"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
== විලාසිතා ==
[[Image:1796-short-bodied-gillray-fashion-caricature.jpg|thumb|In ''Following the Fashion'' (1794), [[James Gillray]] caricatured a figure flattered by the short-[[bodice]]d gowns then in fashion, contrasting it with an imitator whose figure is not flattered.]]
මෙහි දැක්වෙන්නේ 1794 දෙසැම්බර් මාසයේදී ජේම්ස් ගිලරි විසින් “ Following the Fashion” යන නමින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රංගනයයි. මෙමගින් මෙකල කාන්තාවන් අතර ප්‍රචලිත වෙමින් පැවති කෙටි ගවුම් විලාසිතා ප්‍රහසනයට ලක් කෙරුණි.
7 පේළිය:
විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ. ලොව පුරා ඇති නගර සීමිත සංඛ්‍යාවක් ගෝලීය විලාසිතා මධ්‍යස්ථාන ලෙස නමක් දිනා ඇත. ඒවා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ විලාසිතා නිර්මාණකරුවන් තම නවතම නිර්මාණයන් එළිදැක්වීම සඳහා පවත්වනු ලබන විලාසිතා සති ආකාර උත්සව හේතුවෙන් වේ. මෙම නගර වන්නේ නිව් යෝක් , මිලාන් , පැරිස් සහ ලන්ඩන් වේ. මේ හැරුණු විට ලොස් ඇන්ජලීස් , ටෝකියෝ , සාවෝපෝලෝ , සිඩ්නි සහ ඩුබායි යන නගරවල ද වාර්ෂිකව විලාසිතා සති සංවිධානය කරන අතර මෙම නගරයන්ද ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් පවතී.
 
== විලාසිතා ජන මාධ්‍යවේදය සහ අන්තර්ජාලය අතර සම්බන්ධය ==
 
විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය.
එයින් මාස හයකට පමණ පසු “ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට් ,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඇරබිණි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය අරඹනු ලැබුවේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවත්සරය සැමරීය. 1998 CNN ස්ටයිල් සහ හින්ට් සගරාව ඇරබිණි. ඊට පසු වසරේ boo.com වෙබ් අඩවිය ඇරබුනද එය එතරම් සාර්ථක නොවීය. වෝග් සගරාවේ අන්තර්ජාල වෙබ් අඩවි වන showstudoi.com සහ style.com 2000 දී ඇරබි අතර 2002 බදී ජේසන් කැම්බල්ගේ JCReport ද 2005 දී Refinery29.com ඇරබිණි. ලේඛණයන් සඳහා ඇරඹි නවතම වෙබ් අඩවිය වන්නේ Fashionreportsers ය. 2007 දී සුවිශේෂ අන්තර්ගතයක් සහිතව Beauty How සගරාව ඇරබිණි.
වර්තමානයේ වෙබ් අඩවි ඉතා බලවත් වෙමින් පවතී. 2006 දී වෙස්ට්ෆිඩ් ගෘප් ආතනය ප්‍රසිද්ධ විලාසිතා සඳහා වෙබ් අඩවියක් විවෘත කළේය. වෙළඳසැල්වල භාණ්ඩ ප්‍රචාරණය කිරීමද යටි අරමුණු සහිත විය. එහෙත් මෙවන් අඩවියක් සඳහා විශාල මුදලක් වැය වෙන්නේ එය සම්පූර්ණයෙන්ම වෙළඳකරණයක් මත රදා පවතින බැවිනි
 
 
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි