සිවලෝගනාදන් විද්‍යා (1996 නොවැම්බර් 25 - 2015 මැයි 13) යනු 2015 මැයි මාසයේදී උතුරු ශ්‍රී ලංකාවේ පුංගුඩුතිව් දූපතේදී සමූහ දූෂණයට ලක් කර ඝාතනය කරන ලද 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ පාසල් සිසුවියකි.[1][2][3]

විද්‍යා ගේ ඝාතනය
2015 මැයි 13 දින ඝාතනයට ලක් විය
සම්පූර්ණ නමශිවයෝගානන්දන් විද්‍යා
ජාතියශ්‍රී ලාංකික
වයසඅවුරුදු 18
ඝාතනට හේතුවදූෂණය කිරීම සහ සාක්ෂි වසන් කිරීමට
ඝාතනට ලක්වූ ස්ථානයපුන්කුඩතිව් දූපතේ ආලඩි වල්ලව පාරේ ස්ථානයක
ඝාතනට ලක්වූ අකාරයඅමානුෂික අන්දමේ වදහිංසා වලින්
සැකකරු(වන්)
  • පූබාලසිංහම් ජෙයකුමාර්
  • පූබාලසිංහම් තවකුමාර්
  • මහාලිංගම් ශසිදරන්
  • තිලේනාදන් චන්ද්‍රහාසන්
  • ශිවදේවන් දුෂාන්ත්
  • ජෙයදරන් කෝකිලන්
  • මහාලිංගම් ශසිකුමාර් හෙවත් ස්විස් කුමාර්,
ලැබුණු දඩුවමවසර 30ක සිරදඩුවමක් සහ මරණ දඩුවම
තීන්දුව ලබාදුන් අධිකරණයවව්නියාව මහාධිකරණය

පසුබිම සංස්කරණය

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1990 දී පුංගුඩුතිව් ප්‍රදේශයෙන් විද්‍යාගේ පවුල අවතැන් වූ අතර පසුව වන්නි කලාපයේ මාන්කුලම් අසල මල්ලාවි ප්‍රදේශයේ පදිංචි විය.[4][5] විද්‍යා උපත ලැබුවේ 1996 නොවැම්බර් 25 දින මාන්කුලම් රජයේ රෝහලේදීය. ඇය 6 ශ්‍රේණිය දක්වා නල්ලරු විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය.

2009 සිවිල් යුද්ධයේ අවසන් මාසවලදී විද්‍යා කොළඹ අධ්‍යාපනය ලබමින් සිටි නමුත් තවමත් වන්නියේ සිටි ඇගේ පවුලේ අය සටනට මැදි වී මැණික් ෆාම් කඳවුරුවල නතර විය. විද්‍යා සහ ඇගේ පවුලේ අය 2010 දී පුංගුඩුතිව් හි ඔවුන්ගේ උපන් ගමට පදිංචියට ගියහ. විද්‍යා පුංගුඩුතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ශිෂ්‍යාවකි.

පුංගුඩුතිව් ඇතුළු යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ දූපත් 1990 සිට ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ පැවතිණි. මෙම කාලය තුළ දුපත් තුල ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිද්ධීන් රැසකට ප්‍රසිද්ධියට පත් වූ අතර, ඒවායින් බොහොමයක් නාවික හමුදාවට හා රජය විසින් සහය දක්වන ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට චෝදනා කරන ලදී. ඉහළ පෙළේ සිද්ධීන් අතර සාරතාම්බල් දූෂණය/ඝාතනය (1999), ඉලයතම්බි තර්සිනී දූෂණය/ඝාතනය (2005) සහ අල්ලයිපිඩ්ඩි සමූලඝාතනය (2006) ඇතුළත් විය.

සිද්ධිය සංස්කරණය

විද්‍යා සාමාන්‍යයෙන් තම නිවසේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පාසලට ගියේ ඒ අසල ජීවත් වූ තවත් ගැහැනු ළමුන් දෙදෙනකු සමඟ බයිසිකලයෙන්ය. කෙසේ වෙතත්, 2015 මැයි 13 වන දින උදෑසන මෙම දැරියන් දෙදෙනා අසනීප වූ අතර, එසේ නොමැති නම්, ඇයව යතුරුපැදියෙන් පාසලට රැගෙන යන විද්‍යාගේ සොහොයුරා වන නිශාන්තන් ද පිටතට ගොස් තිබුනි. විද්‍යා පෙ.ව. 7.25 ට පාපැදියෙන් තනිවම පාසලට පිටත් විය.

පාසල හවස 2.00ට අවසන් වන අතර සාමාන්‍යයෙන් විද්‍යා සවස 3.00 වන විට නිවසට පැමිණේ. ඇය පාසල නිමවී නිවසට නොපැමිණීම නිසා ඇයගේ මව වූ සරස්වතී සහ සොයුරු නිශාන්තන් ඇයගේ පාසලට ගිය අතර එහිදී ඇය එදින පාසල් නොපැමිණි බව දන්වා ඇත. පාසල අසල කඩයක් පවත්වාගෙන යන පවුලේ ඥාතියෙකුද ඔවුන්ට පැවසුවේ තමා එදින ඇයව නොදුටු බවයි. සවස 6.00 ට විද්‍යාගේ පවුලේ අය ඇය අතුරුදන් වූ බව පැවසීමට පුංගුඩුතිව් කුරිකට්ටාවන් පොලිස් මුරපොළට ගිය නමුත් නිශාන්තන් සහ ප්‍රදේශවාසීන් පවසන පරිදි පොලිසිය උනන්දු නොවීය. ඇය පෙම්වතෙකු සමඟ පැන ගිය බවට විදහා දක්වමින් විද්‍යා ගැන නොයෙක් පහත් ප්‍රකාශ සිදු කල බවද පැවසීය. සවස 6.30 ට පවුලේ අය විද්‍යාගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් කිරීමට වේලනතිව් කයිට්ස් පොලිසියට ගිය නමුත් කාන්තා පොලිස් නිලධාරිනියක් ඔවුන්ගේ පැමිණිල්ල භාර ගත්තේ රාත්‍රී 9.00 ට පසුවය.

පවුලේ අය ආපසු නිවසට පැමිණි නමුත් පොලිසිය විද්‍යා සොයා නොගිය නිසා ඔවුන් අනෙක් ගම්වැසියන් සමඟ එක්ව ඇයව සෙවීමට පටන් ගත්හ. ගම්වාසීන් උදේ 5.00 ට නැවත සෙවීම ආරම්භ කළහ. නිශාන්තන් ඇතුළු පිරිසක් සහ පවුලේ සුනඛයන් දෙදෙනා විද්‍යාගේ නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි හුදකලා මාර්ගයක් ඔස්සේ සොයමින් සිටියදී බල්ලන් බුරන්නට පටන් ගත්හ. විද්‍යාගේ බයිසිකලය බිම වැටී තිබූ අතර එක් බල්ලෙකුට ඇගේ සපත්තුව හමු විය. නිශාන්තන් විද්‍යාගේ සිරුර අබලන් ගොඩනැගිල්ලක හුදකලා ස්ථානයක තිබී සොයා ගන්නා ලදී. ඇය යන්තම් ඇඳුම් ඇඳ සිටි අතර, ඇගේ දෑත් ඇගේ පාසල් ටයි පටියෙන් පිටුපසට බැඳ, ඇගේ මුඛය රෙදි කැබැල්ලකින් වසා දමා ඇගේ කකුල් දෙක වෙන් කර වෙනම ගස් දෙකකට බැඳ තිබුණි. ඇගේ පාසල් බෑගයද සිරුර අසල විය. නිශාන්තන් පෙරවරු 7.00 ට පමණ කයිට්ස් පොලිසියට කතා කළ නමුත් ඔවුන් පැමිණීමට අපොහොසත් වීම නිසා 119 හදිසි දුරකථන අංකය භාවිත කර කොළඹ හරහා පොලිසිය සම්බන්ධ කර ගැනීමට[4] නිශාන්තන් උත්සාහ දැරීය. අවසානයේදී පොලිසිය එම ස්ථානයට පැමිණියේ පෙරවරු 11.00ටය.

2015 මැයි 15 වන දින මානාක්කාඩු සුසාන භූමියේදී සිදු වූ විද්‍යාගේ අවමංගල්‍ය උත්සවයට ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු සිය ගණනක පිරිසක් සහභාගී වී සිටියහ. ඇයගේ පවුලේ සාමාජිකයින් ඥාතීන් සිටින වව්නියාවට පදිංචියට යාමට තීරණ කෙරිනි.

පරීක්ෂණ සංස්කරණය

2015 මැයි 15 වන දින තිස් සහ හතළිස් හැවිරිදි සහෝදරයන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදී. පෙනෙන විදිහට ඔවුන් විද්‍යාගේ පවුලේ අය සමඟ දිගුකාලීන ආරවුලක සිට ඇත. පොලිසියට අනුව 2015 මැයි 13 වන දින උදෑසන පාසලට ගිය විද්‍යා ඔවුන් විසින් පැහැරගෙන ගොස් ඇත.[5]

2015 මැයි 17 දින පූරික්කට්ටුවාන්හිදී කොළඹ තරුණයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් 2015 මැයි 13 දින කොළඹ සිට පුංගුඩුතිව් වෙත ගොස් ඇති නමුත් පසුව නැවත කොළඹට පැමිණ ඇති අතර විද්‍යාගේ අවමංගල්‍ය කටයුතු සඳහා නැවත පුංගුඩුතිව් වෙත පැමිණ තිබේ. අවමංගල්‍ය උත්සවයෙන් පසු ඔවුන් නැවත කොළඹට පැමිණීමට උත්සාහ කළ නමුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.[6]

9 වැනි සැකකරු වන මහාලිංගම් සසිකුමාර් නොහොත් ස්විස් කුමාර් පුංගුඩුතිව් ගම්වාසීන් විසින් අල්ලා ගන්නා ලදී.[7] ඔහු යාපනය රෝහලට ඇතුළත් කළ නමුත් ස්විට්සර්ලන්තයට පලා යාමේ අරමුණින්ම කොළඹට පැන යාමට සමත් විය. කෙසේ වෙතත්, ඔහු 2015 මැයි 18 වන දින කොළඹ වැල්ලවත්තේ ආගන්තුක නිවස්නයකදී අත්අඩංගුවට ගන්නා ලදී. රජයේ ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති වී.ටී.තමිල්මාරන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ සසිකුමාර් නැමැත්තාට යාපනයෙන් පලා යාමට ඉඩ සැලැස්වී යැයි පවසමිනි. දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. සසිකුමාර් සමූහ දූෂණය රූගත කළ බවට චෝදනා එල්ල වී ඇත.

විමර්ශනයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පසුව ස්ථාන මාරුවීම් ලබා දෙන ලදී. පොලිස් පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී.

විරෝධතා සංස්කරණය

මෙම ඝාතනය රට පුරා, විශේෂයෙන්ම උතුරු ශ්‍රී ලංකාවේ පුලුල්ව පැතිරුනු පෙලපාලි ඇති කළේය. 2015 මැයි 14 දින පුංගුඩුතිව්හි පාසල් සිසුන් විරෝධතා පැවැත්වීය. දිවයිනේ ප්‍රදේශවාසීහු දැව කඳන් සහ ටයර් වලින් මාර්ග අවහිර කළහ. කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය විශ්ව විද්‍යාලයේ ද විරෝධතා පැවැත්විණි.

සැකකරුවන්ගෙන් 8 දෙනෙකු 2015 මැයි 20 වන දින යාපනය අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී විරෝධතාකරුවන් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර උසාවියට ​​ගල් ප්‍රහාර එල්ල විය. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීමට පොලිසියට සිදුවිය. විරෝධතාකරුවන් 127 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතනයට විරෝධය පාමින් 2015 මැයි 20/21 දින උතුරු පළාතේ හර්තාලයක් පවත්වන ලදී. උතුරු පළාත පුරා කඩසාප්පු, ව්‍යාපාර, පුද්ගලික ප්‍රවාහනය සහ රජයේ කාර්යාල පවා වසා දමන ලදී. 2015 මැයි 23 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය යාපනය නගර සීමාව තුළ විරෝධතා පැවැත්වීම තහනම් කළේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "Outrage in Sri Lanka over teenager's rape and murder". BBC News. 20 May 2015.
  2. Balachandran, P. K. (22 May 2015). "Post-War Systemic Breakdown Blamed For Jaffna Rape and Mayhem". The New Indian Express. 13 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2022.
  3. "Gang-rape prompts protests in Sri Lanka's north". Al Jazeera. 20 May 2015.
  4. "මගේ දරුවා මට නැතිවුණා, ඒත් සාධාරණය ඉටුවුණා". silumina.lk. සම්ප්‍රවේශය 10th November 2022. {{cite web}}: Check date values in: |access-date= (help)
  5. "මගේ දරුවා මට නැතිවුණා, ඒත් සාධාරණය ඉටුවුණා". silumina.lk. සම්ප්‍රවේශය 10th November 2022. {{cite web}}: Check date values in: |access-date= (help)
  6. "මගේ දරුවා මට නැතිවුණා, ඒත් සාධාරණය ඉටුවුණා". silumina.lk. සම්ප්‍රවේශය 10th November 2022. {{cite web}}: Check date values in: |access-date= (help)
  7. "මගේ දරුවා මට නැතිවුණා, ඒත් සාධාරණය ඉටුවුණා". silumina.lk. සම්ප්‍රවේශය 10th November 2022. {{cite web}}: Check date values in: |access-date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යා_ඝාතනය&oldid=625438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි