විච්ජේදක වෛද්‍යවේදී විශේෂඥ වෛද්‍ය විද්‍යාවේ කොටසකි. මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් පටක, සිරුරු කොටස් (මරණ පරීක්ෂණ) දළ අන්වීක්ෂ අනුක ලෙස පරීක්ෂා කර රෝගය හදුන්වා ගන්නා අධ්‍යනයකි. ව්ච්ජේදක වෛද්‍යවරයෙකු වීමට වෛද්‍ය විද්‍යාල ඉගැනුම සම්පුර්ණ කර යෝජිත නේවාසික වැඩසටහන සම්පුර්ණ කර සහතික ලැබිය යුතුය. ඇමෙරිකාවේදී නම් ඇමෙරිකානු වෛද්‍ය වේදීන් මණ්ඩලය මගින් සහතික කරයි.
වෛද්‍යවේදය අනෙක් ප්‍රධාන ශාඛාව වන්නේ ඉහත කියු පරිදි ශායනික වෛද්‍යවේදයයි. ජීව තරල රසායනාගාර විශ්ලේෂණය මගින් රෝගය හදුනාගනී. වෛද්‍යවේදීන් බොහෝ දුරට විච්ජේදක හා ශායනික යන කොටස් දෙකම ඉගෙන ගනී. එය සාමාන්‍ය වෛද්‍යවේදය නම් වේ. සත්ත්ව වෛද්‍යවේදය තුළින් මෙලෙසම වේ.