"ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම
20 පේළිය:
== වගාව සහ සැකසීම ==
 
== [[ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් 4%ක් පමණ, එනම්එ]]නම් හෙක්ටයාර 188,175 (වර්ග සැතපුම් 727) කට වඩා ප්‍රමාණයක් පුරා තේ වගාව පැතිර පවතී. මීටර 2100 (අඩි 6, 890)ට වැඩි උන්නතාංශ ප්‍රදේශවල බෝගය සරුවට වැඩෙන අතර ශාකවලට වසරකට සෙ.මී. 100-125 (අඟල් 39-40)ත් අතර වර්ෂාපතනයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තේ පඳුරු රෝපණය කිරීම සිදු කරනුයේ සමෝච්ඡ රේඛා සමායෝජනය කරමින් "සමෝච්ඡ රෝපණ" ක්‍රමයට අනුකූලව ය. වාණිජ නිෂ්පාදනයන් සඳහා තේ පඳුරුවල කඳෙහි සහ පැති අතුවල හටගන්නා දළු සහ ළපටි කොළ ‍යොදා ගනී. සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ අපේක්ෂිත රසය සහ සුවඳ ඇති අග්‍රස්ථ කොළ දෙක සහ ඉහළ අංකුරය නෙළා ගනු ලැබීම යි. ශ්‍රී ලංකාව, තේ දළු නෙළීමට යාන්ත්‍රික තාක්ෂණයට වඩා මිනිස් ශ්‍රමය යොදාගන්නා රටවල් කිහිපයෙන් එකකි. යන්ත්‍ර භාවිතා කළේ නම් සැලකිය යුතු ප්‍රමාණයෙන් මේරූ කොළ  සහ අතු රිකිලි මිශ්‍රවීම නිසා තේවල රසයට වඩා ප්‍රමාණය ඉහළ දැමීමක් පමණක් සිදු වනු ඇත. අත්දැකීමත් සමඟ ම දළු නෙළන්නියන් විසින් වේගයෙන් දළු නෙළීමේ හැකියාව වර්ධනය කරගන්නා අතර, කිලෝ 15-20 (රාත්තල් 33-44)ත් අතර දෛනික ඉලක්කය සපුරා බර කිරා මැනීමෙන් අනතුරු ව ළඟ ම පිහිටි තේ කර්මාන්තශාලාව වෙත ඒවා රැගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවේ තේ වගාව සඳහා නිරන්තර පෝෂණය සහ අවධානය අත්‍යවශ්‍ය වේ. එසේ ම ක්‍රමානුකූල ව පොහොර යෙදීම මගින් පස සරුවට තබාගැනීම තේ සැකසුම් ක්‍රියාවලියේ වැදගත් ම අංගයකි. පාර්ශ්වික වර්ධනය දිරිගැන්වීම උදෙසා නොමේරූ පැළෑටි විශේෂ පිහියක ආධාරයෙන් බිම් මට්ටමේ සිට සෙ.මී. 10-15 අතර උසකින් නිරන්තර කප්පාදුවකට ලක් කරනු ලබයි. නිෂ්පාදිත තේවල ගුණාත්මකභාවය සහ වටිනාකම උ‍දෙසා ශ්‍රී ලංකාවේ තේ වතුවල පවත්නා තේ කර්මාන්තශාලා තීරණාත්මක සාධකයක් ලෙස බලපායි. තේ දළු නෙළා ගැනීමෙන් අනතුරුව,ඉහළ අධීක්ෂණය යටතේ බර මැනීම සඳහා එකතු කිරීමේ මඩු වෙත ඉතා ඉක්මනින් ගෙන ගොස් ඉන් පසු කර්මාන්තශාලාව වෙත ගෙන යනු ලබයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවක් යනු තේ දළු නෙළීම සහ සැකසීම අතර පිරිවැය අවම කිරීමේ අරමුණින් තේ වතු යායේ ම ගොඩ නගන ලද බහු ගබඩා ගොඩනැගිල්ලකි.  තේ දළු, කර්මාන්තශාලාවේ ඉහළ මහළට ගෙන ‍ගොස් ද්‍රෝණියක් වැනි තැනක අතුරන අතර දළුවල අමතර බර ඉවත් කිරිමට වියළීම නැමැති ක්‍රියාවලියට යොමු කරයි. වරක් වියළන ලද දළු පෙරළීමට, ඇඹරීමට සහ වෙන් කිරීමට ලක් කරන අතර මෙය විශේෂ‍යෙන් ම කළු තේ නිෂ්පාදනය සඳහා, කොළවල ඇති එන්සයිම, වාතයේ පවත්නා ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කිරීමට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. ==
 
== තේ දළු නෙලන කාන්තාවන් ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_තේ_නිෂ්පාදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි