"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:Holstein_cows_large.jpg‎|400px|right]]
== කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ හැඳින්වීම ==
කිරි ධාන්‍ය වලට පමණක් දෙවැනි වන ආහාරයකි. එහත් ධාන්‍ය හා වෙනත් ආහාර ද්‍රව්‍ය වලට නොමැති විශේෂිත වු ලක්ෂණ කිරිවලට පමණක් හිමිවී ඇත.එනම් කිරි ස්වභාව ධර්මයා විසින්ම සකසන ලද ආහාරයක් වීමයි.කිරිවල අපට අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් ති‍බෙනවා. පමණක් නොව ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය. කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන් ය”.
මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස් පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවය ලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.
 
[[ගොනුව:Jmptrad006.gif|20px|right]]
 
අගනා ශක්ති, විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍ය අදායක ආහාරයකි. වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්‍ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර ) පරිබෝජනය කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය.
දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්‍රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.
 
[[ගොනුව:Milksellers in Cologne 1900.jpg|400px|right]]
 
කිරි පෝෂ්‍යදායී ආහාරයකි. ක්‍ෂීරපායී සතුන්ගේ ගැහැනු සතුන්ගේ ක්‍ෂීර ග්‍රන්ථි වල නිපදවෙන කිරිවල, ඇයගේ පැටවුන්ගේ ළදරු අවධියේ අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් පවතී. ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය.කිරිවලින් වෙනත් ආහාරමය නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය බොහෝ රටවල සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන්ය.
Line 32 ⟶ 33:
 
කිරි නිෂ්පාදිතයන් සඳහා ඉහළ යන ඉල්ලූම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩ වඩාත් ලෝක කිරි වෙළඳපොළ මත යැපෙමින් සිටින තත්වයකට පත්ව ඇත. ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට අනුව ආනයනයන් මත පදනම් වූ ඒක ශීර්ෂ දෛනික කිරි හා කිරි නිෂ්පාදිත සැපයුම් 1990 වර්ෂයේ ග්රෑම් 32.67 සිට 2005 වර්ෂයේ දී ග්රෑම් 81 දක්වා වැඩි වී ඇත. මේ අනුව මෙම කාලය තුළ ආනයන මත රඳා පැවැත්ම 45% සිට 77% දක්වා වැඩි වී ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක කිරි වෙළඳපොළේ උච්ඡාවචනයන් ශ්‍රී ලංකාවට දැඩිව බලපා ඇත. වර්තමානයේ ලෝක කිරි වෙළඳ පොළේ පෙර නොවු විරූ විපර්යාසයන් නිරීක්ෂවණයට ලක් වී ඇත. විශේෂයෙන් ලෝක කිරි නිෂ්පාදිත මිල ගණන් 2002 සිට 2007 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇති අතර බොහෝ විද්වතුන් අපේක්ෂා කරන පරිදි කිරි නිෂ්පාදිත මිල ගණන් අඛණ්ඩව ඉහළ යනු ඇත.
 
 
ලෝක කිරි වෙළඳපොළ ඇතැම් සුවිෂේශී ලක්ෂිණයන්ගෙන් සමන්විත වේ. ලෝකයේ ප්‍රධාන කිරි නිෂ්පාදන රටවල් පහ එනම් යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ආජන්ට්නාව ලෝක කිරි නිෂ්පාදනයෙන් 40%කට පමණක් හිමිකම් කියන නමුදු ලෝක අපනයනයන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයකට දායක වෙයි. එම නිසා ජාත්‍යන්තර කිරි වෙළඳාමේ ප්‍රධාන අපනයනකරුවන් එනම් නවසිලන්තය, ඕස්ට්‍රේලියාව හා යුරෝපා සංගමය අවශ්‍යයෙන්ම විශාලතම නිෂ්පාදකයන් නොවේ.උදාහරණයක් ලෙස නවසීලන්තය සාපේක්ෂව කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙකු වන නමුදු ප්‍රධාන අපනයනකරුවෙකි.2004-2006 කාලය තුළ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල කිරි නිෂ්පාදනයේ වාර්ෂික වර්ධන වේගය පිළිවෙළින් 0.3% හා 4.0% විය.
 
 
2003 වර්ෂයේදී සංවර්ධිත රටවල හා සංවර්ධනය වෙමින් පැවති රටවල ඒක පුද්ගල කිරි නිෂ්පාදන පරිභෝජනය පිළිවෙලින් 204.42 හා 49.29 විය. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල පසුගිය දශකයේ ඇතිවු වේගවත් ආර්ථික සංවර්ධනය මගින් කිරි නිෂ්පාදිතයන් වැනි ඉහළ අගයක් ගන්නා ආහාර සම්බන්ධයෙන් විශාල ඉල්ලූමක් ජනිත කරනු ලැබ ඇත. 1990-2005 අතර කාලය තුළ ඉන්දියාව, බ්‍රසීලය, නයිජීරියාව හා චීනය යන රටවල කිරි හා කිරි නිෂ්පාදිත ඒක පුද්ගල පරිභෝජනය පිළිවෙළින් 20% හා 300% ප්‍රමාණයන්ගෙන් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ ප්‍රධාන කිරි නිෂ්පාදිතයන්ට බටර්, චීස් යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ඇතුළත් වේ. කිරි වෙළඳපොළෙහි සැපයුමෙන් සුළු ප්‍රමාණයක් වන යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ප්රසධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අලෙවි කෙරේ.
ප්‍රධාන කිරි නිෂ්පාදිත අපනයනකරුවන් වනුයේ යුරෝපා සංගමය, නවසිලන්තය හා ඕස්ට්‍රේලියාවයි. 2007 වසරේ ලෝක කිරි අලෙවියේ ප්‍රමුඛයා වූයේ යුරෝපා සංගමයයි.ආසියානු වෙළඳපොළට කේජු සහ වියළි නිෂ්පාදිත සපයන ප්‍රධාන සැපයුම්කරුවන් වනුයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ අඩු පිරිවැයක් යටතේ කිරි නිපදවන්නන්ය.
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි