"රුහුණු කතරගම දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
49 පේළිය:
 
===මුල් වාදය===
සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ වාද පවතී.හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට අනුව කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් වේ.ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මේ පූජා විදි තවදුරටත් ඉදිරියට ගමන් කරයි.කරුණු එසේ වුවත් බෞද්ධ,හිංදු සහ මුස්ලිම්වරු පවා දේව පූජා විදි සහ සිද්ධස්ථාන තෝරා ගනීමට උත්සහ දරනවා.එස්.පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් මුණමුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත.ඉන්පසුව දේශීය සිංහල සහ දෙමල ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි සහ මුරුකන් මුණගසුනුගසුනු ස්ථානය ලෙස සලකනු ලැබූ අතර කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස සලකන ලදී.එස්.පත්මනාත්න්ට අනුව දෙමල ජනතාව අතර ස්කන්ධ මුරුකන් ජනප්‍රියව පැවති 13 වන සියවස අග භාගයේදී මෙය සිදු විය.15 වන සියවසට ප්‍රථම අරුණගිරිනාත නම් කවියෙක් මෙම ස්ථානය පූජනීය ස්ථානයක් ලෙස හදුනා ගන්නා ලදී.
 
===සාහිත්‍යමය සාධක===
56 පේළිය:
 
===පුරාවිද්‍යත්මක සාධක===
පූජස්ථානය අවට බොහෝ පුරාණ නටබුන් ශිලා ලිපි ලේඛන පවතී.දැනට හමුවී ඇති ශිලා ලිපි ලේඛන වලට අනුව "කිරිවෙහෙර" ක්‍රි.පු.පළවන සියවසේදී පමණ ඉදිකර ඇති අතර පහුව දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කර ඇති බව විශ්වාස කරයි.තිරිතාර රජු ගේ පුත් මහාදානික මහානාගගේ නියෝගයෙන් පුරාණයේ මංගල මහාසෑය නමින් හැදින්වූ කිරිවෙහෙරට බාර ඔප්පු කල බව ශිලා ලිපියක සදහන් වේ.තවත් ශිලා ලිපියක සදහන් වනුයේ 7 වන ශතවර්ෂයට අයත් වන 1 වන දපුල භික්ෂූන්ට සිද්ධස්ථානයක් ඉදිකල බව.නමුත් එහි කතරගම නම සදහන් කොට නැත.කැනීම් වලදී හමුවූ වලං කැබලි වල සහ කාසි වල පාර්ක්රිට් සහ දෙමළ බ්‍රාහ්මීය වලින් ලියූ පුරාවෘත වල,අසල පිහිටි [[තිස්සමහාරාමය]] ක්‍රි.පු. 2 වන ශතවර්ෂයේ සිට පැවති පුරාණ වෙළද නගරයක් බව සදහන්ව ඇත.ශ්‍රී ලංකාවේ දේශපාලණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වූ රුහුණු රාජධානියට මෙම ප්‍රදේශය අයත්ව පවතී.
===කල්‍යාණගිරි ස්වාමිගේ කාර්යභාරය===
සිද්ධස්ථාන පිළිබද මධ්‍යකාලීන ඉතිහාසය 16 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලසීමාව තුල උතුරු ඉන්දියාවෙන් පැමිණි කල්‍යාණගිරි ස්වාමිගේ පැමිණිමත් සමග ආරම්භ විය.ස්කන්ධ පූරාණයේ සදහන් පරිදි ඔහු සිද්ධස්ථානය පිහිටි ස්ථානය සහ ඒ සම්බන්ධව ඇති පුරාවෘත හදුනාගනු ලබ ඇත.ඉන්පසුව ආරණ්‍ය සිද්ධස්ථානය ඔහු විසින් නැවත ඉදිකරන ලදී.පසු එය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික හිංදු භක්තිකයන්ගේ වන්දනාවට පාත්‍ර විය.මෙම සිද්ධස්ථානය බෞද්ධ සැදැහැවතුන් ආකර්ෂණය කර ගැනීමටද සමත් විය.සිද්ධස්ථානයේ භාරකරුවන් වූයේ ස්වදේශී වැදි ජනතාවයි.යටත් විජිතයක්ව පැවතීමට පෙර පැවති අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජ වරුන්ගෙන් ලබූ අනුග්‍රහය යටතේ සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි විය.1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවෙන් ගෙන එනු ලබූ යටත් වාසීන්ද මෙම සිද්ධස්ථානය වන්දනා කරන ලදී.එම නිසා සෑම පුද්ගලයෙක් අතරම මෙම සිද්ධස්ථානය ප්‍රසිද්ධ විය.
119 පේළිය:
*[[කර්තික්කය]]
==බාහිර සබැඳි==
thamindu max
 
[[Category:කතරගම]]
[[ප්‍රවර්ගය:දේවාල]]
"https://si.wikipedia.org/wiki/රුහුණු_කතරගම_දේවාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි