"කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ අනතුර" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
5 පේළිය:
කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය මෙම ඛේදවාචකයට ලක්වුණේ 2003 පෙබරවාරි පළමුවන දින ෂටලය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන මොහොතේදීය. ටෙක්සාස්හි ඉහළ අහසේදී කොටස්වලට වෙන් වූ අතර එහි වූ ගගනගාමීන් සත් දෙනාම මරණයට පත් විය. (ඒ කොළොම්බියා ෂටලය සිය විසිඅට වන මෙහෙවර (STS – 107) යි.
කොළොම්බියා ඛේදවාචකයට හේතුව වූයේ දියත් කිරීමේදී සිදුවූ හානියකි. එහිදී “රයිට් බයිහෙඩ් ෆෝම් රෑම්ප්” නමින් හැඳින්වෙන කුඩා (බ්‍රීෆ් කේසයක විශාලත්වය ගත්) ෆෝම් පරිවාරකයක්
නාසා ෂටල ආරක්ෂක රේගුලාසි මගින් බාහිර ටැංකි පෙණ වැගිරීම හා පසුව සිදුවන සුන් බුන් ෂටලයේ ගැටීම ආදිය දියත් කිරීමට පෙර තීරණය කළ යුතු ආරක්ෂක ඵලයක් බව සඳහන් වුවද ඉන්ජිනේරුවන්ගේ අසාර්ථක “පෙරන වැගිරීම් ගැටළුව” අධ්‍යයන නිසා නිරතුරුවම මෙවැනි දියත් කිරීම් සිදුවේ. ෂටල දියත් කිරීම් වැඩි ප්‍රමාණයක මෙවැනි පෙණ වැගිරීම් හා තාප පියන සිරීමකට ලක්වීම් (ආරක්ෂක රේගුලාසි උල්ලංගනය වන ආකාරයට) වාර්තා විය. STS-107 හි ආගමනයේදී මෙම හානි වූ පෙදෙස උණුසුම් වායුවලට තටුවල අන්තර්ගතයට ඇතුළු වීමට හා එහි ආකෘතිය විනාශ කිරීමට ඉඩ ලබා දුණි. මෙය අවසානයේදී ෂටලයේ විනාශයට හේතු විය. ටෙක්සාස්, ලුසියානා, අකන්සාස් ප්‍රාන්තවල සිදුකෙරුණු අති විශාල භූමි පරීක්ෂාවන් මගින් ගගනගාමීන්ගේ ශේෂයන් හා ෂටල සුන්බුන් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.කොළොම්බියානු හදිසි අනතුරු පරීක්ෂා කිරීමේ මණ්ඩලය (Columbia Accident Investigation Board) විසින් නිකුත් කරන ලද නිර්දේශයන් තාක්ෂණික හා සංවිධානාත්මක යන අංශ දෙකටම බලපෑවේය. අභ්‍යවකාශ ෂටල වැඩසටහන අවුරුදු දෙකකින් පසුබෑමකට ලක්වූ අතර මෙය සැසැඳිය හැක්කේ “චැලෙන්ජර් ඛේදවාචකය” නිසා සිදුවූ ප්‍රමාදය සමග පමණි. මෙයට සමගාමීව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගොඩනැගීම් කටයුතුවලට ද නැවතීමේ තිත තැබුණු අතර එයට STS – 114 තෙක් රුසියානු ෆෙඩරල් අභ්‍යාවකාශ ඒජන්සිය මත, ගගනගාමීන් මාරුකිරීම හා ද්‍රව්‍ය සැපයීම සම්පූර්ණයෙන්ම රඳා පැවතිණි.
|