විල්හෙල්ම් ගයිගර්

විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (ඉංග්‍රීසි:  Wilhelm Ludwig Geiger) (1856 ජුලි 21 - 1943 සැප්‍. 02 ), ජර්මන් ජාතික ප්‍රාචීන ශාස්ත්‍රඥයෙකි. වි‍ශේෂයෙන්ම සිංහල සහ පාලි භාෂාවන් පිළිබඳව සුවිශේෂ උනන්දුවකින් කටයුතු කළ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් පඬිවරයෙකි.

විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර්
උපතජූලි 21, 1856(1856-07-21)
න්යුර්න්බර්ග්
විපතSeptember 2, 1943(1943-09-02) (වයස 87)
නොයිබිබර්ග්
කලත්‍රයා(යන්)
  • මාරි ප්ලොහ්මන් (වි. 1881; died 1910)
  • Magdalene Grobe (වි. 1917)

ජීවිතය සංස්කරණය

ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ න්යුර්න්බර්ග් හිදී ක්‍රිස්තියානි ලූතර නිකායේ පුජකවරයෙකු වූ ලියොනාඩ් ගයිගර් සහ එම්මා පෞර් යුවලගේ සිවුවැනි දරුවා ලෙස උපත ලැබීය. 1861 දී න්යුර්න්බර්ග් හි මිලෑන්ක්කොන් පාඨශාලාවෙන් අධ්‍යාපනය අරඹා 1873 දී අපරදිග භාෂා පිළිබඳව හැදෑරීමට එර්ලන්ගන් (Erlangen) සරසවියට ඇතුළත් විය.[1] 1876 දී දර්ශනවාදය පිළිබඳව ගරු සම්මාන සහිත ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය. 1878 එර්ලන්ගන් සරසවියේ දර්ශනවාදය පිලිබඳ ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලැබ දෙවරක්ම (1901-2 සහ 1912-3) එම සරසවියේ උපකුලපති ධූරයට පත්විය. 1881-04-09 දින මාරි ප්ලොහ්මන් (Marie Plochmann) සමග විවාහ විය. පුතුන් දෙදෙනෙක් සහ දූවරුන් තිදෙනෙකි. වැඩිමල් පුත් Hans Wilhelm Geiger (1882-1945) සුප්‍රකට ගයිගර් කවුන්ටරයේ (Geiger Counter) නිර්මාතෘවරයාය. දෙවැනි පුත් Rudolf Oscar Geiger (1894-1981) ක්ෂුද්‍ර දේශගුණික විද්‍යාවේ (microclimatology) නිර්මාතෘවරයෙකි. 1910 දී බිරිඳ මියයාමෙන් පසු 1917-04-12 දින Magdalene Grobe (1877-1960) සමග විවාහ වුවද එම විවාහයෙන් දරුවන් නොලැබීය. 1895, 1925 සහ 1931 දී වශයෙන් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙවන සහ තෙවන ලංකා ගමන් වලදී මග්දලේන් මහත්මියද සහභාගී වූ අතර ඇය ගයිගර් පඬිවරයාගේ සියලු ලේඛන කටයුතු වලට මාහැඟි දායකත්වයක් සැපයුවාය. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් 1943 සැප්. 02 දින ජර්මනියේ මියුනික්‌ අසල නොයිබිබර්ග් හිදී මිය ගියේය.

පොත පත සංස්කරණය

එළිදක්වන ලද විවිධ කෘති සියයකට අධිකය. ඉන් කිහිපයක් නම්,

  • මහාවංශය සහ සිංහලයේ ඓතිහාසික දියුණුව (1905 පිටු 146 යි)
  • මහාවංශය ඉංග්‍රීසි පරිවර්තනය (1908 පිටු 368 යි)
  • සිංහලයේ මහාවංශ කතාව හෙවත් මහාවංශය (1912 පිටු 300 යි)
  • රසවාහිනී පරිවර්තනය (1918 පිටු 74 යි)
  • සංයුක්ත නිකාය (1925 පිටු 294 යි)
  • චුලවංශය ජර්මන් පරිවර්තනය 1-2 (1925-1927 පිටු 658 යි)
  • චුලවංශය ඉංග්‍රීසි පරිවර්තනය 1-2 (1929-1930 පිටු 727 යි)
  • සිංහල භාෂා ශබ්දකෝෂය (1930 පිටු 170 යි)
  • සිංහල භාෂා ව්‍යාකරණ (1938 පිටු 200 යි)
  • සිංහල භාෂා නෛරුක්තික විශ්වකෝෂය (1941 පිටු 196 යි)
  • Ceylon Tagebuchbleatter und Reiseerinnerungen (1898, සිංහල පරිවර්තනය - "ගයිගර් දුටු ලංකාව" සුදන්තක පී විජේතුංග 2003)
  • Unter Tropische Sonne (1930)

මෙතුමාගෙන් ශ්‍රී ලංකාවට සිදු වූ විශේෂ සේවාවන් කිහිපයක් සංස්කරණය

ලෝක භාෂා වර්ගීකරණයේදී සිංහල භාෂාවේ ‍‌ආර්යය අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරමින්, සිංහල භාෂාව ද්‍රවිඩ භාෂා මූලයකින් පැවතෙන්නක්ය යනුවෙන් බටහිර රටවල තිබූ සැකසංකා දුරු කළේ මෙතුමාය. එය එසේ නොවිනිනම් පසුගිය ඊලාම් අරගලයේදී භාෂාව සම්බන්ධයෙන්ද සිංහලයන් යටපත් කිරීම සඳහා උත්සාහයන් සිදුවිය හැකිව තිබුණි. ජිවිතයේ අවසන් කාලය සම්පුර්ණයෙන්ම සිංහල ශබ්දකෝෂය වෙනුවෙන්ම කැප කළේය. මහාවංශය ජර්මන් බසට සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිංහල ඉතිහාසය ලොවට ගෙන ගියේය. ජාත්‍යන්තර වශයෙන් සිංහලයාට සහ සිංහල රටට මෙතුමා තරම් සේවයක් කළ වෙනත් කිසිදු විදේශිකයෙක් නොමැත. 1989 දී මෙතුමා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දරයක් එළිදක්වන ලදී.

සටහන් සංස්කරණය

  1. Gilman, D. C.; Peck, H. T.; Colby, F. M., eds (1905). "Geiger, Wilhelm". New International Encyclopedia (1st ed.). New York: Dodd, Mead. 

වැඩිදුර තොරතුරු සංස්කරණය

  • Bechert, Heinz (1977). Wilhelm Geiger: His Life and Works. Colombo.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  • Heinz Bechert (1964) (in de), Geiger, Wilhelm, 6, Berlin: Duncker & Humblot, pp. 142–143, https://daten.digitale-sammlungen.de/0001/bsb00016322/images/index.html?seite=156 ; (full text online)
  • සුදන්තක පී. විජේතුංග, "ගයිගර් දුටු ලංකාව" (2003) ISBN 9559844806 "Ceylon Tagebuchblaetter und Reiseerinnerungen" (1898) - පොතෙහි සිංහල පරිවර්තනය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විල්හෙල්ම්_ගයිගර්&oldid=503991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි