"රාමායණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎කතා සාරාංශය: ඇත්ත රාමායනය.... by fun walmiki
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
රාමායණය මගින් අයෝධ්‍යා රාජධානියේ දශරථ රජුට දාව [[රාම]] නම් දෙවි කෙනෙකුගේ උපත ලැබීම පිළිබඳවත්, විශ්වමිත්‍ර ඍෂිවරයා යටතේ ඔහු ගුරුහරුකම් ලැබීම සහ සහ ජනක රජුගේ දියණිය වන [[සීතා දේවිය|සීතා]] සිය මනාලිය වශයෙන් දිනාගැනීමේ තරඟාවලියේදී ශිවගේ බලවත් දුන්න බිඳ දමා රාම විසින් ඇයව දිනා ගැනීම ආදිය විස්තර කරනු ලබයි. වීර කාව්‍යයේ කේන්ද්‍රීය චරිත වන්නේ රාම සහ ඔහුගේ කැප වූ බිරිඳ සීතා ය. දශරථ රජු මහලු වියට පත් වූ පසු, තම වැඩිමහල් පුත්‍රයා වන රාම, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස අභිෂේක කිරීමට තීරණය කළ බව විවෘත සභාවේදී ප්‍රකාශ කරන අතර, ඒ අනුව රජ මාලිගයෙහි පිරිස ප්‍රීතියට පත් වේ. නමුත් දශරථ රජුගේ දෙවන බිරිඳ වන කයිකේයි රැජින, ඇගේ පුත්‍රයා වන භරතට රජකම ලබාදීම සඳහා තම ස්වාමිපුරුෂයා තම පුත් භාරතට පක්ෂව ඔහුගේ යෝජනාව වෙනස් කිරීමටත් රාමව වසර දාහතරකට පිටුවහල් කිරීමටත් පොළඹවයි. රාම තම ඉරණම ඉතා ගෞරවාන්විතව පිළිගෙන තම බිරිඳ සහ ඔහුගේ ප්‍රියතම අර්ධ සහෝදරයා වන ලක්ෂ්මණ සමඟ දණ්ඩක වනයට විශ්‍රාම යයි.
 
දශරථ රජු මිය ගිය විට, ඔහුගේ පුත් භරත අනුප්‍රාප්තිකයා ලෙස කැඳවනු ලැබේ. නමුත් ඔහු රාමගේ සිංහාසනය පැහැර ගැනීම ප්‍රතික්ෂේප කරන අතර, රාමට සිංහාසනය ලබාදීම සඳහා වනයෙහි ඔහුව සොයනු ලබයි. රාම තම පියාගේ තීරණයට හරස් වීම ප්‍රතික්ෂේප කරමින්, සිය රනින් වැඩ දැමූ පාවහන් ගලවා භරතට දෙන්නේ ඔහු සිංහාසනයෙන් ඉල්ලා අස්වීම සංකේතවත් කරමිනි. නමුත් නැවත පැමිණෙන භරත, රාමගේ පාවහන් සහ රාජ්‍යත්වයේ සලකුණ වන කහ පැහැති කුන්තය සිංහාසනය මත තබා තමන් රාම රජුගේ පූර්ණ බලධාරියා ලෙස කටයුතු කරණු ලබයි. දැන් රාම වනයේ දිගටම ගමන් කරන අතර, ශුද්ධබිලිපූජා වූහා පිළිවෙත්වලස්ත්‍රී දූෂනවල යෙදී සිටින වනයේ තාපසයන්අතවර කරන යක්ෂයින්ට එරෙහිව සටන් කිරීම ඔහුගේ විනෝදාංශය බවට පත් වෙයි. මේ නිසා ලක්දිව වෙසෙන යක්ෂයන්ගේ රජු වන රාවණා, රාමගෙන් පළිගැනීමට සැලසුම් කරයි.
 
දණ්ඩක වනයේ දී, සීතා ගේ ආරක්ෂකයින් දෙදෙනා වන රාම සහ ලක්ෂ්මණ, ඔවුන් නොමඟ යැවීමට වනාන්තරයට යවන ලද රන් මුවෙකු පසුපස හඹා යාමේහි යෙදී සිටියදී, ලංකාවේ රාක්ෂස රජු වූ [[රාවණා රජ|රාවණා]], තාපස ඇඳුමින් වෙස්වළා ගෙන පැමිණ, සීතා සිටින නිවසට යයි, ඔහු රාවන බව දැනගන්නා සීතා සිහිසුන් වෙයි.ඇයව දෑතින් ඔසවාගන්නා රාවන . තම යානාවෙන් ඇයව.
"https://si.wikipedia.org/wiki/රාමායණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි