"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
සියලු රසායනික බන්ධන [[ක්වන්ටම් න්‍යාය]] මත පදනම්ව පැහැදිලි කළ හැක. නමුත් ප්‍රායෝගික භාවිතයේදී වඩාත් සරළ නීති මත පදනම්ව පවා රසායනඥයින්හට බන්ධන ශක්තිය දිශානතිය හා ධ්‍රැවීයතාවය පිළිබඳ අනා‍වැකි පලකළ හැක. අෂ්ඨක නීතිය හා VSEPR න්‍යාය මේ සදහා උදාහරණ සේ ගත හැක. සංයුජතා කවච බන්ධන සොයා පරමාණු කක්ෂීවල රේඛීය අතිච්ඡාදන ක්‍රමය සහ බන්ධන කාණ්ඩය ක්ෂේත්‍ර ඇතුළත් අණුක කාක්ෂික කවච බන්ධන න්‍යායේදී කාක්ෂික අතර මුහුම්කරණයන් සිදුවීම හා අනුනාද වීම් වැනි සංසිද්ධීන් පවා සැලකිල්ලට ගැනේ. රසායනික බන්ධනවල ධ්‍රැවීයතාවයන් හා එමගින් රාසායන ද්‍රව්‍යයන් මත ඇති වන බලපෑම විස්තර කිරීමට ස්ථිති විද්‍යුතය යොදා ගැනේ.
 
==සංයුජතා රසායනික බන්ධන වාදයවල ඇති ඉලෙක්ට්‍රෝන ==
 
බොහෝ සරල සංයෝග වල සහසංයුජ බන්ධන අන්තර්ගත වේ. මෙම අණුවල ඇති ව්‍යුහයන් පිළිබඳ සංයුජතා බන්ධනවාදය මගින් අනාවැකි පළ කළ හැකි අතර අඩංගු පරමාණු පිළිබඳ ගුණ ඔක්සිකරණ අංක වැනි සංකල්ප භාවිතයෙන් තේරුම් ගත හැකිය. අයනික ව්‍යුහයන් අඩංගු අනිකුත් සංයෝග සම්භාව්‍ය භෞතික විද්‍යාවේ න්‍යායන් භාවිතයෙන් අවබෝධ කර ගත හැක.
 
අයනික බන්ධන වලදී ප්‍රධාන වශයෙන්ම ඒවායේ ඉලෙක්ට්‍රෝන එක් එක් පරමාණු වලට ස්ථානගත වී ඇති අතර ඉලෙක්ට්‍රෝන පරමාණු අතර හොඳින් ගමන් නොකරයි. එක් එක් පරමාණු සඳහා සමස්ථ විද්‍යුත් ආරෝපණයක් ඇති අතර එමගින් අණුක තාක්ෂණික පැතිරීමට ආධාර කරයි. පරමාණු අතර (හෝ අයන අතර) ඇතිවන බන්ධන සමස්ථානික සන්තතික විද්‍යුත් ස්ථිතික විභවයන් මගින් විශාල ලෙස ගති ලක්ෂණය කරයි.
 
වෙනස බලාගැනීමට එකිනෙක සැසඳීමේදී සහසංයුජ බන්ධන වල බන්ධනයන් තුළ ඉලෙක්ට්‍රෝන ඝනත්වය එක් එක් පරමාණුවට අයත් නොවේ. නමුත් පරමාණු අතර අණුක තාක්ෂණය තුළ විස්ථානගත වී පවතී. පුළුල් ලෙස පිළිගන්නා න්‍යායක් වන පරමාණුක කාක්ෂිතවල රේඛීය සංයෝජනය (LCAO) මගින් පරමාණු කාක්ෂිත මගින් අණුක තාක්ෂිත ව්‍යුහ සහ ශක්තීන් සෑදෙන අන්දම විස්තර කිරීමට උදව් වේ. සංශුද්ධ අයනික බන්ධන මෙන් නොව සහසංයුජ බන්ධන සඳහා විවිධ දිශා වලට විහිදුණු ලක්ෂණ ඇත. ඒවාට ආවේණික වූ නම් ද ඇත. සිග්මා සහ පයි බන්ධන එයින් කිහිපයකි. පරමාණු වලට අයනික සහ සහසංයුජ වලට අතරමැදි බන්ධන ද සෑදිය හැකිය. මෙයට හේතුව මෙම අර්ථ දැක්වීම් ඉලෙක්ට්‍රෝන විස්ථාන ගත වීමේ ප්‍රමාණය මත රදා පවතින නිසාය. ඉලෙක්ට්‍රෝන වලට පරමාණු අතර අර්ධ වශයෙන් විස්ථානගතවිය හැකි වුවත් එක් පරමාණුවක් විස්ථානගත වීමට අනෙක් පරමාණුවකට වටා වැඩි වේලාවක් ගත කරයි. මෙම වර්ගයේ බන්ධන ධ්‍රැවීය සහබන්ධන ලෙස නම් කරනු ලබයි. විද්‍යුත් ඝනතාවය බලන්න.
තවද, අණුක කාක්ෂිතයක ඇති ඉලෙක්ට්‍රෝන (ධ්‍රැවීය සහසංයුජ හෝ සහසංයුජ බන්ධන) එක්තරා පරමාණුවක (හෝ පරමාණු වල) ස්ථානගත හෝ පරමාණු දෙකක හෝ කිහිපයක් වටා විස්ථානගත වීම සිදුවිය හැකිය. පරමාණු දෙකක් අතර බන්ධනය බන්ධන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ස්ථානගත හෝ විස්ථානගත වීමේ ප්‍රමාණය අනුව තීරණය කරනු ලැබේ.
== සංයුජතා බන්ධන වාදය ==
1927 වර්ෂයේ සහසංයුජවාදය ඉදිරිපත් කරන ලදී. මෙයින් නියමිත පරමාණුක කක්ෂයන්හි වූ සහසංයුජ ඉලෙක්ට්‍රෝන දෙකක් පද්ධතියෙහි ශක්තිය අඩු කර ගැනීමේ ආචරණයෙහි ගුණය නිසා න්‍යෂ්ටීන් දෙක එකිනෙක බැද තබා ගැනීමේ ක්‍රියාවලියක් විස්තර කරන ලදී. 1931 දී මෙම වාදය පදනම්ව රසායන විද්‍යාඥ ලයිනස් පෝලින් විසින් රසායන විද්‍යා අතීතයේ වඩා වැදගත්ම ලේඛණය ලෙස සලකන ‘ඔන්ද නේචර් ඔෆ් ද කෙමිකල් බොන්ඩ්’ යන ලේඛණය ප්‍රකාශ කරන ලදී. මෙම ලේඛණය ලුවිස්ගේ පරීක්ෂණ හෙයිටර් හා ලන්ඩන්ගේ සංයුජතා බන්ධනවාදය පදනම්ව හුවමාරු කරගත් ඉලෙක්ට්‍රෝනයක් සදහා නීති හයක් ඉදිරිපත් කරන ලදී. පළමු නීති තුන ඉතා ප්‍රචලිතය.
 
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි