විද්‍යාත්මක පරිගණනය

(විද්යාත්මක පරිගණනය වෙතින් යළි-යොමු කරන ලදි)

විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්‍රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.

  • පියවර ක්‍රම‍වේද (Algorithms)
  • පරිගණක විද්‍යාව (Computer Science)
  • පරිගණන යටිතල (Computing Infrastructure)

මෙම ක්ෂේත්‍රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.

යෙදවුම් සංස්කරණය

සංඛ්‍යාත්මක අනුරූපන (Numerical Simulation) සංස්කරණය

සංඛ්‍යාත්මක අනුරූපනයේ අරමුණු අනුරූපනය වන සිදුවීම මත රඳා පවතී.

  • සිදුවීම් ප්‍රතිසංස්කරණය කිරීම (භූමිකම්පා, සුනාමි, සහා වෙනත් ස්වභාවික විපත්)
  • සිදුවීම් පිළිබඳ අනාවැකි තනීම. (කාලගුණය, )

ආකෘති අනුසීහුම සහ දත්ත විශ්ලේෂණය (Model Fitting and Data Analysis) සංස්කරණය

  • නියමිත සීමා වලට අනුව, නිරීක්ෂණ දත්ත වලට එකඟ වෙන ලෙස, නියමිත සමීකරණ විසඳවා ආකෘති නිසි ලෙස සකස් කිරීම.
  • ප්‍රස්තාර මත (Graph Theory) යොදා ගනිමින් ජාල විශ්ලේෂණය කිරීම.

පරිගණන ප්‍රශස්තිකරණය (Computational Optimization) සංස්කරණය

  • යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning)

ජර්නල සංස්කරණය

පරිගණක විද්‍යාවට අදාළ ජර්නල වලට අමතරව විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජර්නල ස්වල්පයක් මහජන ප්‍රයෝජනය සඳහා ප්‍රකාශිතව අත.

අධ්‍ය්‍යාපනය සංස්කරණය

විද්‍යාත්මක පරිගණනය සාමාන්‍යයෙන් උගන්වන්නෙ පරිගණක විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, ගණිතය, ඉංජීනේරු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට සබැඳිවය.

"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යාත්මක_පරිගණනය&oldid=363996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි