විජිතපුර

උතුරු මැද පළාතේ පිහිටි නගරය

විජිත නගර හෝ විජිතගාම ලෙසින්ද හැඳින්වෙන, විජිතපුර (ඉංග්‍රීසි:Vijithapura ) යනු, පුරාතන ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටු–නගරයක් විය. මෙම රටෙහි පළමු පාලකයා ලෙසින් ලේඛතගතව ඇති විජය රජ, ඉන්දියාවේ සිට මෙහි සම්ප්‍රාප්ත වූ විට, ඔහු සමග අනුගාමිකයන් මහත් පිරිවරක් මෙහි ගෙන එන ලදි. රට පුරා පැතිර ගිය මෙම අනුගාමිකයෝ, ජනාවාස පිහිටුවා ගත්හ. ඔහුගේ එක් ප්‍රධාන අනුගාමිකයෙක් වූ විජිත විසින්, විජිත නගර හෝ විජිතගාම ලෙසින් හැඳින්වුනු ජනාවාසය පිහිටුවා ගන්නා ලදි.[1]

ඔවුන්ගේ කඩු මුවහත් කිරීම සඳහා දුටුගැමුණු රජුගේ සොල්දාදුවන් විසින් භාවිතා කල බවට අනුමාන කෙරෙන පාෂාණය


ආශ්‍රිත සංස්කරණය

  1. Siriweera, W. I. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. pp. 18, 19, 97, 107. ISBN 955-551-257-4.

ඛණ්ඩාංක: 8°02′N 80°32′E / 8.033°N 80.533°E / 8.033; 80.533

"https://si.wikipedia.org/w/index.php?title=විජිතපුර&oldid=326578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි