පාලි භාෂාවේ හා සංස්කෘති භාෂාවෙන් විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. බෞද්ධ භික්ෂු ශාසනයේ හෙවත් සංඝයා වහන්සේලාගේ පාලන රාමුව අඩංගු වන්නේ විනය පිට‍කයේය. බුදුරජාණන් වහන්සේගේ දේශනා ධර්මය හා විනය ලෙස කොටස් 02 කට බෙදිය හැකි අතර බුදුදහමට යෙදෙන තවත් නමක් වනුයේ ධර්ම විනයයි.

විනයේ ප්‍රධාන අංගය වන්නේ පටිමොක්ඛ (පාලි) හෙවත් ප්‍රාතිමෝක්ෂයයි. විනය නීති භික්ෂුන්වහන්සේලා කට පාඩමින් පරපුරෙන් පරපුරට ‍පත්වා ගෙන එන ලදී. කල්යාමේදී භූගෝලීය, සංස්කෘතික හා විවිධ සම්ප්‍රදයන්ගේ වෙනස්කම් අනුව විනය නීතිද විවිධ වේ. නමුත් විනය නීතිවල සංයුතිය සමාන වන අතර කුඩා වෙනස්කම් පමණක් දැකිය හැක. බුරුමය, කාම්බෝජය, ලාඕස්, ශ්‍රී ලංකාව හා තායිලන්තවාසි බෞද්ධ භික්ෂුන් ථේරවාදී විනය අනුගමනය කරන අතර භික්ෂුන් වහන්සේලාට නීති 227 ද, භික්ෂුනීන් වහන්සේලාට නීති 311 ද එහි අඩංගුය. (භික්ෂුනී ශාසනය සියවස් ගණනාවකට පෙර පරිහානියට පත් වු අතර වර්තමානයේද චීන සම්ප්‍රදාවට අනුව එය නැවත පිහිටුවීම මත‍භේදයට තුඩු දෙන්නකි) චීන, ජපාන, කොරියානු හා වියට්නාම භික්ෂුන් වහන්සේලා අනුගමනය කරන ධර්ම ගුප්තක විනයේ භික්ෂුන් වහන්සේලාට නීති 250 ද භික්ෂුනීන් වහනසේලාට නීති 348 ද පවතී. ටිබෙට් හා මොං‍ගෝලියානු මුලා සර්වාතිවාද විනයට අනුව භික්ෂුන් වහන්සේලාට නීති 253 ද, භික්ෂුනීන් වහන්සේලාට නීති 364 ද පවති (ඓතිහාසිකව ටිබෙටයේ භික්ෂුනී ශාසනයක් කිසිම දිනෙක නොපැවති අතර දලයි ලාමාතුමා විසින් නොබෝදා ඇති කරන ලදී) මෙම ප්‍රාතිමෝක්ෂ නීතිවලට අමතරව තවත් විනය නීති පවතී.

මෙම විනය නීති පැහැදිලි කිරිමට ලියවුනු ග්‍රන්ථ පවතී. මෙම ග්‍රන්ථවලින් මෙම විනය නීතිවල ආරම්භය පැහැදිලි කරන අතර විවිධ විනය නීති උල්ලංඝනය වීම් නිසා ගන්නා ලද ක්‍රියාමාර්ග ග්‍රන්ථවල සඳහන් වේ. සමහර කොටස්වලින් මෙම විනය නීති යොදාගත යුත්තේ කෙසේද, විනය කඩ කිරීම් සඳහා ගතයුතු පියවර හා සංඝයා අතර ඇතිවන මතවාද පාලනය කළ යුතු අන්දම සඳහන් වේ.

ආරම්භයේදි බුදු සසුනේ විනය නීති නොවු අතර බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයෝ සාමදානයෙන් වාසය කළහ. බොහෝ අවස්ථාවල උන්වහන්සේලා තනිව සංචාරය කරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිතර වු අතර වස් කාලයේදී පමණක් ඔවුන් එක් ස්ථානයකට‍ රැස්විය. සංඝ සමාජය විශාල වීමත් සමඟ මාර්ගඵල ලබානොගත් භික්ෂුන් වහන්සේලා හික්මවීමට නීති අවශ්‍ය විය.

ආරම්භයේදී එම නීති නම්‍යශීලි හා අවස්ථාවට උචිත ලෙස හැඩගැසිය හැකි පරිදි විය. බුදුරජාණන්වන්සේගේ පරිනිර්වාණ සමය වන විට භික්ෂුන් වහන්සේලාට වෙන්වු වෙනම නීති පද්ධතියක් විය. මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් වන අන්දමට කුඩා විනය නීති ලිහිල් කලහැකි වුවද, ප්‍රධාන නීති සියල්ලෝම පිළිපැදිය යුතුය. නමුත් කුඩා හා ප්‍රධාන විනය නීති වෙන්කර හඳුනාගැනිමට අපහසු වු නිසා මුළු විනය පද්ධතියම ‍පවත්වාගෙන යාමට තීරණය කරන ලදී. බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව පැවති ප්‍රථම ධර්ම සංඝායනාවේදී ආනන්ද තෙරුන් ධර්ම කරුණු අති විශාල ප්‍රමාණයක් මතකයෙන් පැවසු අතර උපාලි තෙරුන් විනය නීති දේශනා කළේය.


== සටහන් =සෙක්‍ය 72 මොකක්ද =

Good

Vinaya


"https://si.wikipedia.org/w/index.php?title=විනය_(බුද්ධාගම)&oldid=698620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි