"විදුලි බලාගාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
''''විදුලි බලාගාර'''' යනු එදිනෙදා ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා අවශ්‍ය [[විද්‍යුතය|විදුලි බලය]] උත්පාදනය කරන ස්ථානයයි.<ref>{{cite book|author=British Electricity International|title=Modern Power Station Practice: incorporating modern power system practice |edition=3rd Edition (12 volume set)|publisher=Pergamon|year=1991 |isbn=0-08-040510-X}}</ref><ref name=Babcock>{{cite book|author=Babcock & Wilcox Co.|title=Steam: Its Generation and Use|edition=41st edition|year=2005|isbn=0-9634570-0-4}}</ref><ref name=Elliott>{{cite book|author=Thomas C. Elliott, Kao Chen, Robert Swanekamp (coauthors)|title=Standard Handbook of Powerplant Engineering|edition=2nd edition|publisher=McGraw-Hill Professional|year=1997|isbn=0-07-019435-1}}</ref> පොදුවේ ගත් කල විදුලි බලාගාරයක් යනු, භ්‍රමණය වන යන්ත්‍රයකින්, චුම්බක ක්ෂේත්‍රයක් හා සන්නායකයක් අතර ඇති වන සාපේක්‍ෂ චලිතය නිසා යාන්ත්‍රික [[ශක්තිය]] විද්‍යුත් [[ශක්තිය]] බවට පත් කරන විදුලි ජනකයකි. මෙහිදී ශක්ති ප්‍රභවයන් යොදාගෙන ජනක යන්ත්‍රය ක්‍රියාකරවීමට විවිධ ක්‍රම ඇති අතර විදුලිබලාගාරය ක්‍රියා කරවීමට අවශ්‍ය අඩු පිරිවැයක් සහිත ශක්ති ප්‍රභවය සහ ඒසදහා අවශ්‍ය තාක්ෂණය කවරේද යන්න මත එය තීරණය වේ. ලෝකයේ බොහෝ බලාගාර ෆොසිල ඉන්ධන, එනම් ගල් අඟුරු, [[පෙට්‍රෝලියම්]] ඉන්ධන , ස්වාභාවික ගෑස්, යනාදිය මෙන්ම ඇතැම් විදුලි බලාගාර සඳහා [[න්‍යෂ්ටික ශක්තිය]]ද ශක්ති ප්‍රභව ලෙස විදුලි ජනනයට යොදා ගනී. නමුත් මේ වනවිට [[solar power|සුර්යයා]], [[Wind power|සුළඟ]], [[Wave power|උදම් රළ තරංග]] සහ [[Hydroelectricity|ජල විභවය]] වැනි පිරිසිදු පුනර්ජනනය කල හැකි ශක්ති ප්‍රභේද භාවිතය ඉහල යමින් පවතී.
 
== ඉතිහාසය History ==
ලොව පළමු විදුලි බලාගාරය ඉදිකරන ලද්දේ 1868දී එංගලන්තයේ [https://en.wikipedia.org/wiki/Cragside ක්‍රාග්සයිඩ්]වල [https://en.wikipedia.org/wiki/William_Armstrong,_1st_Baron_Armstrong විලියම් ආම්ස්ට්‍රෝන්] සාමිවරයා විසිනි. ඒ ප්‍රදේශයේ වූ ජලාශයක ජලය යොදාගෙන [https://en.wikipedia.org/wiki/Siemens_AG සෛමෙන්ස් ] [https://en.wikipedia.org/wiki/Dynamo ඩයිනමෝව]ක් ක්‍රියාකරවිමෙනි. එහිදී ජනිත විදුලිය මගින් ආලෝකය සහ තාපය ලබාගත හැකිවුණි. මෙම යන්ත්‍රය උත්තොලකයක් ලෙස ධාවනය කරනලද අතර එය ගොවිපොළවල් වල ශ්‍රමය ඉතිරිකරන උපක්‍රමයක් වුණි. <ref>http://www.bbc.co.uk/news/uk-england-tyne-21586177</ref><ref>http://www.nationaltrust.org.uk/cragside/</ref>
 
13 පේළිය:
1882 සැප්තැම්බර් හිදී අල්වා එඩිසන් විසින් මැන්හැටන් දිවයින් ප්‍රදේශයේ පහල කොටසට විදුලි ආලෝකය සැපයීම සඳහා නිව්යෝක් නුවර [https://en.wikipedia.org/wiki/Pearl_Street_Station පර්ල් විදියේ බලාගාරය] ස්ථාපිත කරන ලදී. එය 1890 ඇතිවූ ගින්නෙන් විනාශවී යනතෙක්ම ක්‍රියාත්මකවුණි. බලාගාරයේ වූ වාෂ්ප එන්ජිමට සම්බන්ධ කොට පැවතියේ සරල ධාරා ජනකයකි. විදුලිය සැපයූ කුඩා ප්‍රදේශයක් වීමත් එලෙස විදුලිය සැපයීමෙදි වන විද්‍යුත් විභව බැස්ම අඩුවීමත් නිසා සරල-ධාරා යොදාගෙන විදුලිය සැපයිඉමට හැකිවුණි. නමුත් විදුලි භාවිතය වැඩිවීමත් සමග සරල-ධාරා වෙනුවට ප්‍රත්‍යාවර්ථ-ධාරා යොදාගන්නාලදී. එයට හේතුව ප්‍රත්‍යාවර්ථ-ධාරා සැපයුමට වඩා සරල-ධාරා මගින් විදුලිය සැපයිය හැකි දුර සිමාව අඩු කිලෝමීටර් ප්‍රමාණයක් වීමත්, ඉන්ධන පරිභෝජනය කාර්යක්‍ෂම නොවීමත් සහ වැඩි ශ්‍රම පිරිවැයක් දැරීමට සිදුවීමත්ය.
 
ප්‍රත්‍යාවර්ථ ධාරා පද්ධති සඳහා පුළුල් [[සංඛ්‍යාතය|සංඛ්‍යාත]] පරාසයක් යොදාගනී. අඩු භාරයක් සහිත පද්ධති සඳහා වැඩි සංඛ්‍යාත ධාරාද, සන්කර්ෂණ පද්ධති හා විශාල යන්ත්‍ර භාර පද්ධති සඳහා වැඩි සංඛ්‍යාත ධාරාද යොදාගනී. ආලෝකකරණය සහ බල පද්ධති පොදු සංඛ්‍යාතයකින් ක්‍රියාකරවීමක්‍යරියාකරවීම මගින් ආර්ථික මධ්‍යස්ථාන සීග්‍රයෙන් දියුනුවුණි. එකම බලාගාරයෙන් බොහෝ කාර්යයන් සඳහා අවශ්‍ය විදුලිය සැපයීමට හැකිවිය. දිනපතා කර්මාන්තශාලා සඳහා, කඩිනම් වේලාවන්හිදී දුම්රිය පද්ධතිය සඳහා, මෙන්ම රාත්‍රී කාලයේදී විදිලාම්පු සඳහාද අවශ්‍ය විදුලිය සැපයිය. මේනිසා පද්ධතියේ [https://en.wikipedia.org/wiki/Load_factor_%28electrical%29 භාර-සාධකය] ඉහලනැන්විමට හා පද්ධතියේ මුළු විදුලි පිරිවැය අඩු කිරීමට හැකිවුණි. පසුව තෝරාගන්නා ධාරා සංඛ්‍යාතය අනුව ආලෝක දැල්වීම සඳහාද නැතහොත් කර්මාන්ත සඳහා විදුලිය සැපයීමටද යන්න අනුව ජනන මධ්‍යස්තාන වෙන්කෙරින. එමෙන්ම දුම්රිය පද්ධතිය සඳහාද සාමාන්‍ය ආලෝකකරණයට හා බල සැපයුමට පවතින විදුලි ජාලයට වඩා විශේෂ වූ සංඛ්‍යාත යොදාගැනින.
 
පසුගිය දශක කිහිපය මුළුල්ලේම, වැඩි වාෂ්ප පීඩනයක් යොදාගෙන විදුලි උත්පාදනය කරන, විශ්වාසබව හා පිරිවැය වැඩි, බහු විදුලි ජනන ස්ථාන පිලිබඳ විශ්වාසදායි, සහ වැඩි කාර්යක්ෂමතාවක් සහිත, මධ්‍ය බලාගාර විශාල කෙරිණ. ඉහල වොල්ටියතාවකින් යුතු ප්‍රත්‍යාවර්ථ ධාරා යොදාගැනීම නිසා විදුලිය පහසුවෙන් ඈත ප්‍රදේශ වලට විදුලි සම්ප්‍රේෂණය කිරීමට හැකිවුණි. 1906 වනවිට වාෂ්ප [[තල බඹරය |තල බඹර]] මධ්‍ය බලාගාර සඳහා යොදාගැනීමත් සමග වැඩි ධාරිතාවයකින් විදුලි ජනනය කිරීම වර්ධනය වුණි. බල සම්ප්‍රේෂණ පටි නිසාවෙන් හෝ සාපේක්ෂ වශයෙන් එන්ජිමේ අඩු අනුවැටුම් වේගය නිසාවෙන් හෝ තවදුරටත් ජනක යන්ත්‍ර සඳහා සීමාවක් නොවිය. එමෙන්ම ඒවායේ විෂලත්වයටද සීමාවක් නොවිය. උදාහරණයක් ලෙස [https://en.wikipedia.org/wiki/Sebastian_Ziani_de_Ferranti සෙබෙස්තියන් ෆෙරාන්ටි] විසින් විශාල වාෂ්ප එන්ජිම සැලසුම් කිරීම දැක්වියහැක.
කෙසේවෙතත් විදුලි මධ්‍යස්ථාන මගින් විදුලිබල පද්ධතියක් ගොඩනැගීම සඳහා ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මනා හැකියාවක්ද, මුල්‍යමය කටයුතු පිලිබඳ දැනුමද එකලෙස අවශ්‍ය සාධක වේ. මෙහිදී විදුලිමධ්‍යස්ථාන ඉදිකිරීමට පුරෝගමිවුවන් අතර එක්සත් ජනපදයේ [https://en.wikipedia.org/wiki/George_Westinghouse ජෝර්ජ් වෙස්ටින්හවුස්] හා [https://en.wikipedia.org/wiki/Samuel_Insull සැමුවෙල් ඉන්සල්] ද එක්සත් රාජධානියේ [https://en.wikipedia.org/wiki/Sebastian_Ziani_de_Ferranti සෙබෙස්තියන් ෆෙරාන්ටි] හා [https://en.wikipedia.org/wiki/Charles_Hesterman_Merz චාල්ස් හෙස්ටර්මාන්] ද මෙන්ම තවත් බොහෝ අයද වුහ.
 
== තාප විදුලි බලාගාර - Thermal power plants ==
 
[[File:Dampfturbine Laeufer01.jpg|thumb|200px|වර්තමානයේ භාවිතාවන නවීන වාෂ්ප තල තල බඹරයක භ්‍රමකයක්,]]
26 පේළිය:
හානිවන තාපය ප්‍රයෝජනයට ගැනීම හැර සමස්ථ බලාගාරයේ කාර්යක්ෂමතාව ඉහලනැන්විම සඳහා තාපගති චක්‍ර දෙකක් සම්බන්ධ කෙරේ. එහිදී ඉන්ධන වායු දහනය කරන [[තල බඹරය |තල-බඹරයෙන්]] පිටකරන දහනය වූ උණුසුම් වාතය බොයිලේරුව හරහා යවා එයින් ජල වාෂ්ප නිපදවා වාෂ්ප තල-බඹරයක් හරහාද යවයි.
 
=== වර්ගීකරණය - Classification ===
[[File:DTE St Clair.jpg|thumb|right|250px|[https://en.wikipedia.org/wiki/St._Clair_Power_Plant ශාන්ත ක්ලෙයාර් විදුලි බලාගාරය], මිචිගන් හි ඇති විශාල පරිමාණයේ ගල්-අඟුරු බලාගාරයක්, [[එක්සත් ජනපදය]].]]
[[File:Ikata Nuclear Powerplant.JPG|thumb|250px|ඉකාතා න්‍යෂ්ටික බලාගාරය , [[ජපානය]].]]
39 පේළිය:
* සුර්ය තාප බලාගාරවල සුර්ය තාපය මගින් ජලය රත්කර වාෂ්ප සාදාගනී. එම වාෂ්ප මගින් තල-බඹරය හා විදුලි ජනකය ක්‍රියා කරවයි.
 
==== ප්‍රථමික චාලකයක්මගින් - By a primary motor ====
* තාප බලාගාරවල වාෂ්ප තල බඹර ක්‍රියා කරවීමට ජල වාෂ්ප ප්‍රසාරණය වීමේදී ඇතිවන අධික පීඩනය යොදාගනී. ජල විදුලිබලාගාර හැරෙන්නට අනෙක් බොහෝ බලාගාරවල තල බඹර ක්‍රියාකරවීමට මෙම ක්‍රමය භාවිතාකරයි. සියයට 90ක්ම ලෝකයේ විදුලි උත්පාදනයට යොදාගන්නේ වාෂ්ප තල-බඹර යි. <ref Name="Wiser">{{cite book |title=Energy resources: occurrence, production, conversion, use|last= Wiser |first= Wendell H. |authorlink= Wendell H. Wiser |year= 2000 |publisher= Birkhäuser |isbn= 978-0-387-98744-6 |page= 190 |url= http://books.google.com/books?id=UmMx9ixu90kC&pg=PA190&dq=electrical+power+generators+steam+percent&hl=en&ei=JppoTpVexNmBB4C72MkM&sa=X&oi=book_result&ct=result&resnum=2&ved=0CDgQ6AEwATgK#v=onepage&q=steam&f=false}}</ref>
* වායු ඉන්ධන බලාගාරවල වායු තල-බඹර ඍජුවම ක්රියකරවයි. එනම් දහන කුටීරය හරහා ගලන වාත සහ ඉන්ධන මිශ්‍රණය දැඩි පීඩනයකට ලක්කරයි.එවිට පිඩිත වාතය මිශ්‍ර ඉන්ධන දහනය කරයි. දහනයේදී ඇතිවන වායු ප්‍රසාරණය නිසා තල-බඹර කරකැවීමට පටන්ගැනේ.
46 පේළිය:
 
 
 
=== සිසිලන කුළුණු - Cooling towers ===
 
[[File:RatcliffePowerPlantBlackAndWhite.jpg|thumb|300px|එක්සත් රාජධානියේ පිහිටි Ratcliffe-on-Soar බලාගාරයේ ඇති සිසිලන කුළුණු වලින් ජල වාෂ්ප පිටවන අයුරු .]]
Line 56 ⟶ 57:
 
 
 
== ප්‍රතිසංස්කරණය කළහැකි ශක්තියෙන් විදුලිය - Electricity with renewable energy ==
විදුලි බලාගාරවල විදුලි උත්පාදනයට පුනර්ජනන ශක්ති ප්‍රභව යොදාගත හැකිය. පහත සඳහන් වන්නේ එවන් ශක්ති ප්‍රභව කිහිපයකි.
 
=== ජල විදුලිය - Woter Electricity ===
 
[[File:ThreeGorgesDam-China2009.jpg|thumb|චීනයේ හියුබෙයිහි ත්‍රී ගෝර්ජස් වේල්ල(Three Gorges Dam).]]
Line 65 ⟶ 67:
ජල විදුලිය නිපදවීම සඳහා වේල්ලක් බැඳීමෙන් එක්රැස්කරගන්නා ජලය විදුලි ජනක යන්ත්‍රවලට සම්බන්ධ [[තල බඹරය|තල බඹරයක්]] හෝ කීපයක් හරහා යවයි. ජල මාර්ගයක් අවහිර කොට වේල්ලක් සාදා ජලය රැස්කරගනි. එම රැස්කරගත් ජලය ජල-තල-බඹරයක් හෝ කිහිපයක් හරහා යවයි. තල-බඹර වලට සම්බන්ධකර ඇති විදුලි ජනක යන්ත්‍රමගින් විදුලිය උත්පාදනය කරයි.ලොවපුරා රටවල් 150ක පමණ ජලවිදුලි උත්පාදනය සිදුකරනු ලබන අතර 2010 වසරෙ දත්ත වාර්තා අනුව [[ආසියාව|ආසියානු]]-පැසිපික් කලාපයේ පමණක් ලෝක ජලවිදුලි උත්පාදනයෙන් සියයට 32ක් උත්පාදනය කර ඇත. එයිනුත් ලොව විශාල වශයෙන් විදුලි උත්පාදනය කරන රට චීනයයි. 2010 වසරේදී [[චීනය]] විදුලිය ටෙරාවොට්-පැය 721ක් නිපදවා ඇත.
 
=== සුර්යයා - The sun ===
 
[[File:Giant photovoltaic array.jpg|thumb|[එක්සත් ජනපදයේ [https://en.wikipedia.org/wiki/Nevada නෙවාඩා(Nevada)] හි [https://en.wikipedia.org/wiki/Nellis_Solar_Power_Plant නෙලිස් සුර්ය බලාගාරය(Nellis Solar Power Plant)]]]
Line 81 ⟶ 83:
වර්තමානයේ සුළං විදුලි බලාගාර සඳහා, තල තුනක් සහිත තල බඹර යොදාගනී. ලාභදායිබව හා කාර්යක්ෂමව උදෙසා තල-බඹර ප්‍රමාණයෙන් විශාලව නිෂ්පාදනය කරයි. මේනිසා බඹරයේ තල සෙමෙන් කරකැවේ. එසේ කරනුයේ අහසේ සැරිසරන පක්ෂීන්ගේ ආරක්ෂාව සඳහාය.
 
=== සාගරය - the ocean ===
 
''''සාගර ශක්තිය'''' ලෙස හඳුන්වන්නේ සාගරයේ දිය රැලි, [[උදම්|වඩදිය-බාදිය]](උදම්), මුහුදු ජලයේ ලවණතාව වෙනස්වීම, සහ සාගරයේ උෂ්ණත්ව වෙනස්වීම වැනි දේ නිසා ගොඩනැගෙන ශක්තියයි. දියවැල් හරහා සාගරජලයේ සිදුවන සංසරණය නිසා විශාල [[චාලක ශක්තිය|චාලක ශක්තියක්]] ගොඩනැගේ. මෙම ශක්තිය උපයෝගිකොටගෙන විදුලිය නිපදවිය හැක. බොහෝ විට මේ සඳහා යොදාගන්නේ සාගරය මතුපිට ඇතිවන දියරැළි සහ උදම් රළ ය.
"https://si.wikipedia.org/wiki/විදුලි_බලාගාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි