විලී බ්‍රන්ට් (ජර්මානු: [ˈvɪliː ˈbʁant]  ( සවන්දෙන්න); උපතේදී නම හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්; 18 දෙසැම්බර් 1913 – 8 ඔක්තොම්බර් 1992) යනු ජර්මානු දේශපාලනඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර 1964 සිට1987 දක්වා ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි (SPD) නායකයා වශයෙන් කටයුතු කර 1969 සිට 1974 දක්වා බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා වශයෙන් සේවය කලේය.

1980 වසරෙහිදී විලී බ්‍රන්ට්
බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා
තනතුර දරමින්
22 ඔක්තොම්බර් 1969 – 7 මැයි 1974
ජනාධිපතිවරයාගුස්ටෆ් හයිනමන්
වයිස්-චාන්සලර්වල්ටර් ෂීල්
පූර්වප්‍රාප්තිකයාකුඕර්ට් ගියෝග් කීසිංගර්
අනුප්‍රාප්තිකයාහෙල්මුට් ෂ්මිට්
සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා
තනතුර දරමින්
16 පෙබරවාරි 1964 – 14 ජූනි 1987
ජාතික ලේකම්හන්ස්-යෝගන් විෂ්නෙෂ්කි
හොල්ගා බර්නා
ඊගොන් බාර්
පීටර් ග්ලොට්ස්
පූර්වප්‍රාප්තිකයාඉයරිෂ් ඕලොන්හොවර්
අනුප්‍රාප්තිකයාහන්ස්-යෝහන් ෆෝගල්
බටහිර ජර්මනියෙහි වයිස්-චාන්සලර්වරයා
තනතුර දරමින්
1 දෙසැම්බර් 1966 – 20 ඔක්තොම්බර් 1969
Chancellorකුඕර්ට් ගියෝග් කීසිංගර්
පූර්වප්‍රාප්තිකයාහන්ස්-ක්‍රිස්ටොෆ් සීබොම්
අනුප්‍රාප්තිකයාවල්ටර් ෂීල්
විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා
තනතුර දරමින්
1 දෙසැම්බර් 1966 – 20 ඔන්තොම්බර් 1969
Chancellorකුඕර්ට් ගියෝග් කීසිංගර්
පූර්වප්‍රාප්තිකයා ගෙයාහාඩ් ෂෲඩා
අනුප්‍රාප්තිකයාවල්ටර් ෂීල්
බර්ලිනයෙහි ගවර්නිං මේයර්
(බටහිර බර්ලිනය)
තනතුර දරමින්
3 ඔක්තොම්බර්1957 – 1 දෙසැම්බර් 1966
ජනාධිපතිවරයාතියඩෝර් හොයිස්
හෙයින්රිෂ් ලුබ්කර්
Chancellorකොන්රඩ් ආඩනෝව
ලුඩ්විෂ් එයාහාඩ්
පූර්වප්‍රාප්තිකයාඔටෝ සුවර්
අනුප්‍රාප්තිකයාහෙයින්රිෂ් ඇල්බාර්ට්ස්
බුන්ඩස්හාර්ට් හී සභාපති
තනතුර දරමින්
1 නොවැම්බර් 1957 – 31 ඔක්තොම්බර් 1958
පූර්වප්‍රාප්තිකයාකූර්ට් සීවකිං
අනුප්‍රාප්තිකයාවිල්හෙල්ම් කයිසන්
බර්ලීන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සභාපතිවරයා
තනතුර දරමින්
11 ජනවාරි 1955 – 2 ඔක්තොම්බර් 1957
පූර්වප්‍රාප්තිකයාඔටෝ සුවර්
අනුප්‍රාප්තිකයාකුවර්ට් ලන්ඩ්ස්බර්ග් (de)
පුද්ගලික තොරතුරු
උපත
හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්

18 දෙසැම්බර් 1913(1913-12-18)
ලූබෙක්, ජර්මානු අධිරාජ්‍යය
විපත8 October 1992(1992-10-08) (වයස 78)
උන්කල්, ජර්මනිය
Cause of deathමහාන්ත්‍රක පිළිකාව
Resting placeසීලන්ඩෝර්ෆ්, බර්ලිනය
Citizenshipජර්මනිය( 1938 තෙක්, 1948 දී යළි හිමිකරගති )
නෝර්වේ ( 1940 සිට)
දේශපාලන පක්ෂයSPD (1930–1931, 1948–1992)
සෝෂලිස්ට් වර්කර්ස් (1931–1946)
කලත්‍රයා
  • කැර්ලොට්ටා තොර්කිල්ඩ්සන් (වි. 1941; දි. 1948)
  • රූට් හන්ස්න් (වි. 1948; දි. 1980)
  • බ්‍රිජෙටර් සීබහාර් (වි. 1983)
දරුවන්4, මතීයාස් ඇතුළු
Awardsනොබෙල් සාම ත්‍යාගය (1971)
අත්සන

ඔහු වෙත 1971 වසරෙහිදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ ඊඊසී ඔස්සේ බටහිර යුරෝපයෙහි සමෝධානය තර කිරීමට සහ බටහිර ජර්මනිය සහ නැගෙනහිර යුරෝපයෙහි රටවල් අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ උත්සාහයයන් නිසාය.[1] ඔහු [2] 1930 වසරෙන් පසුව පත්වූ පළමු සෝෂල් ඩිමොක්‍රට් චාන්සලර්වරයා විය.

නාසි පාලනාධිකාරියට හසු නොවන පරදී නෝර්වේ රාජ්‍යයට සහ පසුව ස්වීඩන් රාජ්‍යයට පලාගොස් වාමාංශික මාධ්‍යවේදියෙක් ලෙසින් ක්‍රියාකාරීවූ ඔහු , විලී බ්‍රන්ට් යන ආරූඨ නම භාවිතයට ගත්තේ නාසි ඒජන්තයන් විසින් ඔහු සොයාගැනුම වලක්වා ලනු පිණිස වන අතර, 1948 දී එම නම විධිමත් ලෙසින් භාවිතයට ගත්තේය. බ්‍රන්ට් මුලින්ම සැලකුනේ එස්පීඩී පක්ෂයෙහි දක්ෂීණාංශයෙහි නායකයන් අතරින් එක් අයෙකු ලෙසින් වන අතර, බටහිර බර්ලිනයෙහි ගවර්නිං මේයර් ලෙසින් මුල් ජනප්‍රියත්වය ලබා ගති. කුඕර්ට් ගියෝග් කීසිංගර්ගේ කැබිනට් මණ්ඩලයෙහි විදේශ අමාත්‍යවරයා ලෙසින් සහ වයිස්-චාන්සලර්වරයා ලෙසින් ඔහු සේවය කල අතර, 1969 වසරෙහිදී චාන්සලර්වරයා බවට පත් විය.

චාන්සලර්වරයා ලෙසින්, එක්සත් ජනපදය සමග බටහිර ජර්මනියෙහි සමීප බැඳියාව ඔහු විසින් පවත්වා ගෙන යන ලද අතර බටහිර යුරෝපයෙහි යුරෝපියානු සමෝධානය ශක්තිමත් කරන අතරම, නැගෙනහිර යුරෝපය සමග සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්පොලිටික් නම්වූ නව ප්‍රතිපත්තියක් එළිදැක්වීය. ඔහුගේ ඔස්ට්පොලිටික් නිසා බ්‍රන්ට් දක්ෂිණාංශයෙහි මතභේදකාරී වූ අතරම, වියට්නාම යුද්ධය සහ දක්ෂිණාංශික ඒකාධිපති රාජ්‍යයන් ඇතුළු ඇමරිකානු ප්‍රතිපත්තීන්ට සහය දීම නිසා ඔහු වාමාංශයෙහි මතභේදයට ලක් විය. ලෝක ආර්ථිකයන්හී සහ දේශපාලනයෙහිදී සමෘද්ධිමත් උතුර සහ දුප්පත් දකුණ අතර සාමාන්‍ය උතුරු-දකුණු බෙදීම විස්තරකිරීම සඳහා පිළිගත් මිම්මක් ලෙසින් බ්‍රන්ට් වාර්තාව භාවිතා විය. දේශීය කරළියෙහිදී ඔහුගේ අති දරුණු කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තීන් පිළිබඳව බ්‍රන්ට් ප්‍රකටවූ අතර, එහි මස්තකප්‍රාප්තිය වූයේ 1972 වසරෙහි රැඩිකාලෙනලස් (රැඩිකල් විරෝධී නියෝගය) විය.

1974 වසරෙහිදී බ්‍රන්ට් චාන්සලර් තනතුරෙන් ඉල්ලා අස්වුනේ, ඔහුගේ සමීපතම පුද්ගලික සහායකයෙකු වූ ගුන්ටා ගියෝම්, ෂ්ටාසී නම්වූ, නැගෙනහිර ජර්මානු රහස් ඔත්තු සේවයෙහි ඒජන්තවරයෙකු බවට හෙළිවීම සමගය.

මූලාශ්‍ර සංස්කරණය

  1. "දි 1971 නොබෙල් ප්‍රයිස් – ප්‍රසන්ටේෂන් ස්පීච්". Nobelprize.org. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2017.
  2. හේමන් මිලර් ගෙන් පසුව

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විලී_බ්‍රන්ට්&oldid=496000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි