"ඇප‍ලෝ 8 - සැලසුම් කිරිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
මීළග පියවර තීරණය වුයේ චන්ද්‍ර මොඩියුලයේ සුදානම මතය. නියමිත කාලයට එය නිමකර ගත නොහැකි වූ අතර 1968 ජුනි මාසයේ දී ප්‍රථම මොඩියුල ඉදිරිත් විය. එහි දී මොඩියුලයේ දෝෂ හදුනාගැනුනු බැවින් 1969 පෙබරවාරි වන තුරු එය නිමකරගත නොහැකි විය. එබැවින් 'D' පියවර ප්‍රමාද වු අතර 1969 අවසන් වන්නට ප්‍රථම සදමතට ගොඩ බැසීමට තිබුනු අරමුණට අනතුරක් එල්ල විය.
 
ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන් කාර්යාලයේ කලමණාකරැකලමණාකරු ජොර්ජ් ‍ලෝ නැමැත්තා විසින් මෙයට විසදුමක් යෝජනා කලේ 1968 අගෝස්තු මාසයේ දීය. CSM මොඩියුලය, LM මොඩියුලලයට මාස 3 කට පෙර සුදානම් වන බැවින් 1968 දෙසැම්බර් මාසයේදි CSM පමණක් අභ්‍යාවකාශගත කිරීමට මෙහිදී යෝජනා වුනි. 'e' පියවරෙහි ඇතිපරිදි ඇප‍ලෝ 7 ගුවන් ගත කරනු වෙනුවට චන්ද්‍රයා වෙත CSM පමණක් යැවිය හැකි බව ඔහුගේ අදහස විය. 'F' පියවරෙහි එන ඇපලෝ 10 මගින් චන්ද්‍රයා මතට යානා ගොඩ බැස්වීමේ ක්‍රියාවලියද මේ පියවර සමගම ක්‍රියාත්මක කළ හැකි බ වද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
 
නාසා ආයතනයේ සෑම ජ්‍යෙෂ්ඨ කලමනාකරුවෙක් ම මීට එකග වූ අතර එකගකරවා ගැනීමට අපහසු වූ එකම පුද්ගලයා වුයේ නාසා හි පරිපාලක ජේමිස් ඊ වේබිය. කෙසේ නමුත් අවසානයේ දී ව්‍යාපෘතිය වෙනස් කිරිමට ඔහුද එකග වූ අතර එය මහජනයාට දන්වන ලද්දේ නොවැම්බර් 12 වන දාය. එනම් පෘථිවි කක්ෂය වටා ඇපලෝ 7 යානාව සාර්ථකව ගමන් කිරීමෙන් සති 3 කට පසුවය.
"https://si.wikipedia.org/wiki/ඇප‍ලෝ_8_-_සැලසුම්_කිරිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි