"කොරල් පර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Blue Linckia Starfish.JPG|thumb|කොරල් පර වල ජෛව විවිධත්වයේ ඇතැම් කොටසක්, ඔස්ට්‍රේලියාවේ මහාබාධක පරය ]]
[[Image:coral-reef-water.jpg|thumb]]
'''කොරල් පර''' යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන [[ඇරගනයිට්]] ව්‍යුහයන් වේ. කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා [[ඇල්ගි]] වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා [[කැල්සියම් කාබනේට්]] බහිස්සැකිලි ස්‍රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විකාදනයටවිඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල ‍ෙවනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය.
හිරිගල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ.
හිරිගල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් හිරිගල් පරයක් ලෙස හදුන්වයි.
පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.
කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.
 
ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් '''කොරල් පර''' ආශ්‍රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්‍රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/කොරල්_පර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි