම්පාවලින් අනතුරු අවම කිරීමට මෙවැනි නගරවල හාඩ්බෝඩ්,කළුවීදුරු යොදා ගොඩනැඟිලි ඉතා ශක්තිමත්ව තනනු ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/භූචලන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි